සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.යළිත් අනුලා ඇගේ බඩු බහිරාදියද රැගෙන කුරුළුගේ නිවසට පැමිණෙද්දී ඇයව දකින රෙෂ්මා පුදුම වී මෙන් තරහින් ඇය කුමකටද යළිත් ඔවුන්ගේ නිවසට ආවේ කියා අනුලාගෙන් විමසද්දී ඇයට එම තැනෙහි ඉන්න බැ කියා සිතුන බවත් එහෙයින් ඇය මෙසේ පැමණි බවත් ගානකට නොගෙන මෙන් අනුලා පවසද්දී, රෙෂ්මා ඇය දෙස රවා බලමින් ඇයට එතැන ඉන්න බැරිද නැතිනම් එතැනිනුත් එලවලා දැමුවාද කියා ඇගෙන් අසද්දී මොන දෙයක් නිසා හෝ කමක් නැ ඇයට එහේ ඉන්නට බැරි බවත් ඇය ආවා කියා ඔවුන්ට ප්‍රශ්නයක් වෙනවාද කියාත් අනුලා අසද්දී ඇයට එසේ ඕන ඕන විදියට කුරුළු විතරක් මේ නිවසේ ඉන්නවා නම් ඉන්නට තිබුණු බවත් කියද්දී කුරුළු නෙමෙයි කවුරු එම නිවසේ සිටියත් ඇයට මේ නිවසේ සිටින්නට අයිතියක් තිබෙන බවත් කුරුළු ඉන්න තැනක සිට ඇයව බලා ගැනීමේ ලේ අයිතිය තිබෙන්නේ රෙෂ්මාට නොව ඇයට බවත් ඇය ඔවුන් සමඟින් සමඟියෙන් ඉන්නට සිතාගෙන නිවසට ආ විට ඇය ඇයිද හරහාටම කතා කරන්නේ කියා අනුලා අසා සිටිනවා.ඉන්පසු ඇයට වැඩ වරදින විට අයිතිවාසිකම් සහ ලේ උරුම මතක් වෙන බවත් නැතිනම් ඒ කිසිවක් මතක නැති බවත් රෙෂ්මා පවසා සිටිනවා.

මේ වේලාවේ අභිමන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක සඳහා කුරුළු තෝරාගෙන ඇති බවත් ඒ පිළිබඳ කතා කරන්නට ඔහු මෙසේ අමායාව හමුවන්නට ආ බවත් පවසද්දී දැන් ඒ ගැන කතා කරා කියා වැඩක් වෙන්නේ නැති බවත් මන්ද මේ වෙද්දී ඇය තෝරාගෙන ඉවරනේ කියා අමායා දැඩි ඇකමැත්තෙන් යුතුව අභිමන්ට පවසමින් දැන් තිබෙන්නේ කෙසේ හෝ අමාරුවෙන් හෝ නම්බුව බේරාගෙන  මෙය ඉදිරියට කරගෙන යන එක ගැන සිතන්න බව අමායා පවසා සිටිනවා.ඉන්පසු ඇගෙ කතාව අසා එහි අමුත්තක් දැනුන අභිමන් ඇය හැමවිටම සෘණාත්මක විදියට මෙය බාරගත් දිනයේ සිට කතා කරන්නේ ඇයිද කියාත් හොඳ විදියට හිතන්නට කියාත් අභිමන් පවසා සිටිනවා.එත් සමඟම ඇය තවමත් කියන්නේ ඔහු ගත් තීරණය වැරදි කියාද කියා අභිමන් ඇගෙන් අසද්දී ඇයට දැන්ම එය කියන්න කල් වැඩියි කියාත් නමුත් එතැන ලොකු ප්‍රශ්නයක් තිබෙන බව අමායා පවසා සිටිනවා.ඉන්පසු එය අසා කේන්ති ගිය අභිමන් එයට කමක් නැති බවත් ඔහු එහි වගකීම ගන්නා බවත් අභිමන් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *