සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ කුරුළු අදිත්‍ය සමඟින් රණ්ඩු වි ගේ ඇතුළට යනවාත් සමඟම ඔවුන්ගේ කතාව හොරෙන් අසාගෙන සිටි අනුලා ඇය ගිය පසු අදිත්‍ය ළඟට පැමිණ දුෂ්ටකම් කුහකකම්වලට බෙහෙත් නැති බවත් රෙෂ්මා සහ කුරුළු කියන දෙන්නම එකයි කියාත් කුරළුට මේ තැනට එන්නට ඔහු කොතරම් නම් උදව් කරලා තිබෙනවාද කියාත් ඒවා ඔවුන්ට කිසිදෙයක් මතක නැති බවත් ඇය වුනත් මේ ගෙදර මිනිස්සු වෙනුවෙන් කොතරම් දේවල් කලද ඒවා කිසිදෙයක් ඔවුන්ට මතකයේ නැති බවත් ඇය උදේ ඉඳන් රැ වන තුරුම හිඟන්නියක් වගේ මේ ගෙදර වැඩ කරන බවත් අනුලා බොරු ගොතමින් අදිත්‍යට පවසද්දී එය ඇත්ත බවත් හිටපු ගමන් මේ ගෙදර මිනිස්සුන්ගෙ වෙස් පෙරළෙන බවත් කියද්දී අදිත්‍ය කැමති නම් ඔහුට කුරුළුව හම්බෙන විදියට පොඩි වැඩක් කරන්නට පුළුවන් බවත් මෙතන හරහට ඉන්නේ අභිමන් කියාත් ඔහු තමයි කුරුළුගේ ඔළුවට විසබීජ දන්නේ කියාත් ඔවුන් අභිමන්ට කුරුළුව එපා වෙන විදියේ වැඩක කරමු කියාත් අදිත්‍යගේ ඔළුවට විසබීජ දමමින් ඇගේ හිතේ ඇති සැලසුම ගැන අදිත්‍යට පවසනවා.

මේ වේලාවේ ෂුටිං අතරතුර විරාමයේදී කම්මැලි කමෙන් කල් ගෙවන කුරුළු අභිමන්ට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් , ඔහු ඉන්නේ වැඩකද කියා අභිමන්ගෙන් අසද්දී ඔහුට කෙතරම් වැඩ තිබුණද ඇගෙක් ඇමතුමට ඔහු කාලය ලබා දෙනවනේ කියාත් කොහේ හිටියත් ඔහු ඇගේ ඇමතුම් වලට කතා කරන බවත් කියද්දී ඊට හේතුව කුමක්ද කියා කුරුළු ඔහුගෙන් විමසනවා. ඒ වේලාවේ ඒ කරන හැමදේටම හේතු තියෙන්න ඕනද කියාත් ඇය කොල් එක ගත්තේ ඇයිද කියා කිවේ නැහැනේ කියාත් ඇය මොකද කරන්නේ කියාත් කුරුළුගෙන් අසද්දී ඇයට හරිම කම්මැලි කියාත් සෙට් එකේ කතා කරන්නවත් කවුරුත් නැති බවත් ඉතිං එලෙස සිටින විට ඇයට ඔහුව මතක් වී මෙසේ ඇමතුමක් ලබා ගත් බවත් කුරුළු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *