සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.බාබු තමාගේ දුරකථනය ගැනීමට ඔහුට දුන් ලිපියනයට යනවා.ඉන්පසු පාළු හෝටලයට පැමිණෙන ඔහු හට එයට පැමිණෙන ලෙස දුරකථනය ගත් පුද්ගලයා පවසනවා.ඔහුගේ කීමට බාබු හෝටලය තුලට යනවා බාබු හට කවුරුන් හෝ කතා කරන හඩක් ඇසෙනවා.ඉන්පසු ඔහු ඒ දෙසට යනවා.මේ අතර බාබුගේ අම්මා කල්පනා කරමින් සිටිනවා.ඇය අසලට එන බාබුගේ පියා පීටර් ද එතැනට පැමිණෙනවා.ඇය කල්පනා කරමින් සිටින විට ඇය දුටුවේ සිහිනයක් බවත් එය එතරම් නොහිතන ලෙසත් පවසනවා.කරවල වාඩියට නොයා පාර්ක් එකට ගොස් බාබුව බලන ලෙස පවසනවා.නමුත් එයට අකමැති වන පීටර් එතැනින් පිටව යනවා.පීටර් වෙත පැමිණෙන රෙකා ඔහුට විහිළු කරනවා.

ඉන්පසු කෝප වන පීටර් ඔවුන් හට බැන එතැනින් පිටව යනවා.කැතරින් ඇග්නස්ගේ සාරිය ද රැගෙන ඇය ගේ නිවසට යාමින් සිටිනවා.ඇය ඉදිරියට ඇනිටා පැමිණෙනවා.ඉන්පසු මුදලාලිගේ බිරිඳ රෝහල්ගත කෙරුණු බව කැතරින් හට ඇය පවසනවා.යෙනුකි බාබු හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු බාබුගේ දුරකථනය ඕෆ් කර ඇති බව දැනගන්නවා.තමාට කුමක් හෝ දෙයක් සිදුව ඇති බව පවසා යෙනුකි යහළුවන්ට කියා බාබුව බැලීමට යන බව පවසා එතැනින් පිටව යනවා.පසුදින උදෑසන ශිවා කිසියම් කල්පනාවක සිටින බව පුංචි දකිනවා.ඉන්පසු තමා බාබුව සිහිනයෙන් දැකී බව ශිවා පුංචි හට පවසනවා.බාබු හට පහර දී ජුඩ් හා ගෝලයෙක් ඇස් හා අත් ගැට ගසා දූපතට ගෙනැවිත් දමනවා.කැතරින් බාබුගේ නිවසට වී අම්මා සමඟ කතා කරමින් සිටිනවා.ශිවා තනිව කල්පනා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන ශිවාගේ කඩයේ යහළුවා ඔහු කල්පනා කරමින් සිටින්නේ කුමක්දැයි විමසනවා.ඉන්පසු බාබු ගැන පවසා ඔහුට කුමක් හෝ කරදරයක් වී ඇති ද කියා තමාට දැනෙන බව පවසනවා.බාබුව දූපතේ තමා බාබුගේ ඇස් ලිහා දමනවා.ඉන්පසු එතැනට පැමිණෙන වීරවර්ණ සත්‍යාව රවටා ගෙනආවේ මෙතැනට කියා බාබුව රැගෙන යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *