සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ විපුල නිවසට පැමිණ උඳුල්ට බැන වැද යාම නිසා ඒ ගැන වේදනාවෙන් සිටි උදුල් ළඟට පැමිණෙන ඔහුගේ ආච්චි අම්මා ඔහුගේ හිත හදමින්, විපුල හැමදාම ආවහොත් උදුල්ව අඩවා යන බවත් ඔහුගේ ලේ වලින් හැදුන දරුවෙක් කියා හිතෙන්නේ නැත්තේ ඇයිද කියාත් ආච්චි අම්මා උඳුල් සමඟින් හඩමින් පවසද්දී ඔහු මේ ලොකේට බිහිවුණ එකද වරද කියා ඇගෙන් විමසනවා. ඒ අවස්ථාවේ ඔු වගේ දරුවකු ලබන්න පිං කල යුතු බවත් ඔහුගේ අම්මා ජිවත්ව සිටි කාලයේත් විපුල මෙලෙසම ඇයට වද දුන් බවත් ආච්චි අම්මා පවසනවා.මේ වේලාවේ ඔහුට මේ ගෙදර ඕනේ නැති බවත් මෙයත් විපුලටම ලියා දෙන්න කියාත් උඳුල් පවසමින් මේ ගෙදර ඔහුට දි ඔවුන් වෙන තැනක ගිහින් ඉමු කියාත් උඳුල් පවසනවා.ඒ අවස්ථාවේ මේ නිවස ඇගේ බවත් එහෙයින් ඇයට අවශ්‍ය විදියටයි සියළු දේ සිදුවන්නට ඕන කියාත් ආච්චි අම්මා පවසනවා.ඉන්පසු උඳුල්, ඔහු විශාල්ව සොයා ගොස් ඔවුන් සහෝදරයින් බව කිවේ නැති බවත් විශාල් විසින් ඔහුව සොයාගෙන පැමිණි බවත් උඳුල් පවසනවා.

අගස්ති ළඟට පැමිණෙන වින්ඩි ඇයට ඔහුගෙන් යමක් දැනගනන්ට තිබෙන බව පවසමින් ඔහු දන්නා කවුරුන් හෝ කෙනෙකුගේ එදින උපන්දිනයක් තිබුණාද කියා විමසනවා. මේ වේලාවේ අගස්ති බය වෙමින් එසේ ඔහු දන්න කෙනෙකු නැති බව පවසද්දී වින්ඩි දිගින් දිගටම ඔහුට එය විශ්වාසද කියා අසමින් අගස්තිගේ උපන්දින සුබ පැතුමක් දුරකථනයේ තිබී එය ඔහුට පෙන්වමින් ඔහු මෙලෙස විෂ් එක දෙන්නේ කා හටද කියා අගස්තිගෙන් වින්ඩි විමසද්දී එය අගස්ති වැඩි ගානකට නොගෙන ඔහු එදින කැෆේ එක පැත්තෙන් යද්දී ළමයි ටිකක් උපන්දිනයක් සමරමින් සිටි බවත් ඔහු ඉන්පසු ගොස් විෂ් කල බවත් පවසනවා.ඉන්පසු ඔහු සේ එම විෂ් එක දෙනු ලැබ ඇත්තේ හරියට ඔහු දන්නා කෙනෙකුට කියනවා වගේ බවත් ඔහු කිසිදින ඇයට නම් මෙවැනි විෂ් එකක් ලබා දී නැති බවත් වින්ඩි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *