සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.කාලයකට පසු එකපාරටම අමායාව මුණගැසෙන්නට ඇගේ ඔෆිස් කාමරයට පැමිණෙන අභිමන්ව දකින අමායා, ඔහු පැමිණියේ කුමක් හෝ ප්‍රශ්නයක් ගැන කතා කරන්නද කියා අමායා අසද්දී ඇය එසේ ඇසුවේ ඇයිද කියා අභිමන් ඇගෙන් විමසද්දී ඔහු ඇයව පසුගිය දින වල දැක දැක කතා නොකර ගිය නිසා ඇය ඔහුගෙන් එසේ ඇසුවේ කියා අමායා පවසද්දී එසේ ප්‍රශ්නයක් නම් නැති බවත් ඔහු ඇයව හමුවන්නට ආවේ කාරණාවක් ගැන කතා කරන්න කියමින් ඇය එදසින මාලන් සමඟින් කතා කරමින් ඉන්නා දැකපු බව කියද්දී ඔහු ඇය සමඟින් කිහිපවතාවක්ම කතා කර බවත් ඔහු මොනවා හෝ දෙයක් ඇය ගැන කීවාද කියාත් අභිමන්ගෙන් විමසද්දී එසේ කිසිවක් කිවේ නැති බවත් නමුත් ඔහු ආවේ මාලන් ගැන ඇයට යමක් කියන්නට බවත් ඔහු මාලන් ගැන ඇයට මීට පෙර සැහෙන්න දේවල් කියා තිබෙනවා නේද කියාත් මාලන් කියන්නේ නිකන් නයෙක් වගේ කියාත් ඔහු කෙල්ලෙක්ව දැක්කොත් සතෙක් වගේ හැසිරනේනේ කියාත් අභිමන් පවසද්දී අමායා ඔහු කියනා දේවල් අසා සිටි ඉන්පසු එසේ නම් එවැනි කෙනෙකුව ඔහු යළිත් කම්පැනි එකට ගත්තේ ඇයිද කියා අභිමන්ගෙන් විමසනවා.ඉන්පසු ඔහු මාලන්ව ගත්තේ නැති බවත් ඔහුට ජනනාද නිසා මාලන්ට ඔෆිස් එකට එනන්ට ඉඩ දෙන්නට වුන බවත් අභිමන් පවසමින් ඇයට පරිස්සම් වෙන්න කියන්නයි මෙසේ ආවේ කියා ඔහු පවසා සිටිනවා.

හදිසියේම ඉන්පස්පෙක්ටර් විරාජ්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ඩොක්ටර්, ඔහුට පුජා ගැන තොරතුරුක් ලැබුණු බවත් එසේ ඔහුට තොරතුර ලැබුනේ ඔහුගේ බිරිඳගෙන් බවත් පුජාට අසනීප වී ඇයට අවශ්‍ය බෙහෙත් සහ ඇගේ අසනීප තත්ත්වය ගැන කියන්නට ඔහුගේ බිරිඳව හමුවන්නට චන්ද්‍රාදීත්‍ය සමඟින් සන්ද්‍යා පැමිණ ඇති බවත් නමුත් ඔහුට අහම්බයෙන් මෙන් රෝහලේදී චන්ද්‍රාදීත්‍යව හමුවු අවස්ථාවේ ඔහු කිවේ යළුවකුට බෙහෙත් ගන්නට ආපු බව බවත් ඒ අවස්ථාවේ බෙහෙත් ගැනිමෙන් පසු චන්ද්‍රාදීත්‍යට ඔහු ඔහුගේ බිරිඳව හඳුන්වා දුන් බවත් ඒ අවස්ථාවේ ඔහුට ඇය ගැන සැකයක් ඇතිවෙන්නට ඇති කියාත් ඩොක්ටර් පවසද්දී ඔවුන්ට ලැබුණු ඒ අවස්ථාව අපරාදේ කියාත් ඔහු බොරුවක් චන්ද්‍රදීත්‍යට කිවා නම් අපුරුවට පුජාව අල්ලා ගන්නට ඉඩ තිබුණු බවත් විරාජ් පවසද්දී ඔවුන්ට ලැබුණු සාක්කි එක්ක චන්ද්‍රාදීත්‍ය කියන්නේ හොඳ මනුස්සයෙක් නොවන බවත් ඔහු ඉක්මනින්ම රෝහලට එන්නම් කියමින් ඔහු එන තෙක් ඩොක්ටර්ට රෝහලේ ඉන්න කියා විරාජ් පවසා සිටිනවා. ඉතිං ඉන්පසු රෝහලට කලබලයෙන් මෙන් දිව එන විරාජ් ඩොක්ටර්ගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ඔවුන්ට ඒ ආවේ පුජා කියා විශ්වාසද කියා විමසද්දී එය හොඳට විශ්වාස බවත් මන්ද පුජා රෝහලේ සිටිද්දී ඔහු විසින් ලබාදුන් බෙහෙත් තුන්ඩුවම ඔහුගේ බිරිඳට පුජාගේ අම්මා විසින් ලබා දී ඇති බවත් ඩොක්ටර් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *