සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.සිර කරගෙන සිටි ටීෂාව නිදහස් කිරිමෙන් පසු ඇයව ආනන්ද හමුවන්නට ආ අවස්ථාවේ ඇය හොඳටම බය වි සිටි බවත් ඇය සිතුවේ ඔවුන් ඇය ඉවර කරයි කියා බවත් එසේ ඔවුන් ඇයට කදරදයක් කලා නම් ඇගේ පුංචි දරුවාට යන කල මොකද්ද කියාත් හඩා වැටෙමින් පවසද්දී ආනන්ද ඇගේ හිත හදමින් දැන් ඒ ප්‍රශ්නය ඉවරයි කියා සිතන්න කියාත් ඔවුන් ඇය මොනවාද කිවේ කියා හරිහැටි විස්තරාත්මකව ඔහුට කියන්න කියාත් ආනන්ද ඇගෙන් ඉල්ලා සිටිද්දී උන් කිසිම දෙයක් කිවේ නැති නමුත් ඔවුන්ට උවමනා වුයේ ඇයව බය කරන්නට බවත් එසෙ කර ඔවුන් හදන්නේ ආනන්දවද බය කරන්නට බවත් ටීෂා පවසනවා. එය එසේ වුවත් ඊට එහා ගිය කුමක් හෝ දෙයක් තිබෙන බවත් ඇයව එසේ පැහැර ගත්තා නම් අනිවාරයෙන් ඔවුන් එසේ කරන්නට ඕනේ ඔවුන්ට කුමක් හෝ තර්ජනයක් කරන්නට බවත් එසේ නැතිව නිකන් ඇයව මෙසේ නිදහස් කර එවන්නට හේතුවක් නැති බවත් ආනන්ද ශමේල් සමඟින් පවසනවා.

ලිහිණිව හමුවී රදීෂ් ගැන ඇය සමඟින් උදේනි කතා කිරිමෙන් පසු ඇය කමැති වනවා රදීෂ් සමඟින් යළිත් කතාබහ කර බලන්නට. ඉන්පසු එසේ ඇගේ කීමෙන් පසු යළිත් උදේනිව හමුවන්නට ලිහිණී ආ අවස්ථාවේ ඇය රදීෂ්ට කතා කලේ ඇය කී නිසාම නෙමෙයි නේද කියාත් එලෙස කලේ ඇගේ හිතේද ඔහුට කතා කරන්නට කැමැත්තක් තිබු නිසා නේද කියාත් විහිළුවෙන් මෙන් අසද්දී එය එසේ වුවද ඇය සිතාගෙන සිටියේ ඇය කොළඹට ආවද රදීෂ් සමඟින් කතා නොකර ඉන්නට  කියාත් නමුත් උදේනි කියු නිසා ඇය එකපාරක් ඔහු සමඟින් කතා කර බලන්නට ඕන කියා සිතු බවත් ලිහිණි පවසනවා. ඉන්පසු ඔවුන් දෙදෙනා අවුරුද්දක විතර කාලයක් තිස්සේ ආදරය කල අයනේ කියාත් මේ සම්බන්ධය ඔවුන්ට නවත්වන්නට වුනේ දෙමාව්පියන්ගේ අකමැත්ත නිසා බවත් නමුත් රදීෂ් සිතන්නේ මේ ප්‍රශ්නය කෙසේ හෝ විසඳාගන්නට පුළුවන් ප්‍රශ්නයක් කියා බවත් උදේනි පවසනවා. එත් සමඟම ඇය ඔහුව අත්හැරියද ඔහු තවමත් මේ දැන් වෙනකනුත් ඇය වෙනුවෙන් බලාගෙන ඉන්නවා නේද කියාත් ලිහිණීගෙන් විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *