සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ කුරුළු සහ අභිමන් එළියට ගොස් කෑම ගෙන ඉන්පසු යළිත් කුරුළුව ඇරලවන්නට නිවසට යන්නට සූදානම් වෙද්දී , ඒ අසළ සිටි පුද්ගලයන් දෙදෙනකු කුරුළු දැක ඇයට අනං මනං කියා විහිළු කර ඇයට අපහාස කරද්දී එය ඉවසා ගත නොහැකි වු අභිමන් කෝපයට පත් වී කුරුළු ඔවුන් සමඟින් රණ්ඩුවට යන්නට එපා කියද්දීත් අභිමන් ඔවුන් ළඟට ගොස් මිනිස්සුන්ට නම්බුව දී කතා කරන්න කියාත් පාරේ යන කෙල්ලන්ට එවැනි අනවශ්‍ය විහිළු කරන්නට එපා කියාත් සැරෙන් මෙන් පවසද්දී එතැනට දිව එන කුරුළු අභිමන්ව එතැනින් රැගෙන යන්නට උත්සහා කරද්දී එම පුද්ගලයන් දෙදෙනා ඔවුන්ට කියා අත පය කඩාගන්නේ නැතිව අභිමන්ව එතැනින් එක්කගෙන යන්න කියා බැන වදිද්දී ඔවුන්ගේ එම කතාවට තව තවත් කෝපයට පත් වු අභිමන් , ඉන් නොනැවතී අභිමන් ඔවුන්ට එකදිගටම පහරදීගෙන් යනවා. ඒ අවස්ථාවේද කුරුළු ඔහුව නවත්වන්නට හැදුවද එය ලේසි වුයේ නැහැ. ඉතිං මේ වේලාවේ කුරුළු නිවසට පැමිණ එදින සිදු වු ඒ සිදුවීම ගැන රෙෂ්මා සමඟින් කියද්දී මෙවැනි පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙන්නට ඕනේ නැති බවත් කොහොමත් නළු නිළියන්ට මිනිස්සු එක එක කතා කියනා බවත් කියමින් කුරුළුගේ හිත හදනවා…

මේ වේලාවේ කුරුළු නැති වෙලේ රෙෂ්මාව මුණගැසෙන්නට පැමිණෙන අදිත්‍ය, කුරුළුගේ විස්තර කතා කරමින් සිටින ගමන් ඔහු ඇයට අගේ ජිවිතේ සාර්ථක කරගන්නට කල යුතු දෑ ගැන පැහැදිලි කර දෙන විට ඇය ඒවා සියළු දේ ගන්නේ කනපිටට බවත් , ඔහු කිහිපවරක්ම ඇගේ ජිවිතේට දැන් හරියන ජිවන සහකරුව එකතු කරගෙන මේ ගමන දිගටම යන්න කියා කිවද ඒ හැම අවස්ථාවකදීම ඇය එය මඟහරිනා බවත් කියද්දී ඇය ඒ මඟහරිනවා නොවන බවත් ඇයට ඒ ගැන දැන්ම හිතන්නට ඕන නැතුව ඇති කියාත් ඇයට තව වයස තියනවානේ කියාත් රෙෂ්මා ගානකට නොගෙන පවසද්දී  එය එසේ වුවද ජිවිතේ දෙවල් කල්තියා සැලසුම් කර තිබිම වරදක් නොවන බවත් ඔහුට කියන්නට තිබෙන දේ ඔහු රෙෂ්මාට කෙලින්ම කියන්නම් කියමින් මේසය මත තිබු කුරුළුගෙ පින්තුරය ඔහුගේ අතට ගනිමින් ඔහු කුරුළු සමඟින් විවාහ වෙන්න කැමති බවත් ඔහු හිතන විදියට එම තීරණය කුරුළුගේ පැත්තෙනුත් වටින තීරණයක් වෙයි කියාත් අදිත්‍ය පවසනවා. ඉන්පසු එය අසා මඳ සිනාවකින් යුක්තව ඇයට ඒ බව මීට කලින් දැනුන බවත් නමුත් එය ඔහුගේ හිතේ විතරක් තියාගෙන ඉඳලා මදි කියාත් එය කුරුළුත් දැනගත යුතු බවත් රෙෂ්මා පවසමින් ඇය ඔහුට කැමති නම් ඇයට එය ප්‍රශ්නයක් නොවන බවද පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *