සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂා සමඟින් ඇගේ තරඟය ගැනත් එවගේම රෙහානා ගැනත් සමාධි විමසද්දී රෙහානා නම් දැන් ගොඩක් සතුටින් ඉන්නේ කියා පවසනවා. ඒ අවස්ථාවේ ඇය එසේ ගොඩක සතුටින් ඉන්නේ ඇයිද කියා සමාධි අසද්දී ඊෂා එයට හේතුව නොකියා නිකන් කියා පැවසුවද සමාධිගේ දැඩි ඉල්ලීම මත ඇයට යමක් කියන්නම් කියමින් නමුත් ඒ ගැන කාගෙන්වත් අහන්නට එපා කියා ඉල්ලා සිටිනවා. ඉන්පසු ඊෂා අලි සහ රෙහානා සෙට් වෙන්නට යන්නේ කියා සතුටින් යුතුව සිනාසී පවසද්දී සමාධි එකපාරටම සිතා ගත නොහැකිව එය අදහා ගත නොහැකිව ඇය කියන්නේ ඇත්තමද කියා විමසනවා.ඉන්පසු ඒ මොනවා නැතත් මාරු ඩබල කියාත් රෙහානාගේ ගෙදරින් දැන් ඊට කැමතිද කියාත් සමාධි ඊෂාගෙන් අසද්දී රෙහානා ඒ දේවල් වැඩිය ගනන් නොගන්නා බව ඊෂා කියද්දී ඇයටත් දවසක රෙහානාව කොහොමත් හමුවන්නට ඕන බව සමාධි පවසනවා.ඉන්පසු එය අසා කලබල වන ඊෂා ඇය කියු දේවල් ගැන නම් ඇගෙන් අසන්නට එපා කියා ඊෂා ඉල්ලා සිටිද්දී ඇය ඒවා ගැන අසන්නේ නැති බවත් ඊෂා ගැන ඇයට අහන්නට දේවල් තිබෙන බවත් සමාධි පවසා සිටිනවා.

විශාල්ව මුණගැසීමට පැමිණෙන ඊෂා බඔහු සමඟින් ආ ගිය තොරතුරු ගැන කතා කරමින් සිටින අතරේ, පසුගිය දින ඔහු ගිය ඇමතිගේ ගෙදර පාටිය කොහොමද කියා ඊෂා අසද්දී එය හොඳ බවත් අවුලක් නැති බවත් ඔහු හොඳින් එදින සින්දු කියු බවත් ඔවුන්ටත් ඔහුව හිතට ඇල්ලු බවත් ඔහු පවසනවා. එත් සමඟම ඔහුගේ කැම්පෙන් එකටද ඔවුන් උදව් කරන්නට කැමති වු බව කියු බවත් විශාල් පවසනවා. ඉන්පසු ඊෂා ඔහු කියනා දේවල් අසා සිටිමෙන් පසු එතකොට එම පාටියේ සිටි කෙල්ල කොහොමද කියාත් ඇය ලස්සනද කියාත් අසද්දී විශාල් එය අසා අමුතු හිනවාක් දාමින් ඇය ලස්සන බවත් ඇයි එසේ අසන්නේ කියාත් අසද්දී ඊෂාගේ මුහුණේ තිබුණු ඉරිසියාව විශාල් පෙනෙනවා. ඉන්පසු ඊෂා තරහෙන් මෙන් ඔහු දෙස බලමින් මරනවා කිය පවසද්දී විශාල් යළිත් සිනාසෙමින් නමුත් ඊෂා තරම් නම් ඇය ලස්සන නැති බව පවසනවා. ඉතිං මේ විදියට ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින තැනට එකපාරට පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙක් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානම් වනවාත් සමඟම එතැනට පැමිණෙන වෙනත් පුද්ගලයකු එය වලකාලමින් ඔවුන්ට පහර දෙනවා.මේ වේලාවේ විශාල්ද එලෙස පැමිණි පුද්ගලයන්ට පහර දෙමින් ඉන්පසු ඉක්මනින්ම එතැනින් ඊෂාවත් රැගෙන පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *