සතියේ දින පහේම රාත්‍රි 8.30ට රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය හිරු නාලිකාවේ විකාශය වේ.වීරවර්ණගේ නිවසට පොලිසිය පැමිනෙනවා.පොලිසිය ඉදිරියට පැමිනෙන මේරි ගෙන් පොලිසිය වීරවර්ණ ගැන විමසනවා.මහත්තයා සිටින බවත් ඔහුට අසනීප බවත් ඇය පැවසුවද තමා ආවෙත් ලෙඩා බලන්න කියාත් කතා කරන ලෙස පවසනවා.ඉන්පසු වීරවර්ණ හට එය පැවසීමට මේරි ගෙට යනවා.මේ අතර බාබුගේ පියා බන්ටිගේ සැලෝන් එකට යනවා.බාබු තවම නිවසට පැමිණියේ නැති බවත් බාබු ව දැක්කාද කියා විමසනවා.තමා බාබුව දැක්කේ නැති බව බන්ටි පවසනවා.බාබු නිවසට පැමිණියේ නැති බවත් බාබුගිය තැනක් සොයන බව කියනවා.පීටර් එතැනින් පිටව යනවා.වීරවර්ණ වෙත යන මේරි පොලිසිය පැමිණ මහත්තයා ගැන අහන බව ඇය පවසනවා.කිසිදු දෙයකට වීරවර්ණ උත්තර නොදෙනවා.බාබුගේ නිවසට වී යෙනුකි හා බාබුගේ අම්මා බලන් ඉන්නවා.වීරවර්ණ තමා හමුවීමට නොපැමිණෙන බව දැනගත් පොලිස් නිළධාරියා වීවර්ණගේ කාමරයට යනවා.වීරවර්ණ හට පොලිසියට ඒමට කියා සිටියදිත් ඔහු නොපැමිණි හේතුව ගැන සෙවීමට හා තවත් සැක කටයුතු දේවල් කීපයකට වීරවර්ණ සැක කරන බව පොලිසිය පවසනවා.මේ සියලු දේට පරික්ෂණ කර නැවත එන ලෙස පවසා පොලිසිය එතැනින් පිටව යනවා.

යෙනුකි හට අම්මා දුරකථන ඇමතුමක් දී ඉක්මනින් නිවසට පැමිණෙන ලෙස පවසනවා.ඉන්පසු යෙනුකි නිවසට යාමට පිටත් වනවා.බන්ටි බාබුගේ නිවසට පැමිණ බාබුගේ අම්මා මුණ ගැසී සිදු වූ දේ විමසනවා.යෙනුකි නිවසට පැමිණෙන්නේ හඩමිනි එය දකින අම්මා ඇයගෙන් සිදුව ඇතිදේ විමසනවා.ඉන්පසු ඇය බාබුට සිදුව ඇති දේ හඩමින් පවසනවා.කෝපයෙන් යෙනුකිගේ අම්මා බොරු දේවල් වලට අඩන්නේ නැතිව සිටින ලෙස පවසා යෙනුකිට මුහුණ සෝදා ගන්නා ලෙස පවසනවා.මේ අතර යෙනුකිගේ අම්මා හට කපු මහතෙකුගෙන් දුරකථන ඇමතුමක් එනවා.යෙනුකි හට මනමාලයෙක් සිටින බවත් ඇය ව බැලීමට එන ලෙසත් කපු මහත්තාය පවසනවා.තමා කැමති බවත් ඔහුට යෙනුකි බැලීමට එන ලෙසත් අම්මා පවසන විට යෙනුකි එය අසාසිට අම්මාටද බැන එතැනින් පිටව යනවා.හවස කැතරින් බාබුගේ නිවසට යමින් සිටිනවා.ඇය යන මගට රිට පැමිණෙනවා.දෙදෙනාම බාබුගෙ නිවසට පැමිණෙනවා.රාත්‍රියෙදී ජුඩ් ඔහු හා වීරවර්ණ බාබු හට පහරදුන් අයුරු මතක් කරමින් බිය වී කල්පනා කරමින්සිටිනවා.පීටර් හා මාකස් පොලිසියට පැමිනෙනවා.සිදු වූ සියල්ල පොලිසියට පවසනවා.ඉවසීමෙන් සිටින ලෙසත් වැඩ පිළිවෙල පොලිසිය කරන බවත්පොලිස් නිළධාරින් කියනවා.මේ අතර රාත්‍රියෙදී කැතරින් හට ශිවා කතා කරනවා.ඉන්පසු සිදුව ඇති සියලු දේ කැතරින් ශිවාට පවසනවා.කලබල වන ශිවා ඉතාමත් දුකින් නිවසට පැමිණෙනවා.සත්‍යා සමඟ කතා කරන ශිවා මේ සියලු විස්තර පවසනවා.තමා නිවසට ගොස් පැමිණෙන ලෙස සත්‍යා හට ශිවා පවසනවා.පොලියට පැමිණෙන පිටර් හට ත්‍රිවිල් එක සොයාගත් බවත් පරික්ෂණ කරගෙන යනබව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *