සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.ඔෆිස් එකේ අනුහස් පැත්තකට වී තනිව කල්පනා කරමින් සිටින තැනට පැමි‍ණෙන රදීෂ් සහ ඩිලාන්, දැන් අක්ෂාගේ තත්ත්වට කෙසේද කියාත් ඩොක්ටර්ස්ලා මොනවාද කිවේ කියාත් අනුහස්ගෙන් විමසද්දී ඔහු ඉතා වේදනවාවෙන් මෙන් අක්ෂාව ඩොක්ටර්ස්ලා රෝහලේ නවත්වන්න කියා කියු බව පවසනවා. ඒ අවස්ථාවේ එය හොඳ බවත් එසේ රොහලේ සිටිද්දී හරි ආකාරව බෙහෙත් ටික ඇයට ලබාදෙන බවත් පවසද්දී එය හොඳක් වෙයිද නරකක් වෙයිද කියා හිතා ගන්නට බැරි බව කියද්දී ඔහු කෙසේ සිතුවත් අක්ෂාවෙ මානසිකව වට්ටන්නට එපා කියාත් ඔහු ඒ සිතන දේවල් ඇයට දැනෙන්නට දෙන්නට එපා කියාත් ඩිලාන් ඉල්ලා සිටිනවා. එත් සමඟම ඔහුට බය වෙන්නට එපා කියාත් අක්ෂාට කරදරයක් වෙන්නේ නැති බවත් කියමින් ඩිලාන් අනුහස්ගේ හිත හදන්නට උත්සහා ගන්නවා.

මේ වේලාවේ උදේනිව මුණගැසෙන්නට පැමිණෙන ආනන්ද ඔහුට යමක් දැනගන්නට තිබෙන බවත් ඔහු අහන දේට කෙලින් උත්තර දෙන්න කියාත් කියමින් අවන්ත ඇගේ නිවසට පැමිණෙනවාද කියා අසනවා. මෙ වේලාවේ උදේනි කිසිවක් නොකියා නිහඬ වී බලා සිටිද්දී ඇය එසෙද් ඉන්නේ එ කියන්නේ ඔහු එනවා කියන එක නේද කියා ආනන්ද අසද්දී එසේ නැති බවත් ඉඳහිට ඔහු එන බවත් උදේනි බයෙන් මෙන් පවසද්දී අමීෂා කතා එක්කද දැන් තරහා කියා ආනන්ද අසනවා. ඒ වේලාවේ ඉස්සර තරහා ඇයත් සමඟ බවත් නමුත් දැන් ආනන්ද සමඟින් බවත් උදේනි කියද්දී, ඒ කාලයේ ඇය උදේනි සමඟින් තරහා ඇයිද කියා පවසද්දී එසේ වුයේ රවීගේ ප්‍රශ්න වලට බව උදේනි පවසනවා. ඉන්පසු ආනන්ද එසේ නම් ඔහු ඇය සමඟින් තරහා වුනේ ඇයිද අසද්දී ඒ ඇය නිසා බව උදේනි පිළිතුරු දෙද්දී එතකොට ඇය ඔවුන් සමඟ යළු බවත් ඔහු තරහා බවත් ආනන්ද පවසද්දී එසේ නම් ආනන්දටද ඔවුන් සමඟින් යළු වෙන්න කියා උදේනි ඉල්ලා සිටිනවා.

රදීෂ් සමඟින් කතා කරන්නට එළියට පැමිනෙන ඩිලාන් ඔහුට රදීෂ් කුමක් හෝ දෙයක් සිදු වුවානම් ඒ ගැන ඔහුට නොකියා ඒවා හංගන්නේ ඇයිද කියාත් කුමක් හෝ ප්‍රශ්නයක් වුවහොත් ඒවා විසදන්නේ කවුද කියාත් ඔහු අසද්දී ඔහු කියන්නේ මොනවා ගැනද කියා රදීෂ් අසනවා.ඒ අවස්ථාවේ පාරේදී අශෝකව ඔහුට මුණගැසුණා කියා නොකිවේ ඇයිද කියාත් ඔහු සමඟින් ගහ ගන්නටද ගියා නේද අසද්දී රදීෂ් කිසිවක් කර කියා ගන්නට නොහැකිව ඔහු එසේ කරන්නට ගියේ නැති බව පවසද්දී ඔහුට බොරු කියන්නට බැරි බවත් මේනකව කම්පැනියෙන් අයින් කලේ බොහෝම අමාරුවෙන් බවත් ඔහුව එසෙ එළවා දමන්නට මුල් වුයේ රදීෂ් හෙයින් ඔහු මේ අවස්ථාවේ බොහෝම පරිස්සම් විය යුතු බවත් ඩිලාන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *