සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ තේ එකත් රැගෙන විපුල ළඟට පැමිණෙන ශානිකාව දැක විශාල් කොහේද කියා විමසද්දී ඔහු තවමත් නිදි බව කියද්දී ඔහුට පසුගිය දින තරඟයෙන් වැඩිම මනාප ලබා ගන්නට බැරි වීම පිළිබද අවුලෙන්ද සිටින්නේ කියා විපුල විමසද්දී ඔහුට නම් කිසිසෙත්ම ඒ ගැන අවුලක් නැති බවත් ඔවුන්ට තමයි ඒ වේදනාව තෙරෙන්නේ කියාත් ඇයට තිබෙන එකම කේන්තිය ඊෂා ඉදිරියට යාම ගැන බවත් ශානිකා විපුල සමඟින් පවසනවා.එත් සමඟම අචිනිත් එසේ වෙන්නට ඉඩ තියන්නේ නැති බවට බයිලා ගැසුවද ඒ කිසිවක් කරගන්නට පුළුවන් වුනාද කියාත් ශානිකා පවසද්දී අන්තිම මොහෝතේ අර කොල්ලා ඇවිත් විඩියෝව දැමුවේ නැති නම් අනිවාර්යෙන්ම ඊෂා එදින තරඟයෙන් ඉවත් වනවා කියාත් එතැන සිදුවුයේ කුමක්ද කියා තෙරෙන්නේ නැති බවත් විපුල පවසනවා.ඒ වේලාවේ මේ වගේ දේවල් කරන්නට ඇත්තේද ඊෂාම වෙන්නට ඇති බවත් අවසානයේ ඊෂා ඒ කොල්ලාව ගෙනත් මෙවැනි කතාවක් ගොතා යළිත් දමන්නටඩ ඇති කියාත් ශානිකා පවසනවා. එත් සමඟම ඇය එකපාරටම ඔහුට දෙයක් කියන්නට තිබෙන බව කියමින් ඊෂාගේ අම්මා එදින අගස්තිවත් අල්ල‍ගෙන කවුරුත් නැති තැනක කතා කරමින් සිටිනවා ඇය ඇස් දෙකෙන්ම දුටු බවත් ඇයට හිතෙන විදිවයට සමාධි හදන්නේ අගස්තිව අල්ලා ගන්නට බවත් ඇය පවසනවා.

සමාධි ළඟට කතා කරන්නට පැමිණෙන සමාධිට ඇය උදේ ඉඳන්ම කෝල්ස් එන බවත් ඇයට නිදාගන්නටවත් නැති බවත් සමාධිට පවසද්දී එය එසේ නොවී තිබෙන කියාද මන්ද සෙමි ෆයිනල් වලට වැඩිම මනාප රැගෙන ඉදිරියට ගියේ ඇයනේ කියාත් සමාධි සතුටින් පවසද්දී ඊෂාද සිනාසෙමින් ඇයට එසේ මනාප කෙසේ ආවාද දන්නේ නැ නේද කියා සමාධි සමඟින් පවසනවා.ඉන්පසු සමාධි ඒවා මිනිස්සු ඇය ගැන ඇත්තම දැනගෙන ඇයටම එවු මනාපයන් බව කියද්දී ඇයට තමවත් ඒ කොල්ලා ලයිව් ඇවිත් එසේ ඇය වැරදි නැති බව කිවේ ඇයිද කියා තවමත් හිතාගන්නට බැරි බවත් මේවා පිටිපස්සේ කවුරුන් ඉන්නවාද දන්නේ නැ නේද කියාත් ඊෂා පවසද්දී එසේ විඩියෝවක් සමාජ මාධ්‍යට දමන්න කියා ඔහුට කවුරු කිවාද දන්නේ නැහැ කියා සමාධිද පවසනවා. එත් සමඟම ඒ මොන දේ වුනත් ඇය කෙසේ හෝ තරඟයෙන් ඉදිරියට ගියානේ කියාත් ඒ ඇති කියාත් සමාධි සතුටින් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *