සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රුක්ෂානා රුවිනි හට ඇමතුමක් ගෙන රෙහාන් හා සරනි සහභාගි වු ඔෆිස් එකේ පින්තුර කීපයක් එවනවා.මෙහි සිටින්නේ නිවසේ සිටින ඩිල්ෂානි බව රුක්ෂානා පවසනවා.රුක්ෂානා කියු දේවල් රුවිනි තනිව කල්පනා කරමින් සිටිනවා.සරනි හා රෙහාන් සරනිගේ නිවසට යනවා.එහිදි රෙහාන් සරනිගේ තාත්තාගෙන් සරනි නිවසේ සිටින කාලයේත් මිනිසුන්ට පහර දෙනවාද කියා විමසනවා.ඩාලිං හට මෝල්ගහෙන් ගැසු කතාව සරනිගේ තාත්තා හට කියවෙනවා.ඉන්පසු සරනි එය බොරුවක් බව පවසනවා.මේ අතර නානායක්කාර හට ඇමතුමක් එනවා.එය ගන්නේ මිෂෙල්ගේ යහළුවෙකි.ඇය තමාගේ නිවසේ රෝගියේ සිටින බව පවසා දොස්තර යැයි අමතමින් පැවසුවද මද වේලාවකින් නානායක්කාර ඇය සිටින තැනට ඒමට කැමති වනවා.ඉන්පසු නානායක්කාර නිවසින් පිටව යාමට සුදානම් වනවා.

රෙහාන් සරනිව ඇයගේ නිවසේ දමා තනිව නිවසට පැමිණෙනවා .ඉන්පසු ඔහු ඉදිරියට රුවිනි පැමිණ රුක්ෂානා එවු පින්තුර පෙන්වමින් මේ පින්තුර වල දිල්ෂානි සිටින්නේ කොහොමද කියා විමසනවා.රුවිනි හා අම්මා විමසන දේවල් වලට රෙහාන් දිල්ෂානිව සොයා ගත්තේ තමා බවත් එය ඔවුන්ට අදාල දෙයක් නොවනබවත්පවසා එතැනින් පිටව යනවා.බන්ඩා වන්ඩු කීපයක් රැගෙන ඩාලිං බැලීම පැමිනෙනවා.ඇය ඉදිරියට පැමිණෙන බන්ඩා දැක යන්නේ කොහේද කියා විමසනවා.තමා වන්ඩු කෑ බවත් ඇයටද ගෙනා බව පවසා ඩාලිං හට දෙනවා.ජීවිතේ කිසිදු දිනක පිරිමියෙක් තමාට කිසිවක් ගෙනැවිත් නොදෙනබව ඩාලිං පවසනවා.නානායක්කාර දොස්තර කෙනෙක් මෙන් වෙස් වලාගෙන මිෂෙල් හා යහළුවා සිටින බෝඩිමට පැමිනෙනවා.එහිදි සිකුරා කලන්තය දමා සිටින බව පවසා ඔහුට ප්‍රතිකාර කරන ලෙස පවසනවා.රෙහාන් සරනි සමඟ කතා කර නැවත ඇයගෙන් රුක්ෂානා සමඟ සිදු වූ දේ වැනි දෙයක් නොවිය යුතු බව පවසනවා.අහිංසකයි ලෙස හිතපු සරනි මෙහෙම උනේ කොහොමද කියා හිතන බවද රෙහාන් පවසනවා.සිකුරාව බලන අතරුතුර සිකුරා හට නානායක්කාර දැක ඔහුව කොහේ හෝ දැක ඇති බව පවසනවා.රාත්‍රියේදි රෙහාන් වෙත යන රුවිනි නැවතද උදෑසන ඇසුදේ විමසනවා.නමුත් ඒ දේවල් කතා කිරීමට අකමැති බව රෙහාන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *