සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.අක්ෂාගේ සැපදුක් විමසන්නට ඇයට දුරකථන ඇමතුමක් ලබා ගන්නා උදේනි, මේ වෙද්දී ඇගේ එක ඔපරේෂන් එකක් නම් දෙවියන්ගේ පිහිටෙන් ඉවර වුනානේ කියාත් සමාන්‍යයෙන් එසෙම් ඔපරේෂන් කිරිමෙන් පසු ටිකක් අසනීප වෙනවා නේද කියාත් ඇයට එසේ කිසිදු අමාරුකමක් නැහැ නේද කියාත් උදේනි අක්ෂාගෙන් අසද්දී ඇය දැන් නම් ලොකු සුවයක් දැනෙනා බවත් කියද්දී එසේ නම් එය කොතරම් සතුටක්ද කියාත් අනුහසුත් දැන් වෙනදා වගේ හොඳින් කතාබහ කර සතුටින් සිටිනවා දකිද්දී ඇයට දැනෙන්නේ පුදුම තරම් සතුටක් බවත් උදේනි පවසනවා. එ වේලාවේ ඇයටත් අනුහස් ගැන තිබෙන්නේ පුදුම සතුටක් බවත් ඇයත් මෙලෙස ඉක්මනින්ම සනීප වෙන්නට හේතුව අනුහස් වෙන්නට ඇති කියාත් අක්ෂා පවසා සිටිනවා.එත් සමඟස දැන් පහුගිය දේවල් ගැන කතා කලා ඇති කියාත් ඒ සිදු වුන දේවල් හැමදේම හොඳ විදියට දැන් වෙද්දී විසඳී තිබෙන බවත් ඒ නිසා ඒවා ගැන යළිත් කතා නොකර ඉමු කියාත් අක්ෂා උදේනිගෙන් ඉල්ලා සිටිනවා.

අනුහස් සමඟින් කතා කරන්නට පැමිණෙන උදේනි, ඔහු දැන් හිතාගෙන ඉන්නේ ඔහු හරි ලොකු මිනිහෙක් කියා නේද කියාත් එ නිසානේ ඇයට මෙසේ සලකන්නේ කියාත් අමුතුවට ඔහුට හින්ට් ගසමින් පවසද්දී ඇයට එකපාර මොකද වුනේ කියාත් කවුද ඇයට කේලමක් කිවේ කියාත් අනුහස් අසද්දී උදේනි අමුතවට සිනාසෙමින් කවුරුත් කේලම් කිවේ නැති බවත් ඉස්සර නම් පාසලේ මැච් එකක් තිබ්බාම විකට් එක්ක ගත්තොත් ඔහු දුවගෙන් ඇවිත් මුලින්ම සතුටින් කියන්නේ ඇයට බවත් පෙරේදා ඔහු මැච් එක්ක ගහලා විකට් පහක්ම අරගෙනලු නේද කියාත් ඇයට ඒ ගැන නොකිව්වේ ඇයිද කියාත් උදේනි අනුහස්ගෙන් විමස්ද්දී ඔහු උදේ ලඟට ලංවී දැන් ඔහු පොඩි කාලේ වගේ මැච් නෙවෙයි  ගහන්නේ කියාත් ළඟදීම දවසක ක්ලාබ් මැචස් ටික ගොඩ දාගෙන ඔහු ශ්‍රි ලංකා ටිම් එකට සෙල්ලම් කරද්දදී ඇයව ඔහු අරගෙන යන්නේ රෙඩ් කාපර්ට් දාලා බව අනුහස් කියද්දි ඔහුගේ කතාව අසා සිනාසෙන ඇය ඔහුගේ බොරු ආදරය නවත්තගන්න කියාත් ඇය ඔහු ගැන දැන් හොඳ හැටි දන්නා බවත් ඔහුට කෙල්ලෙක් හමු වුනා ඉනපසු ඒ කෙල්ලව ලොකු වුන බවත් ක්‍රිකට් ගහන්න ගියා දැන් එක ලොකු වෙලා කියාත් උදේනි දුකින් මෙන් ඔහු සමඟින් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *