සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ අගස්ති සහ සමාධිගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට නිලුව හමවුන්නට පැමිණෙන වසන්ත, පළමුව ඇගේ අලුත් විස්තර ගැන විමසමින් ඉන්පසු සමාධිලා මේ දා ගන්න අලුත් ප්‍රශ්න මොනවාද කියා අසද්දී ඇයත් ඒ ගැන සිතු බවත් මේ ප්‍රශ්නය නිසා සමාධි සහ ඊෂා හොඳටම අවුලින් සිටින්නේ කියාත් කියද්දී ඔවුන් අවුල් වෙන්නේ නැත්තම් තමයි පුදුම කියාත් මන්ද එකපාරටම මැරිච්ච තාත්තා කෙනෙකු මෙලෙස ආවම එසේ වෙන්නට එපැයිනේ කියා වසන්ත පවසනවා.ඉන්පසු දුණුසිංහ අංකල් තමයි වැඩේ අවුල් කරගෙන තිබෙන්නේ කියාත් දැන් මේක බොරුවක් කියා කියන්නත් බැරි බවත් එසේ වුවොත් එයින් දුණුසිංහ අංකල්ටයි ප්‍රශ්නය වෙන්නේ කියා නිලු පවසනවා. ඉන්පසු උප්පැන්න සහතිකේ ප්‍රශ්නය කෙසේ හෝ විසඳා ගත්තත් අගස්තිගේ ප්‍රශ්නයි විසඳා ගන්නට බැරි කියා වසන්ත පවසද්දී අගස්ති හදන්නේ මේක පිටින් දාලා ඔහු මේ ප්‍රශ්නෙන් ගැලවී යන්නට කියා නිලු පවසද්දී එසේ නැති බවත් මේ ප්‍රශ්නය නිසා අගස්තිද ටිකක් අවුලින් සිටින බවත් ඔවුන් මැදිහත් වී හෝ මේ ප්‍රශ්නය විසඳා ගන්නට උදව් කරමු කියා වසන්ත නිලුගෙන් ඉල්ලා සිටිනවා.

සමාධි සහ ඊෂා ඟගත් අසළට වී කතා කරමින් සිටිනවා අහම්බයෙන් මෙන් දකින අගස්ති ඔවුන් ළඟට පැමිණ ඔහුගේ අතේ තිබු කෝපි එක සමාධිට දිගු කරමින් එය බොන්න කියාත් ඇයට තවමත් සීතලද කියාත් විමසද්දී දැන් සිතල අඩු බව සමාධි පවසා සිටිනවා.ඉන්පසු මඳ වේලාවක් එසේ කතා කරමින් හිඳ එකපාරටම ඔහුට ඊෂාගේ තාත්තාව මුණගැසුණ බවත් ඔහු ලංකාවට ඇවිල්ලා නේද කියාත් ඊෂාගෙන් අසද්දී සමාධි සහ ඊෂා එකපාරටම ගැස්සෙමින් මුණට මුණ බලා ගනිමින් ඔහු ඇය මෙවැනි කතා කියන්නේ කියාත් ඊෂාගේ තාත්තා කවුරුන්ද කියා ඔහු හොඳින්ම දන්නවා නේද කියාත් ඔහුට එය පිළිගන්නට අකමැති නම් අඩුම තරමින් ඇගේ හිත රිදවන්නේ නැතිවවත් ඉන්න කියා සමාධි අගස්තිගෙන් ඉල්ලා සිටිද්දී ඔහු නෙමෙයි එසේ කියන්නේ කියාත් එය ඊෂාගේ උප්පැන්න සහතිකයෙත් තියනවානෙ කියාත් අගස්ති පවසද්දී ඔහු මෙය පිළිගන්නවා නම් පිළිගන්න කියාත් නැතිතම් ඇගේ මේ පිළිබඳ අහන්නේ නැතිවවත් සිටින්න කියාත් අගස්තිගෙන් සමාධි ඉල්ලා සිටිනවා.ඉනපසු මිනිහෙක් නිකන්ම උප්පැන්නයකට ඔහුගේ නම දමයිද කියා අසද්දී එය නිකන්ම දාපු එකක් නොවන බවත් එය ඩීල් එක්ක බවත් ඇගේ තාත්තා විසින් සිදු කල මෝඩ වැඩක් බවත් සමාධි ඇස් වල කඳුලු පුරවා ගනිමින් අගස්තිට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *