සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.ගෙදර අයත් සමඟන් රණ්ඩු කර ගෙදරින් කාටත් නොකියාම පැමිණෙන විශාල් උඳුල්ව සහ අලිව හමුවන්නට පැමිණි, ඔවුන් සමඟින් කතාබහ කරමින් හිඳ ඉන්පසු ඔහුට එදින රාත්‍රියේ ඉන්නට තැනක් නැති බවත් ඔහු එදින ඔවුන් සමඟින් එතැන සිටියාට කමක් නැතිද කියාත් උඳුල්ගෙන් විශාල් විමසද්දී ඔහු කුමක් හෝ ප්‍රශ්නයක ඉන්නා බව දැනුන උඳුල් ඔහුගේ අතට තේ එකක් ලබා දෙමින් ඔහුට තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා විමසමින් ඔහු යළිත් නිවසේ අයත් සමඟින් රණ්ඩු වුවාද කියා අසනවා.ඉන්පසු විශාල් මඳ වේලාවක් කල්පනා කරමින් හිඳ ඔහු ඒ ගැන විස්තර පසුව කියන්නම් කියාත් ඔහු එදින ගෙදර යන්නේ නැති බවත් උඳුල් සමඟින් පවසද්දි ඔහු මෙසේ ප්‍රශ්න වලින් පැන පැන හිඳ හරියන්නේ නැති බවත් ඔහුට කෙලින් තීරණයක් ගැනීමට හැකිවිය යුතු බවත් ඊෂාගේ සහ අචිනිගේ තිබෙන ප්‍රශ්නය කුමක්ද කියාත් උඳුල් අසනවා.ඒ වේලාවේ ඔහු කියන්න ඕන දේ අචිනිට කියු බවත් එ නිසා ඊෂාට යළිත් අචිනිගෙන් ප්‍රශ්නයක් වෙනකක් නැති බවත් විශාල් පවසනවා.

මේ වේලාවේ ඊෂා ගැන බොරු කියමින් විඩියෝවක් සමාජ මාධ්‍යට අචිනිගේ කීමට මුදා හැරි පුද්ගලයා යළිත් එම විඩියෝව නිවරදි කරමින් සමාජ මාධ්‍යට ඊෂාගේ වරදක් නැති බව කියා විඩියෝවක් පළ කිරීමත් සමඟම කෝපයට පත් වුන අචිනි ඔහුව පැහැරගෙන ගොස් පහරදී ඔහුව මරන්නට උත්සහා කරනවා. ඉන්පසු කෙසේ හෝ ඔහු පහර කෑමට ලක්ව නොමැරි යළිත් බේරි පැන ආ අවස්ථාවේ සමරසිංහ අගස්තිට ඔහුව මුණ ගස්වමින් සිදු වු සිද්ධිය ගැන අගස්තිට පැහැදිලි කර දෙනු ලබනවා. ඉන්පසු එම පුද්ලගයාද ඔහු සිදු වු දේ ගැන අගස්තිට කියමින් තව විනාඩියක් හෝ අතපසු වුවා නම් ඔහු ඉවරට ඉවර බවත් ඔවුන් ඔහුව පුටුවක ඉන්ඳවා ගැට ගසා මෙලෙස හොදටම පහර දුන් බවත් එම පුද්ගලයා පවසද්දී ඔහු මුදල් හොයන්නට කල ජරා වැඩේ නිසයි ඔහුට මෙසේ වුයේ කියාත් ඔහු ඊෂාට කල දේ නිසා ඔහුට උදව් කරන්නට වටින්නේ නැති බවත් අගස්ති කියමින් ඔහු මුදල් ටිකක් දෙන්නම් කියාත් එම පුද්ගලයාව ඈත පළාතකට ගෙන ගොස් සඟවා ටික කාලයක් තබන්න කියාත් සමරසිංහට අගස්ති පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *