සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ ලොයිඩ්ව මුණගැසෙන්නට ජනනාද නිවසට ආ අවස්ථාවේ පුජාගේ ප්‍රශ්නය ගැන කතා කරමින් සිටින අතරේ චන්ද්‍රදීත්‍ය මෙවැනි දෙයක් කලේ ඇයිද කියා ඔහුට සිතාගන්නට බැරි බවත් මෙතරම් කාලයක් නිහඬව ඉඳලා එකපාරටම මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ ඇයිද කියා ජනනාදගෙන් විමසද්දී චන්ද්‍රාදීත්‍ය කියන්නේ එසේ හැංගී සිට ගෙම් දෙන කෙනෙකු බවත් ඔහු ඒ කාලයේ සිටම එවැනි කෙනෙකු බවත් පවසද්දී එය එසේ වුවත් මෙවැනි අවස්ථාවකම ඔහු පුජාව මෙලෙස ගෙන යන්නට ඇත්තේ කුමන හේතුවක් නිසා වෙන්නට ඇතිද කියා ලොයිඩ් අසනවා. ඉන්පසු ඔහුට කගේවත් මානසික තත්ත්වයන් වැඩක් නැති බවත් ඔහුට යමක් කරන්නට ඕන නම් එය කෙසේ හෝ හොඳින් හෝ නරකින් කරන බවත් ජනනාද පවසනවා.එත් සමඟම ඔහු පුජාට දස වද දෙනවා ඇති කියා වේදනාවෙන් ජනනාද පවසද්දී ඔහු නම් එසේ සිතන්නේ නැති බවත් පුජා චන්ද්‍රාදීත්‍ය ළඟට ඉන්නවා කියා පොලිසියටද දැනගන්නට ලැබී ඇත්තේ පුජාගේ අසනීපයක් සඳහා බෙහෙත් ගන්නට ආ වේලාවකදී නේද කියාත් ජනනාදගෙන් ලොයිඩ් අසා සිටිනවා.

හදිසියේම කුරුළුට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අභිමන්, ඇය බඩු ලෑස්ති කරන ගමන්ද ඉන්නේ කියා ඇගෙන් විමසද්දී අය එය කරන ගමන් සිටින බවත් ඒ අතරේම ඔවුන්ගේ නිවස අයිති විරවංශ ඇයට කතා කර බවත් ඔහු එසේ කතා කර එම නිවසේ තව ටික කාලයක් ඉන්නට කියු බවත් එමෙන්ම නිවසේ රෙන්ට් එකද අඩු කර ඇති බවත් කුරුළු පවසද්දී අභිමන් කිසිවක් නොදන්නා ගානට එය කොතරම් හොඳද කියාත් ඇය ඔහුට මොනවාද කිවේ කියාත් අභිමන් කුරුළුගෙන් විමසද්දී ඇය බලමු කියු බවත් තවම උත්තරයක් නොදුන් බවත් අභිමන්ට කියද්දී එසේ ඇය බලමු කිවේ ඇයිද කියාත් මෙය ඔවුන්ට වාසනාවට ලැබුනු චාන්ස් එකක් බවත් ඒ නිසා ඒ නැති කරගන්නට එපා කියාත් අභිමන් පවසනවා. එත් එක්කම ඔහු එසේ කියන්නට ඇත්තේ ඔහු අතින් වරදක් වු බව තේරුම් ගිය නිසා වෙන්නට ඇති බවත් ඒ නිසා ඊට කැමති වෙන්න කියාත් අභිමන් කුරුළුගෙන් ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ කුරුළුව බලන්නට නිවසට පැමිණෙන අභිමන් ඇය සමඟින් විස්තර කතා කරමින් සිටියදී ඔවුන්ගේ කතාව අතරමැදට පැමිණෙන අදිත්‍ය, ඔහු කුරුළු සමඟින් අලුතින් ටෙලිනාට්‍යක් කරන්නට ඉන්න බව ඔහුට කියන්නට බැරි වුන බවත් එය කවුරුත් නොකරපු විදියේ වැඩක බවත් ඒ නිසා ඔහුට එය හිට් එකක් වනවා කියා හොඳටම විශ්වාස බවත් පවසද්දී අභිමන් අමුතු සිනාවක් දමමින් එය වැඩි ගානකට නොගෙන ඔහුට මේ ෆිල්ඩ් එක අල්ලලා ගිහින් වගේ නේද කියා අදිත්‍යග‍ෙන් විමසනවා.ඉන්පසු අදිත්‍යද අමුතුවට සිනාසෙමින් ඔහු මේ සියළු දේ කරන්නේ කුරුළු නිසා බවත් ඔහුට සහ කුරුළුට මේ ක්ෂේත්‍රෙය් හොද ගමනක් තිබෙන බව ඔහුට හොඳටම විශ්වාස බවත් අදිත්‍ය පවසද්දී අභිමන්ද ඊට ඔළුව වනමින් නියමයි කියා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *