සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා..අනුහස්ගේ නිවසට හදිස්සියේම පැමිණෙන අරුණිව දකින අනුහස් ඇය මෙසේ කෑගහගෙන උදේනිව සොයා ආවේ ඔහු ගැන වැරදි කියා ඇයව අවුස්සා යන්නටද කියා අසමින් ඔහු හොඳින් ඉන්නා බවත් ඒ නිසා අම්මාගේ ඔළුව අනංමනං කියා කාලා යන්නට එපා කියාත් අනුහස් විහිළුවෙන් මෙන් පවසද්දී එසේ වැරදි කියා හෝ ඔහු හැදෙනවා නම් එය ලොකු දෙයක් බව අරුණි සිනාසෙමින් පවසද්දී දැනටමත් ඔහුට ගෙදර ඉන්න විදියක් නැති බවත් අවන්තගේ වෙඩින් එක ගැන බලන්න කියා ඔහුට කෑගසන බවත් ඔහුට ඊට පෙර කරන්න දේවල් තිබෙන බවත් අක්ෂාගේ ඔපරේෂන් එකට තව දින දෙකයි තිබෙන්නේ කියාත් අනුහස් කියද්දී ඇය ආවෙත් ඒ පිළිබඳ විස්තර දැනගන්නට බවත් මන්ද ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් දුරකථන වලට පිළිතුරු දෙන්නේ නැති බවත් අරුණි පවසා සිටිනවා.ඒ වේලාවේ අක්ෂා ළඟ කවුරුන් හෝ කෙනෙකු ඉන්නට නැතිනම් ඒ දින කිහිපයේ ඇය අක්ෂා ළඟ ඉන්නම් කියාත් ඇගේ දරුවාව බලගන්නට ගෙදර ඇය ඉන්නවානේ කියාත් අරුණි පවසා සිටිනවා.

අක්ෂාව බලන්න නිවසට පැමිණෙන උදේනි, ඇය සමඟින් විස්තර කතා කරමින් සිටින අතරේ ඇයට වෙදනා වගේ ඇය අසා කරන කිසි දෙයක් දැන් කරන්නට බැරි බවත් ඇය අසා කරන කෙනෙකු සමඟින්වත් එළියට යන්නට නැහැ කියාත් අක්ෂා අවුලෙන් මෙන් ඇය සමඟින් කියද්දී එසෙ සිදුවන්නේ මේ ටික කාලයේදී පමණයි කියාත් ඉන්පසු ඇයට සුව වුවාට පසු ඇය කැමති තැනක ඕන විදියකට යන්නට පුළුවන් බවත් උදේනි පවසා සිටිනවා. මේ වේලාවේ ඇයගේ කතාව අසා හිඳ ඉන්පසු කඳුළුපිරි දෙනතෙින් ඇයට සුව වෙයි කියා උදේනි සිතනවාද කියා විමසද්දී අනිවාර්යෙන්ම ඇය සුව වන බව උදේනි පවසනවා.ඉන්පසු ඇයට සිතෙන දේ ඇය උදේනිට කියන්නම් කියා පවසමින් ඇය එසේ කිවා කියා ඇයට බනින්නට එපා කියාත් නමුත් ඇගේ මේ අසනීපය නිසා ඇයට මොනවා හෝ දෙයක් වෙයි කියා ඇයට සිතෙන බව අක්ෂා කියමින් ඇය ඇගේ අසනීපය ගැන හොඳින් සොයා බැලුව බවත් ඔවුන් ඇයට තිබෙන ආදරය මේ දේවල් වල බරපතළකමස සඟවන්නට උත්සහා කලද ඇය ඒ සියළු දේ ගැන හොඳින්ම දැන සිටින බවත් අක්ෂා පවසා සිටිනවා.ඒ අවස්ථාවේ ඇය මෙලෙස අසුබවාදිව සිතන්නේ ඇයිද කියාත් අනුහස් මේවා දන්නවා නම් මැරයෙි කියාත් උදේනි දුකින් මෙන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *