සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ අසනීප තත්ත්වය නිසා රෝහල ගත කර සිටින ඇයව බලන්නට පැමිණෙන කුරුළු, සුභද්‍රා ඔහේ පැත්තක් බලාගෙන කල්පනා කරමින් සිටිනවා දැක ඇය මොනවාද කල්පනා කරන්නේ කියාත් ඇය ඉන්නේ බයෙන්ද කියාත් සුභද්‍රාගෙන් අසද්දි ඇය දුකින් මෙන් ඔළුව වනමින් ඔව් කියා පවසද්දී කුරුළු ඇගේ හිස අතගාමින් ඇයට බය වෙන්නට එපා කියාත් ඇයට කිසිම කරදරයක් වෙන්නේ නැති බවත් ඩොක්ටර් ව හමු වු අවස්ථාවේ ඔහු කිවෙත් ඉතාම ඉක්මනින් ඇයව වෙනදා සිටියා වගේම සනීප කරගන්නට පුළුවන් බව බවත් කුරුළු පවසනවා. ඉන්පසු ඇයට බය තිබෙන්නේ ඇය ගැන නොවන බවත් ඇයට බය කුරුළු සහ රේෂ්මා ගැන බවත් මන්ද ඇය නැති කාලෙක ඔවුන් දෙදෙනාට කුමක් වෙයිද කියා ඇගේ හිතට බයක් දැනෙන බවත් සුභද්‍රා පවසද්දී කුරුළු එය අසා දුකට පත්ව ඇය එවැනි කතා යළි කියන්නට එපා කියාත් ඇයව ඉක්මනින්ම සනීප කරගන්නට පුළුවන් බව විශ්වාස බවත් කියද්දී ඩෝක්ටර් ඇයට තව මොනවාද විශේෂ දේවල් කිවේ කියා කුරුළුගෙන් සුභද්‍රා අසනවා.ඒ වේලාවේ ඔහු කිවේ ඇයට ලබා දිය යුතු කෑම බිම ගැනත් එවගේම ඇගේ මනස හදන්නට ඕන කොහොමද කියන දෙවල් ගැන බව කුරුළු පවසනවා.ඉන්පසු රේෂ්මා සහ කුරුළු ඇය නිසා බොහෝ සේ කරදර වෙන බවත් ඇයට එය බලා සිටිම නොහැකි බවත් සුභද්‍රා පවසනවා.

මේ වේලාවේ අමායාගේ ගෙදරින් අභිමන්ට පැමිණි යෝජනාව ගැන කියන්නට අභිමන්ට කතා කරන ලොයිඩ්, ඔහුට එදින විශාකා කතා කර කුමක් හෝ කාරණාවක් ගැන කිවාද කියා අසද්දී එසේ මොනවත් කිවේ නැති බවත් ඔෆිස් ඇවිත් ඇය ගිය බවත් අභිමන් කියද්දී, ඔහු සහ අමායා අතරේ මොන වගේ සම්බන්ධයක්ද තිබෙන්නේ කියා ලොයිඩ් කෙලින්ම ඔහුගෙන් විමසද්දී අභිමන් එකපාරටම කලබල වෙමින් ඔවුන් දෙදෙනා හොඳම යහළුවන් පමණක් බව ලොයිඩ්ට පවසමින් ඔහු එසේ ඇසුවේ ඇයිදැයි විමසනවා. එ අවස්ථාවේ ඔහුට ජයවංශ කතා කල බවත් ඔහු අභිමන්ට අමායාව යෝජනා කල බව කියනවාත් සමඟම අභිමන්ට කිසිවක් සිතා ගත නොහැකිව පුදුම වී මෙන් ඒ මොන විහිළුවක්ද කියා ලොයිඩ්ගෙන් අසමින් මේ ගැන අමායා දන්නවාද කියා අභිමන් ඔහුගෙන් විමසද්දී ඔහු හිතන විදියට අමායා ඒ ගැන දන්නවා ඇති කියාත් කියද්දී එක වෙන්න බැරි බවත් ඔවුන් දෙදෙනා අතරේ තිබෙන්නේ හොඳ යළුකමක් කියාත් එක ඇය හොඳින්ම දන්නා බවත් අභිමන් කියමින් ඔවුන් එසේ කියද්දී ඔහු මොනවද කිවේ කියා ලොයිඩ්ගෙන් විමසනවා. ඉන්පසු අමායා හොද කෙනෙකු බවත් නමුත් ඒ ගැන ඔහුට තීරණයක් දෙන්නට බැරි බවත් එ නිසා ඔහුගෙන් අසා ඔහු ජයවංශට කියන්නම් කියා කියු බව ලොයිඩ් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *