සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.කුරුළුට දුරකථන ඇමතුමක් ලබාදෙන අභිමන් ඇය ඒ අවස්ථාවේ කාර්යබහුලද කියා විමසමින් ඔහුට පසුගිය දවස් ටිකේ ඇයට කතා කරන්නටත් බැරි වුන බවත් එ් නිසයි ඔහු ගත්තේ කියා කියමින් දැන් තත්ත්වය කෙසේද කියා ඇගෙන් අසනවා. ඒ වේලාවේ කුරුළු දුකින් මෙන් ඇයගේ ජිවිතයය එන ප්‍රශ්න වලින් අඩුවක් නැති බවත් ඔවුන්ට ඔවුන් සිටිනා නිවසින් යන්නට වී ඇති බවත් එම නිවසේ අයිතිකරුවන් රට සිට ලංකාවට පැමිණ ඇති හෙයින් ඔවුන්ට ඉන්නට තැනක් නොමැති හෙයින් එම නිවස ඉල්ලන බවත් කුරුළු පවසද්දී එසේ එකපාරට එවැනි තීරණයක් ඔවුන් අරගන්නේ කෙසේද කියාත් එසේ කරනවා නම් කලින් දැනුම් දීමක් කල යුතු බවත් කියද්දී ඔවුන් පහුගිය දින කිහිපයේම ඔවුන්ට කතා කරන්නට උත්සහා කර තිබෙන බවත් නමුත් පහුගිය කාලයේ ඇති වුන ප්‍රශ්න නිසා කෝල්ස් වලට කතා කරන්නට බැරි වුන බවත් කුරුළු පවසනවා.එසේ නිවස බාර දී ඔවුන් කුමක්ද කරන්නට ඉන්නේ කියා කුරුළුගෙන් අභිමන් විමසද්දී මේ ගෙදර බාර දිලා ඇය සහ රෙෂ්මා කොහේ හෝ යන බවත් කියද්දී එසේ කොහෙවත් යන්නේ ඇයිද කියාත් ඔවුන්ට ටික කාලයක් ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න කියාත් අභිමන් පවසමින් ඇයට මේ වේලාවේ ශක්තිමත්ව සිටින්න කියාත් ඔහුත් ඔවුන්ට නැවතිමට තැනක් තිබෙනවාද කියා සොයා බලන්නම් කියාත් අභිමන් පවසා සිටිනවා.

තවමත් සුභද්‍රා නැති දුකින් වේදනාවෙන් සිටින රෙෂ්මාව හමුවන්නට පැමිණෙන විරාජ්, සිදු වන්නට තිබුණු දේ සිදු වී ඉවර බවත් ඒ සුභද්‍රා ගෙනා ආයුෂ ප්‍රමාණය බවත් දැන් ඔවුන් කල යුත්තේ ඇගේ හීන ජිවත් කරවීම බවත් මෙසේ දුක් වී හඩා තවදුරටත් තේරුමක් වෙන්නේ නැති බවත් රෙෂ්මාට තේරුම් කර දෙන්නට උත්සහා කරනවා.ඒ අවස්ථාවේ ඔහු කියනා දේ හරි බවත් එය කාටත් පොදු වුවත් ඔවුන් ළඟින්ම සිටි කෙනෙකු මෙසේ ඈත්ව යන විට එය දරා ගැනීමට ශක්තියක් නැති බවත් පවසනවා. ඉන්පසු විරාජ්, ඔහුට ඇයට කියන්න දෙයක් තිබෙන බව කියමින් කුරුළුට දැන් ඉන්නේ රෙෂ්මා විතරයි කියාත් කුරුළුගේ අම්මා සහ තාත්තා කියන දෙදෙනාම ඇය බවත් ඇය ඒ ගැන සිතා ඉදිරියට කටයුතු කල යුතු බවත් පැහැදිලි කර දෙද්දී එය හරි බවත් ඇයට එය අමුතුවෙන් දැනෙන්නට දෙයක් නැති බවත් කුරුළු ඇයගේ ලේ වලින් හැදුනේ නැති වුවද කුරුළු හැදුනේ ඇගේ අත් දෙක උඩ බවත් රෙෂ්මා වේදනාවෙන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *