සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.ශිවා කඩයේ වැඩ කරමින් සිටින විට එතැනට පුංචිගේ දුව පැමිණෙනවා.ශිවා වෙත පැමිණෙන ඈ ඔහුගේ ඇස් වසනවා.ඇය ආ බව දැනගත් ශිවා ඇයට යන ලෙස පවසනවා.මේ අතර ඇය සත්‍යා හට බනිනවා එය අසා සිටින ශිවා හට කේන්ති යනවා.බාබු නිවසට පැමිණි පසු ඔහු ව බැලීමට කැතරින්ගේ මව වන මාගරට් හා බාබුගේ යහළුවෙක් වන බන්ටි පැමිණෙනවා.බාබු නිවසේ නැති බවත් ඔහු රෝහල්ගත කර ඇති බවත් බාබුගේ දෙමාපියන් පවසනවා.ජුඩ් බීමතින් බෝට්ටුවකට වී සිටිනවා.ඉන්පසු ඔහු ඉන්න තැනට ඔහුගේ අම්මා පැමිණෙනවා.ඉන්පසු කෝපයෙන් ජුඩ් හට බැන වදිනවා.බාබු හට යෙනුකි ඇමතුමක් ගන්නවා.බාබු ගෙදර අයට නොකියා යෙනුකි බැලීමට යාමට සුදානම් වනවා.ටික වේලාවකින් බාබු යෙනුකි සිටින තැනට පැමිණෙනවා.නිවසට පැමිණෙන බාබුගේ පියා බාබු හා ත්‍රිවිල් එක නැති බව දකිනවා.හදිසි වන බාබුගේ මව හට කලන්තය දානවා.පසුදින ජුඩ්ගේ මව වීරවර්ණගේ නිවසට පැමිණෙනවා.සත්‍යාගේ අම්මා වෙත පැමිණෙන ඇය කෝපයෙන් ඔවුන්ට මේ සිදුවඇත්තේ ලුකස්ගේ ශාපය බව පවසනවා.ඉන්පසු සත්‍යාගේ මව හයියෙන් සීනුව නාද කරනවා.

එය ඇසි පැමිණෙන වීරවර්ණගේ පියා ඇයට එතැනින් ඉවත් වන ලෙස පවසනවා.බාබුගේ නිවසට පැමිණෙන කැතරින් හට බාබුගේ මව අසනීපෙන් බව දැනගන්නවා.ඇයට එසේ වීමට හේතුව බාබු බව පවසනවා.බාබුව ගෙදර ගෙන්වා ගන්න කුමක් හෝ කරන ලෙස බාබුගේ පියා පවසනවා.බාබු හට කැතරින් ඇමතුමක් ගන්නවා.ඉන්පසු අම්මාට අසනීප බවත් ඉක්මනින් නිවසට පැමිණෙන බවත් පවසනවා.ඉන්පසු කැතරින් පවසන්නේ බොරු බවත් බාබු පවසා දුරකථනය විසන්ධි කරනවා.යෙනුකි වෙත අච්චාරු රැගෙන බාබු පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා එය කමින් සතුටින් සිටිනවා.යෙනුකි සත්‍යා සිටින්නේ කොහේද කියා විමසුවත් එය බාබු ඇයට නොකියනවා.බාබු යන ඉතාම හොඳ යහළුවෙක් බවත් ඇය බලා පොරොත්තු වු දේත් එය බවත් පවසනවා.වීරවර්ණගේ නිවසට ඔහුගෙ නංගි පැමිණෙනවා.ඇය නිවසින් පිටව යාමට සුදානම් වන විට සත්‍යාගේ කාමරයේ සිට වීරවර්ණ තනිව කතා කරන බව ඇසෙනවා.ඔහු තනිව කියවන්නේ පිස්සෙක් බව ඇය පවසනවා.කෝපයෙන් පැමිණෙන වීරවර්ණ ඇයව නිවසෙන් පන්නා ගන්නවා.මේ අතර සාවිත්‍රි ඇයගේ යහළුවෙක් හට තමා විවාහ වීමට යන්නේ ශිවා බවත් ඇය කඩයට වැඩ කරන බවත් පවසා ඇයගේ යහළුවා ශිවා බැලීමට එක්කගෙන එනවා.කඩයට පැමිණෙන ඔවුන් දෙදෙනා ශිවා සමඟ කතා කරනවා.නිවසට පැමිණෙන බාබුගේ ත්‍රිවිල් එකට කැතරින් මගට පැමිණෙනවා.ඉන්පසු අම්මාට අමාරුවී රැගෙන ගියබව කැතරින් පවසනවා.ඇත්තක් බව සිතන බාබු ඉක්මනින් නිවසට යාමට සුදානම් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *