සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂා සහ සමාධි රැ එළියට ගොස් නැවත යළිත් නිවස කරා ත්‍රිවිලරයකින් යමින් සිටියදී එකපාරටම ඔවුන්ගේ පසුපසිම්න වාහනයක් ඉස්සර කරමින් දිගින් දිගටම පැමිණ ඔවුන්ගේ ත්‍රිවිලරයට ඉදිරියෙන් එම වාහනය ඉස්සර කර නවතනවා.ඒසේ නවතා පිරිසක් වාහනයෙන් බැස එනවාත් සමඟම ඔවුන්ව දැක කලබල වන සමාධි ඊෂාව බදා ගනිමින් කෑසගසද්දී ත්‍රිවිලරේ රියදුරු වාහනයෙන් බැස ඒ සිටින්නේ ඊෂා බව කියමින් ඇයට කරදරයක් කරන්නට එපා කියා පවසද්දී එම රියදුරුගේ බෙල්ලෙන් අල්ලා ගන්නා ඒ පිරිස ඔවුන් සොයන්නනේ ඊෂාව බව කියා ඔහුට පහර දෙමින් ඊෂාව සහ සමාධිව වාහනයෙන් එළියට ගන්නට උත්සහා කරනවා.ඉන්පසු ඔවුන් දෙදෙනාව බලෙන්ම එසේ එළියට ගෙන ඔවුන්ගේ වාහනය දමගන්නට උත්සහා කරනවාත් සමඟම එතැනට අහම්බයෙන් මෙන් පැමිණෙන අගස්ති සහ සුජි ඔවුන්ව දැක වාහනයෙන් බැස ගොස් එම පිරිසට පහරදී වාහනයේ නැග සිටි ඊෂාව සහ සමාධිව අගස්ති විසින් එළියට ගෙන ඔහුගේ වාහනයට නංවා ඉන්පසු යළිත් අගස්ති ගොස් සුජිත් සමඟින් එම පිරිසට පහර දෙනු ලබනවා.ඉන්පසු අග්සති සමාධිව සහ ඊෂාව යළිත් ත්‍රිවිලරයේ නග්ගවා ඔවුන්ට නිවසට යන්න කියාත් ඔවුන්ගේ පසුපසින් ඔහු එන්නම් කියාත් පවසමින් ඔවුන්ව එතැනින් පිටත් කර යවනවා.

ඉන්පසු නිවසට පැමිණෙන සමාධි ඊෂාගෙන් මොකද්ද ඔවුන්ට ඒ වුනේ කියා විමසමින් ඔවුන් කුමකටද ඇයට කරදර කරන්නට ආවේ කියා අසද්දී ඇයටත් ඒ කිසිවක් සිතා ගත නොහැකි බවත් කියද්දී ඔවුන් හෙට දින මොනවා නැතත් පොලිසියට යමු කියා සමාධි පවසද්දී ඇයට යමක් කියන්නට තිබෙන බව පවසමින් රයිසින් ස්ටාර්ස් තරඟාවලියට කලින් දින ඇය රෙහානා සමඟින් නිවසට එමින් සිටියදී එදිනත් කවුරුන් හෝ කෙනෙකු ඔවුන්ව අනතුරකට ලක් කරන්නට උත්සහා කල බවත් ඇය ඒ ගැන කිවේ නැත්තේ සමාධි කලබල වන නිසා කියා ඊෂා කියද්දී ඇය කලබල වුවා හෝ නැතා ඇය එසේ එවැනි දෙයක් ඇගෙන් හැංගුවේ ඇයිද කියාත් ඇයට ඉන්නේ ඊෂා පමණක් බවත් ඇයට කරදරයක් වුවහොත් සමාධි තමයි ඇයව බලන්නට ඉන්න කෙනා බවත් සමාධි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *