සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ උදේනිගේ නිවසට අක්ෂාගේ අම්මා පැමිණි සිටි අවස්ථාවේ ඇගේ නිවසට අහම්බයෙන් මෙන් පැමිණෙන ආනන්ද අක්ෂාගේ අම්මා සමගින් විස්තර කතා බහ කරමින් සිට , අක්ෂාව ඔහුට බලන්නටත් එන්න බැරිවුන බවත් ඇයට දැන් බොහෝ දුරට හොඳයි කියා ආරංචි වුණ බවත් ආනන්ද පවසද්දී එය එසේ වුවද ඔපරේෂන් එක කරන්න තවම දිනයක් දුන්නේ නැති බවත් කියද්දී දොස්තරලා ඔපරේෂන් කෙන් පසු සම්පුර්ණයෙන්ම සිදුව වෙයි කියා තිබෙනවා නේද කියා අක්ෂාගේ අම්මාගෙන් විමසමින් ඔහු අනුහස්ගේ හිත ගොඩක් හැදු බවත් ඔහු අනුහස්ට මෙහේ බැරි නම් රට ගිහින් හෝ තියන දෙයක් විකුණලා හරි ඇයව සනීප කරගමු කියා කියු බවත් ආනන්ද පවසනවා.ඒ අවස්ථාවේ ආක්ෂාගේ අම්මා ආනන්දට ස්තුතියි කරද්දී කේසේ හෝ අනුහස්ගේ හිත හදන්නට ඇයටත් උත්සහා කරන්න කියාත් ඔහු ඒ ගැන සිතනවා වැඩියි කියාත් ධනුක පවසා සිටිනවා.

මේ වේලාවේ ජුස් බාර් එකට පැමිණෙන රදීෂ් එතැන සිටින පවනිව දැක රස්සාවක්වත් නැති ඇය හැම වෙලේම ජුස් බාර් එකට වී මොකද කරන්නේ කියා අසද්දී ඇය හැමවෙලේම එසේ එන්නේ නැති බව පවනි පවසනවා.ඉන්පසු රදීෂ් ඇය කියන්නේ බොරු බවත් ඩිලාන් ඇයව කිහිපවරක්ම දැක තිබෙන බවත් කියු බවත් පුළුවන් නම් ඔහුගේ ඔෆිස් එකේ රස්සාවක් ඇයට සොයා දෙන්න කියා කියු බවත් රදීෂ් කියමින් ඒ ගැන ඇය ඔහුට නොකිව්වේ ඇයිද කියා අසද්දී එසේ කරදර කරන්න බැනේ කියා පවනි පවසනවත ඒ අවස්ථාවේ ඇයත් එකයි ඇගේ යළුවත් එකයි කියා කියමින් දෙන්නගේම තිබෙන්නේ ලොකුකම බවත් රදීෂ් පවසමින් ඇයට ඉන්ටර්විව් එන ලෙස දන්වා සිටිනවා.එත් සමඟම ඩිලාන් ඇගෙන් ලිහිණි ඉන්නා තැන දන්නවාද කියා ඇසු බවත් ඔහු ඇය ඒ බව දන්නවා කියා ඩිලාන්ට කියුවාද කියාත් විමසද්දී එය අසා පුදුම වුන රදීෂ් ඔහු එසේ කිවේ නැති බවත් ඇය ඇත්තටම ලිහිණි ඉන්නා තැන දන්නෙ නැ නේද කියා රදීෂ් පවනිගෙන් විමසනවා.

මේ වේලාවේ පවනි ජුස් බාර් එකට වී සිටින අතරේ එතැනට පැමිණෙන අනුහස්ගේ කුමක් හෝ වෙනස් තිබෙන බව දැනුන පවනි ඔහු දෙස බලමින් ඔහු බීලා නේද ඉන්නේ කියා විමසද්දී අනුහස් එය වැඩි ගානකට නොගෙන පොඩ්ඩක් පෙවුන බව පවසනවා. එ අවස්තාවේ ඔහු දැන් නම් කිසිදෙයක් අහන්නේ නැති බවත් නරක් වෙලා කියාත් පවනි පවසද්දී එක අතකට එසේ නරක්ම වෙලා යනවා නම් හොඳ බවත් කියද්දී ඔහු මෙසේ ගෙදර යන්නේ කෙසේද කියාත් ඔහු මෙහෙම ගියාම උදේනි බනින්නේ නැද්ද කියාත් විමසද්දී එසේ වෙන්නේ නැති බවත් මන්ද උදේනි ඔහු සමඟින් වැඩි කතාබහක් නැති බවත් අනුහස් පවසද්දී එය අසා පුදුම වෙන පවනි, එ කියු කතාවේ තේරුම කුමක් ද කියාත් අක්ෂා කොහේද කියාත් අනුහස්ගෙන් අසද්දී ඇය ගෙදර ඇති කියා අනුහස් පවසනවා.ඉන්පසු ඇය දෙයක් ඔහුට කියන්නම් කියමින් අක්ෂා බෙහෙත් ටික බීලා ඉක්මනින්ම සනීප වෙයි කියාත් නමුත් ඒ වෙද්දී ඔහු කල්පනා කරලාම ලෙඩෙක් වී ඉඳියි කියාත් පවනි පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *