සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ පැත්තකට වී කල්පනා කරමින් සිටින අචිනි ළගට පැමිණෙන ඇගේ අම්මයි තාත්තයි ඇය මෙසේ මොනවා ගැනද කල්පනා කරමින් සිටින්නේ කියා විමසද්දී ඇය මොනවත් විශේෂ දෙයක් ගැන කල්පනා කලේ නැති බව අචිනි පවසද්දී විශාල්ගේ කැම්පෙන් එකේ තත්ත්වය මේ වෙද්දී කොහොමද කියා අචිනිගෙන් ඇගේ තාත්තා විමසනවා. ඒ අවස්ථාවේ ඇය ඒවා ගැන බලන්නේ නැති බවත් ඒ වැඩ වලට වඩා ඇයට බලන්නට බොහෝ දේ තිබෙන බවත් කියද්දී ඩිල්ෂාන් සිනාසෙමින් ඒ මොනවාද කියා අචිනිගෙන් අසා සිටිනවා.ඉන්පසු විශාල් වෙනදා වගේ නෙමෙයි කියාත් දැන් හරි වෙනස් කියාත් අචිනි කියද්දී ආදරය කරන විට එවැනි පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන බවත් ඒවා සුහදව විසඳගන්න කියාත් ඇගේ අම්මා කියද්දී ඇය මොනවා හරි දෙයක් කරන්නට සැලසුම් කරනවා නම් ඒ දේවල් ඔවුන්ටත් කියා කරන්න කියාත් එසේ වුවහොත් ඔවුනුත් ඇයට පුළුවන් විදියට ඊට උදව් කරන බවත් දිල්ෂාන් කියමින් වැඩි ගානකට නොගෙන මෙන් දිල්ෂාන් ඇගේ ඇය ඇගේ ගිණුමෙන් ලක්ෂ පහ හයක් ළඟදී දවසකදී අරගෙන තිබුනේ ඇගේ වැඩකටද කියා අසනවාත් සමඟම එය අසා කෝපයට පත් වෙන අචිනි වැඩකට තමයි කියාත් ඇය ගත්තේ ඇගේ මුදල් බවත් ඔවුන්ට මෙතරම් ඇය ගත් මුදල් ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් එම මුදල් ඇය හෙට දිනයේදීම දෙන්නම් කියා කෑගසමින් අචිනි එතැනින් යන්නට යනවා.

මේ වේලාවේ ඊෂා සහ රෙහානා බඩු වගයක් ගන්නට කඩයකට පැමිණ සිටියදී එතැනදී අහම්බයෙන් මෙන් ඔවුන් දෙදෙනාව දකින අචිනි ඔවුන්ට අනං මනං කියමින් ඊෂා නිසා විශාල්ගේ අම්මා මැරෙන්නට ගිය බවත් අම්මා කෙනෙකුට එසේ රිදවා නිකන් පව් පුරවා ගන්නට එපා කියාත් අචිනි කෑගසා කියද්දී ඊෂාට බනිනවා ඉවසා ගත නොහැකි වු රෙහානා මොන දේ වුනත් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න කියාත් කියද්දී ඇයට රෙහානා සමඟින් කිසි කතාවක් නැති බවත් අහක යන දේවල් ඇයට දාගන්නේ නැතිව ඉන් කියාත් අචිනි පවසද්දී අචිනිට මෙතරම් ඇය සමඟින් තිබෙන ප්‍රශ්නය කුමක්ද කියාත් ඇය මෙතරම් කාලයක් කල කී දේවල් ගැන ඇය දන්නේ නැහැ කියා සිතන්නට එපා කියාත් ඊෂා පවසමින් එවැනි දේවල් යළත් ඇය කිසිදින ඉවසන්නේ නැති බව ඊෂා පවසා සිටිනනවා. එත් සමඟම ඇය විශාල්ව බලෙන් අල්ලාගෙන ඉන්නේ නැති බව ඊසා පවසනවා.ඉන්පසු ඇය තවම ඇගේ හැටි දන්නේ නැති බවත් ඊෂාට පඩුවේ ඉන්න දෙන් කියාත් රෙහානා අචිනිගේ බෙල්ලෙන් අල්ලා ගනිමින් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *