සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ රෙෂ්මා රූගත කිරීමක සිටින අතරතුරේ අභිමන් සහ අමායා පාර්ක් එකේ බයිසිකල් පදිමින් ඉන්නවා අහම්බයෙන් මෙන් රෙෂ්මා දකිනවා.ඉන්පසු ඇය ඒ දෙස බලා සිටිමින් අභිමන් සමඟින් එසේ බයිසිකල් පදිමින් ගියේ කවුරුන්ද කියා තනිව කල්පනා කරමින් සිටිනවා. එත් සමඟම අභිමනුත් අමායාත් එම පාර්ක් එකේ තිබුණු බංකුවකින් වාඩි වෙමින් කතා කරමින් ඉන්න අතරතුරේදී කුරුළු සමඟින් අදිත්‍යද එතැනට පැමිණෙනවා. ඒ වෙලාවේ අභිමන්ව දකින අදිත්‍ය කුරුළුට අභිමන් ඉන්නවා පෙනෙන සේම ඇයට ඒ අසළින් ඉඳගන්නට කියමින් අභිමන් අමායා සමඟින් එකට සිටිනවා දකින්නට ඉඩ දෙනවා.ඔය වේලාවේ අදිත්‍ය සමඟින් කුරුළු කතා කරමින් සිටින වේලාවේ ඇය එකපාරටම අභිමන්ව දැක කලබල වී කල්පනා කරමින් ඉන්නවාත් සමඟම අභිමනුත් කුරුළු අදිත්‍ය සමඟින් අතින් අල්ලාගෙන කතා කරමින් ඉන්නවා දකිනවා.මේ වෙලාවේ දෙන්නට දෙන්නා ඔවුන් දෙස බලමින් මෙතරම් ඉක්මනින් තවත් කෙනෙකුට ලංවුයේ කෙසේද කියා කල්පනා කරනවා.

මේ වෙලාවේ දුටු දෙයින් වේදනාවට පත්ව සිටින කුරුළු නිවසට පැමිණ කාමරයට වී හඩමින් සිටි අවස්තාවේ ඇගේ වෙනස දැක ඇය පසුපසින්ම දිව එන සුභද්‍රා, ඇය මෙලස අවුලෙන් සිටින්නේ කුමක් හෝ ප්‍රශ්නයක්ද කියා විමසද්දී ඇයට ප්‍රශ්නයක් නැති බවත් ඇයට පාඩුවේ තනිව ඉන්නට දෙන්න කියාත් කුරුළු ඉල්ලා සිටිද්දි සුභද්‍රා තවත් දිගින් දිගටම ප්‍රශ්න අසද්දී කුරුළුට එය ඉවසා ගත නොහැකිව සුභද්‍රාට එතැනින් යන ලෙස කෑගසමින් ඉල්ලා සිටිනවා.ඉන්පසු සුභද්‍රා මේ ගැන මලින්ද සමගින් කතා කරමින් ඉද්දී රෙෂ්මා පැමිණ සිදුවු දේ ගැන විමසමින් ඉන්පසු කුරුළු ළඟට ගොස් ඇය මෙලෙස හඬන්නේ ඇයිද කියා විමසනවා.ඒ වෙලාවේ කුරුළු හඬමින් ඇය දුටු සියළු දේ ගැන රෙෂ්මා සමඟින් කියද්දී ඇයට එදින ෂුටින කරන අවස්ථාවේ අභිමන් වෙනත් කෙනෙකු සමඟින් බයිසිකල් පදිමින් යනවා ඇය අහම්බයෙන් දුටු බව රෙෂ්මා කියමින් ඇයටත් එය සිතා ගන්නට නොහැකි වුන බව රෙෂ්මා පවසනවා.ඉන්පසු එතැනට පැමිණෙන මලින්ද සහ සුභද්‍රාද සමඟින් රෙෂ්මා කුරුළු මෙලෙස දුකින් ඉන්නට හේතුව කුමක්ද යන්න පැහැදිලි කර දෙනවා.

ඔය අතරේ නිවසේ අයත් සමඟින් මලින්ද කැම ගනිමින් සිටින අතරේ නිවසට හදිසියේම මලින්ද ජිවත් වන බව දැන පැමිණෙන ඩිලාන්, විවිධ අපහාස කරමින් ඔවුන් මලින්ද මැරුණා කියා රෙෂිලාට මිනි මැරුම් චෝදනා කොට ඇයව හිරේ යැව්ව බවත් ඉන්පසු කුරුළු නාගයෙක්ව ඇය පසුපස එවා ඇයට දෂ්ඨ කොට මරා දැමුව බවත් කියමින් ඔවුන්ට බැන වදිනවා.ඉන්පසු මලින්ද ළඟට කිට්ටු වන ඩිලාන් ඔහු මෙතරම් කාලයක් හැංගී සිටියේ කෙහේද කියා විමසද්දී ඔවුන් එතරස් කාලයක් සිතාගෙන හිටියේ ඔහු මැරිලා කියා බවත් ඔහු ආව එක ඔවුන්ටත් තවම අදහා ගන්නට බැරි බවත් රෙෂ්මා පවසා සිටිනවා. ඒ වෙලාවේ ඔහු ජිවත් වනවා නම් රෙෂිලා වැරදිකාරයෙක් වෙලා මැරුණෙ ඇයිද කියා ඩිලාන් ප්‍රශ්න කරද්දී ඔහුගේ බිරිඳ මලින්ද කියා වෙන කෙනෙකුව හරි මැරුවා බවත් එය ඇය උසාවියේදී පිළිගත් බවත් රෙෂ්මා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *