සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂා තරඟයේ ඉදි වටයේ වැඩකටයුතු ගැන කතා කිරීමට ඔෆිස් එකට එන ලෙස දැනුම් දීමත් සමඟම ඇය එයට යාමට සූදානම් වෙද්දී එතැනට පැමිණෙන සමාධි, ඇය කොහේ යන්නද සූදානම් වෙන්නේ කියා අසද්දී , ඇය ඔෆිස් එකට යාමට සුදානම් වන බවත් තරඟයේ ඊළඟ වටය ගැන කතා කිරීමට ඔවුන් ඇයට එන ලෙස දැනුම් දුන් බවත් ඊෂා පවසද්දී ඇයත් ඊෂා සමඟින් යන්නට එන්නම් කියා පවසද්දී ඇයත් යන්න එනවාද කියා ඊෂා වැඩි කැමැත්තක් නැතිව මෙන් අසද්දී ඇයට සිදු වු දේවල් එක්ක ඊෂාව තනිව පාරේ යවන්නේ කෙසේද කියාත් මේපාර නම් තරඟයේ ලොකු ෆයිට් එකක් තිබෙයි නේද කියාත් සමාධි අසමින් ඇය හිතන විදියට ඇය ගැන බොරු කියමින් සමාජ මාධ්‍යට දැමු විඩියෝව නිසා ඇයට මනාප නැතිවෙයි කියාද කියා අසද්දී ඊෂා අවුලෙන් මෙන් ඇයට විවිධ දේවල් කියමින් සමාජ මාධ්‍ය තුළ පෝස්ට් ශෙයාර් වන බවත් ඇය කොහොමත් තරඟයෙන් අයින් වෙන්නට ඔළුව හදාගෙන ඉන්නේ කියාත් ඊෂා පවසද්දී ඔවුන්ට මේ වෙනුවෙන් කුමක් හෝ දෙයක් කරන්නට බැරිද කියා සමාධි අසමින් ඇය ෆෙස්බුක් ලයිව් එකක් ගොස් මේ ගැන විස්තර කරමින් එය බොරුවක් කියා කියන්නට පුළුවන්නේ කියා සමාධි පවසනවා. ඉන්පසු එසේ කලහොත් තවත් ඇයට බැනුම් අහන්නට වන බවත් ඒ නිසා කවුරුන් හෝ කෙනෙකුට ඇයව තරඟයෙන් අයින් කරන්නට ඕන නම් එය කරපුදෙන් කියාත් ඊෂා පවසා සිටිනවා.

මේ වේලාවේ ආච්චි අම්මාගේ දැඩි ඉල්ලීම පරිදි විශාල්ව නිවසට රැගෙන එන උඳුල්, ආච්චි අම්මාට කෑගසමින් ඉක්මනින් එන්න කියාත් ඇයව බලන්නට කවුරුන්ද ඇවිත් සිටින්නේ කියා බලන්න කියාත් පවසද්දී ඇය ඉස්සරහට එනවාත් සමඟම විශාල්ව දකින ඇය පුදුම වී මෙන් සතුට දරාගත නොහැකිව ඔහු දෙස ආදරයෙන් බලා හිඳිමින් ඔහු ළඟට ගොස් ඔහුව වැළදගනිමින් ඔහුගේ නළල සිප ගන්නවා. ඉන්පසු ඔහු ඇයව බලන්නට ආවා නේද කියා සතුටින් අසමින් ඇය අවුරුදු විසි ගානකට පසුව ඇගේ මුනුපුරාව මෙසේ ඇස් දෙකෙන්ම දකින බවත් ඇයට ගොඩක් සතුටු බවත් ඔහු කවදා හෝ දවසක ඇයව බලනන්ට එයි කියා උඳුල් කියු බවත් නමුත් මෙතරම් ඉක්මනින් ඔහු එයි කියා විශ්වාස කලේ නැති බවත් ඔහු මෙසේ ඇයව බලන්නට ආ බව විපුල දන්නවාද කියාත් ඇය අසනවා.ඒ අවස්ථාවේ ඔහු ඒ ගැන නොදන්න බවත් නමුත් දැනගත්තාත් ප්‍රශ්නයක් නැති බවත් මන්ද ඔහු ආවේ ආච්චි අම්මාව බලන්නනේ කියාත් විශාල් පවසනවා. නමුත් කුමක් හෝ ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ කියා ආච්චි අම්මා දුකින් මෙන් පවසද්දී එසේ වෙන්නේ නැති බවත් ඔහු ඒ ගැන බලාගන්නම් කියාත් කියමින් විශාල් ආච්චි අම්මාගේ හිත හදනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *