සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.අචිනිව රටින් පිටමන් කර යැවීමෙන් පසු ඒ බව දැනගෙන කෝපයෙන් යුතුව අචිනිගේ අම්මා සහ තාත්තාව මුණගැසෙන්නට එන විපුල, කිසිවක් නොකියාම ඔවුන්ගේ ඇඟට කඩා පනිමින් මහ හයියෙන් කෑගසමින් ඔවුන් මෙවැනි මිනිසුන් කියා කිසිදින ඔශු සිතුවේ නැති බවත් එකපාරටම ඔහු එසේ කේන්ති ගෙන ඉන්නේ ඇයිද කියා තේරුම් නොගිය දිල්ෂාන් ඔහු දෙස බලමින් කුමක් ද වෙලා තිබෙන්නේ කියා විපුලගෙන් අසනවා.ඒ අවස්ථාවේ ඔවුන් මිනිමරු ගෑනියෙක්ව විශාල්ට කසාද බන්දා දෙන්නට හැදු බවත් අචිනි විසින් විශාල්ට ඇසිඩ් ගසා මරන්නට උත්සහා කර තිබෙන බවත් කියද්දී සිදු වු දේ ඇත්ත නැත්ත නොදන්නා දිල්ෂාන් ඔහු මොනවාද කියවන්නේ කියාත් බය වී මෙන් අස්දදී අචිනි දැන් කොහේද ඉන්නේ කියා දිල්ෂාන්ගෙන් අසනවා. ඒ වේලාවේ දිල්ෂාන් බොරුවට ගොත ගසමින් ඇය ඇගේ ඩිග්රි එකේ වැඩ සඳහා හදිසියේම රට ගිය බවත් කියද්දී විපුල ඇස් දෙක ලොකු කරමින් කෑගසා එසේ නම් පොලිසිය ඇවිත් ඇයව රැගෙන යන්න කලින් ඔවුන් එකතුවී ඇය රටට පැන්නුවා නේද කියා විපුල අසමින් ඔහු මේ සිදු වු දේ ලෙහෙසියෙන් අත් හරින්නේ නැති බවට තර්ජනය කරමින් එතැනින් පිට වෙනවා.

මේ වේලාවේ ඊෂා සහ සමාධි කොෆි ෂොප් එකේ සිටිනවා අහම්බයෙන් දැක ඔවුන් අසළ පැමිණි අගස්ති ඔවුන්ගේ සැප දුක් ගැන විමසමින් ඔවුන් මෙහේ මොනවාද කරන්නේ කියා සමාධිගෙන් අසද්දී ඔවුන් ටික දිනකට යළිත් නුවරඑළියේ යන බවත් ඊට කලින් පොඩ්ඩත් චැනල් එකට යන්නට ආ බව සමාධි පවසනවා. ඉන්පසු අගස්ති ඊෂා දෙස බලමින් ඔවුන්ගේ වැඩසටහනට මිනිස්සුන්ගේ ප්‍රතිචාර කෙසේද කියා විමසද්දී ඊෂා සිනහා වී සෑහෙන්න ප්‍රතිචාර ඊට තිබෙන බව කියද්දී සමාධි ඔවුන්ගේ කතාවට එකතු වෙමින් ඔහුට ඔවුන් නිසා වින්ඩිගෙන් ගොඩක් ප්‍රශ්න නේද කියා අසන විට ප්‍රශ්න නම් හැමෝටම තිබෙනා බවත් ඒවා එතරම් ගනන් ගත යුතු දේවල් නොවන බවත් අගස්ති පවසද්දී, ඊෂා එකපාරටම අගස්තිට දැනෙන්ට සමාධිටත් ඕනෑ තරම් ප්‍රශ්න තිබුණු බවත් තවමත් එවායේ ඉවරයක් නැති බවත් අමුතුවට මෙන් කියද්දී එය අසා එකපාරටම අගස්තිට කියන්නට කිසිවක් නොමැතිව මඳ වේලාවක් නිහඩව හිඳ එයට පිළිතුරු නොදී ඊෂාට ගෙදර ගොස් හොඳින් පුහුණුවීම් කරන්න කියාත් ඊළඟ වටය සඳහා හොදින් ගීතය ගායනා කරන්නට කියමින් අගස්ති එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *