සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා. මේ වේලාවේ හදිසියේම කුරුළු අභිමන්ට ඇයව හමුවන්නට එන ලෙස දැනුම්දීමත් සමඟම ඇයව හමුවන්නට එන අභිමන් ඇය මෙසේ එන්නට කිවේ කුමක් හෝ හදිසියක් නිසා ද කියා කුරුළුගෙන් විමසද්දී එසේ විශේෂ හේතුවක් නැති බවත් ඇයට ලොකු කලකිරිමක් දැනෙනා බව කුරුළු දුකින් යුතුව පවසද්දී ඇයගේ හිතේ තිබෙන ප්‍රශ්නයට ඔශුට කියන්න කියාත් හිතේ තියාගෙන ඉන්නට එපා කියාත් ඔහු දිගින් දිගටම ඉල්ලීමත් සමඟම එදින අදිත්‍ය ඇගේ නිවසට ආ බවත් ඔහු ගොඩක් ලොකු කතා ටිකක් ඇයට කියුව බවත් ඒ අවස්ථාවේ ඒවා අසා ඇයට හොඳටම කේන්ති ගිය බවත් ඇය දන්නේම නැතිව ඇය අදිත්‍යට විකිණි ඇති බවත් ඔහු කියන්නේ ඇය ඔහුගේ ප්‍රඩක්ට් එකක් කියා බවත් කියද්දී එය අසා අභිමන්ට ඇය කියන්නේ කුමක්ද කියා නොතේරී ඇය කියනා දේ ඔහුට තෙරෙන්නේ නැති බවත් ඔහුට පැහැදිලිව අදිත්‍ය කියු දේවල් කියන්න කියාත් අභිමන් කියද්දී , ඔහු ඇගේ හිත හදමින් අදිත්‍ය කියනා දේවල් ගැන හිතන්නට එපා කියාත් ඔහු කොහොමත් එක විදියක් බවත් කියමින් මෙසේ කුරුළුගේ හිත හදන අත‍රතුරේ පුජා ඇගේ අම්මා සමඟින් වාහනයෙන් යමින් සිටියදී ඔවුන් දෙදෙනාව අහම්බයෙන් මෙන් දැක කලබලයට පත්වෙනවා.

ලොයිඩ්ව මුණගැසෙන්ට ඔහුගේ නිවසට පැමිණෙන ජනනාද, ඔහුට ප්‍රශ්න වල ඉවරයක් නැති බවත් එකක් ඉවර වෙද්දී තව ප්‍රශ්න එන බවත් කියද්දී පුජා ගැන වුනත් ඕනවාට වඩා හිතන්නට එපා කියාත් එසේ වුවහොත් ඔහු ලෙඩෙක් බවට පත්වෙයි කියාත් ලොයිඩ් පවසද්දී , ඔහුට තිබෙන ලොකුම ප්‍රශ්නය එය බවත් පුජා ඔහුගේ දරුවකු නොවුනද පුජා සමඟින් ඔහුට තිබෙන බැඳීම වැඩි බවත් ජනනාද කියද්දී ඔහු එය හොඳින්ම දන්නා නමුත් ඔවුන් මේ වේලාවේ ඇත්තට මුහුණ දිය යුතු බවත් පුජා මේ වෙද්දී සිටින්නේ ඇගේ තාත්තා සමගින් නම් ඔවුන් මෙසේ කලබල වෙන්නේ ඇයිද කියාත් ගැහැණු දරුවකු සිය තාත්තා සමඟින් ඉන්නවා කියන්නේ ඇයට කිසිම කරදරයක් වෙන්නේ නැති බව හැමොම දන්නා දෙයක් බවත් ලොයිඩ් පවසද්දී ඔහු ඒ කිසිවක් විශ්වාස කරන්නේ නැති බවත් ඔහුට ඕන කරන්නේ පුජා ඉන්නේ කොහෙද කියා දැනගන්නට බවත් ඉන්පසු නීතියෙන් කරන්නට පුළුවන් හැමදේම කර ඇය ඔහු ළගට ගන්නා බවත් ජනනාද පවසමින් ඔහුට වේලාවකට ඔහුගේ කම්පැනියේ ඇති සියළු ශෙයාර්ස් විකුණා දමා ඈත පළාතකට ගොස් ජිවත් වන්නට සිතෙන බවත් පවසා සිටිනවා.එත් සමඟම ජනනාදට සුරෙන්ද්‍රගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ අවස්ථාවේ ඔහු පුජාව දුටු බව ජනනාදට පවසනවාත් සමඟම කලබල වුන ඔහු, සුරෙන්ද්‍රට ඔවුන් පසුපසින්ම යන්නට කියාත් ඔහු ඉක්මනින්ම ඔවුන් සිටිනා තැනට එන්නම් කියමින් දුරකථනය තියා ජනනාද පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *