සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය මේ දින වල කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යක් ලෙස විකාශය වනවා.බාබු හට අම්මා ඇමතුමක් ගන්නවා.ඉන්පසු බාබුගේ දුරකථනය ගන්නා ජුඩ් එම ඇමතුව විසන්ධි කරනවා.ඉන්පසු ජුඩ් බාබු හට තවත් පහර දෙනවා.මේ අතර යෙනුකිද බාබු හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු එම ඇමතුමත් ගන්නා ජුඩ් බාබු මෙන් යෙනුකි හට කතා කරනවා.ඉන්පසු එය අසා සිටින බාබු යෙනුකි හට කෑ ගසා ඒ කතා කරන්නේ ජුඩ් බව පවසනවා.ඉන්පසු කලබල වන යෙනුකි බාබුව වීරවර්ණ අල්ලා ගෙන ඇති බව පවසනවා.යෙනුකි වීරවර්ණ හට කතා කර තමා යෙනුකි බවත් බාබු හට කරදරයක් නොකරන බවත් පවසනවා.ඉන්පසු ජේරාජ් සමඟ වීරවර්ණ යෙනුකි බාබු ගැන දැනගත්තේ කෙසේදැයි විමසනවා.

මේ අතර යෙනුකි ඉක්මනින් බාබුගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඉක්මනින් බාබුගේ මව වෙත පණිවිඩය යෙනුකි පවසනවා.බාබුගේ මව පීටර් හට මෙය පැවසීමට දිව යනවා.හඩමින් පීටර් හට සිදුව ඇති දේ පවසනවා.පීටර් වීරවර්ණ මුදලාලිගේ නිවසට යන බව පවසා එතැනින් පිටව යනවා.ශිවා වෙත පැමිණෙන පුංචි බාබු කතා කරාද කියා විමසනවා.තවම කතා කලේ නැතිබවත් සාවිත්‍රිගේ අංකය දුන් බවත් පවසනවා.වීරවර්ණ වෙත පැමිණෙන පීටර් ජේරාජ් හමු වෙනවා.පුතාව පණපිටින් ඕනනම් නිවසට යන ලෙසත්බාබුව නැවත නිවසට එවන ලෙසත් ජේරාජ් පවසනවා.ජේරාජ් බාබු හිර කරගෙන සිටින තැනට පැමිණෙනවා.ඉන්පසු බාබුව නිදහස් කිරීමට වීරවර්ණ කියු බව ජුඩ් හට ජේරාජ් පවසනවා.ඉන්පසු බාබු එතැනින් පිටව යාමට සුදානම් වනවා.තමාගේ දුරකථනය ගැන බාබුජේරාජ්ගෙන් විමසනවා.එය දැන්ම බාබු හට හමු නොවන බව පවසනවා.බාබු එතැනින් පිටව යනවා.බාබු ඉතාම අමාරුවෙන් නිවසට පැමිණෙනවා.ඔහු පැමිනෙනවිට යෙනුකිද ඔහුගේ නිවසට වී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *