සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.අක්ෂා ඇගේ අසනීප තත්ත්වය ගැන දැනගැනීමට වෙවද්‍යවරයා හමුවන්නට පැමිණෙනවා. එසේ පැමිණ වෛද්‍යවරයාගෙන් ඇගේ රිපෝර්ට්ස් වල තත්ත්වය කෙසේද කියා විමසනවා. ඒ අවස්ථවේ ඔහුට ඇයට බොරු කියන්නට බැරි බවත් ඇත්තම තත්තවය ඇයට කියන්නම් කියමින් ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇවිත් තිබෙන බවත් එසේ ගර්භාෂයේ හෝ බඩේ කොහේ හෝ තැනක ගෙඩියක් ආවහොත් එය කැන්සර් එකක් වීමේ අවදානම වැඩි බවත් එහෙයින් ඉක්මනින්ම ඔවුන් එය ඔපරේෂන් කල යුතු බවත් ඔහු පවසමින් එය කල පසු එම රිපොර්ට් එක මඟින් අයට තිබෙන්නේ කැන්සර් එකක්ද නැතිනම් වෙනත් කුමක් හෝ දෙයක්ද කියා කියන්නට හැකි බවත් පවසනවා.එත් සමඟම ඇයට බය වෙන්නට එපා කියාත් ඇයට දුන් බෙහෙත් ඒ ආකාරයෙන්ම දිගටම ලබා ගන්න කියාත් පවසනවා.ඉන්පසු අක්ෂා ඩොක්ටර්ට ස්තුතියි කරමින් ඇය ඔපරේෂන් එක කිරීමට සූදානම් වන්නම් කියා පිටව යනවා.

රදීෂ්ව මුණගැසෙන්නට එන අවන්ත, රදීෂ් සමඟින් කතා කරන්නට වැදගත් දෙයක් තිබෙන බව කියමින් එ ගැන වටින් පිටින් ඩිලාන්ට ආරංචි වුවහොත් එතන ප්‍රශ්නයක් ඇති වෙන බවත් කියමින් ඔහු මේ විදියට පිස්සෙක් වගේ බොන්නේ ඇයිද කියා විමසමින් ඔහුටත් එසේ සිටි කාලයක් තිබු බවත් රවී නැති වුන කාලයේ ඔහුද මේ විදියටම බිව්ව බවත් නමුත් බෝතලයෙන් ප්‍රහ්න වලට විසඳුම් සෙවීමට නොහැකි බවත් එය රදීෂ්ට ගැලපෙන දෙයක් නොවන බවත් අවන්ත පැහැදිලි කර දෙනවා. ඉන්පසු ඔහුට අවන්ත කියන දේ තේරෙන බවත් නමුත් ඔහු කරන්න ඕන කුමක්ද කියා හිතා ගන්නට බැරි බවත් ඒ ප්‍රශ්නය නිසා ඔහු සෑහෙන්න වැටිලා සිටින බවත් රදීෂ් පවසද්දී ලිහිණි ඔහුව දාලා ගිහින් නැති බවත් ඔහුට ඉවසන්නට බැරිම නම් ලිහිණිව හමුවන්නට යමු කියාත් අවන්ත පවසනවා.ඉන්පසු ඔහු නිකන් හරි මෙසේ බීබි නාස්ති වෙන බව රමණි හෝ ඔහුගේ අක්කා දැනගතහොත් තියන ප්‍රශ්න වලට අමතරමව තවත් ප්‍රශ්න ඇති වෙන බව අවන්ත කියද්දී එය අසා කේන්ති ගිය රදීෂ් ඔවුන් එයව දැනගත්දෙන් කියාත් මන්ද ඔවුන් නිසයි මේ සියළු ප්‍රශ්න ඇති වුනේ කියාත් රදීෂ් පවසා සිටිනවා.

අනුහස් අක්ෂාගේ අසනීප තත්ත්වය ගැන සිතමින් ඒ පිළිබඳ කල්පනා කරමින් සිටින අතරේ ආන්නද ඔහුගේ නිවසට පැමිණෙනවා.එ අවස්ථාවේ අනුහස් අක්ෂාගේ අසනීපය පිළිබඳ ආනන්ද සමඟින් සියළු දේ පවසනවා. ඒ අවස්ථාවේ ඔහු දොස්තරත් සමඟ ඒ ගැන කතා කලාද කියා ආනන්ද විමසමින් දොස්තර මේ පිළිබඳ පරීක්ෂණ දිගටම සිදු කරලාද කිවේ කියා විමසනවා.ඒ අවස්ථාවේ දෙතුන් වතාවක්ම ඔහු ගියද ඒ හැම අවස්ථාවකම කිවේ ටෙස්ට් කරන්න සහ රිපොට්ස් බලන්න ඕන කියා බවත් ඒ වගේම සෑහෙන්න කාලයක් එය ඇයගේ ඇඟෙ තිබි ඇති බවත් පවසනවා.මේ වෙලාවේ සංවේදී වි සිටින අනුහස්ගේ හිත හදන්නට උත්සහා කරන ආනන්ද ඔහුට එය වැඩිය හිතන්න එපා කියාත් ඔහු ඒ සම්බන්ධව සිටින විශේෂඥයෙක්ව සොයා ගන්නට උත්සහා කරන්නම් කියාත් ඔවුන් කෙසේ හෝ අක්ෂාව සනීප කරගමු කියාත් කියමින් ආනන්ද අනුහස්ගේ හිත හදනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *