සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදාරෙයි ටෙලි නාට්‍ය මේ දින වල සිදු වුයේ මෙලෙසයි.වීරවර්ණ දුකින් සත්‍යා ගැන කල්පනා කරමින් සිටිනවා.ඔහුට කෑම කැවීමට එන සත්‍යාගේ මවද එතනින් එළවා ගන්නවා.ශිවා හට කඩයේදි තවත් යහළුවෙක් මුණ ගැසෙනවා.ඉන්පසු ඔහු ශිවාගෙන් විස්තර විමසනවා.තමා තරම් හොඳින්කිසිවෙකු තෝසේ හදන්නේ නැති බව ඔහු ශිවාට පවසනවා.මැණිකේද තෝසේ කෑමට කැමති බව පැවසු ශිවා හට ඔහුගේ යහළුවා නිවසට යද්දි තෝසේ සාදා දෙන්නම් කියාත් එය බිරිඳට ගොස් දෙන බව පවසනවා.සත්‍යා හා පුංචි දහවල් කෑම ගනිමින් සිටිනවා.ඉන්පසු සත්‍යා කෑම නොකන බව දැනගත් පුංචි ඇයට කෑඹ කන ලෙස පවසනවා.ශිවා ගැන සත්‍යා හට දුක ඇති බවත් තමා නිසා ශිවා දුක් විදිනබවත් සත්‍යා පවසනවා.ඕනම දේකට ඇය ඔවුන් සමඟ සිටින බව ශිවාගේ පුංචි සත්‍යා හට පවසනවා.සත්‍යාගේ අම්මා හට ඔවුන් ගේ මතකයන් මතක් වනවා.සවස ශිවා වැඩ කරන කඩයට පුංචිගේ දුව පැමිණෙනවා.ශිවාගේ යහළුවා පැමිණ ගැහැණු ළමයෙක් ඇවිත් ඇති බව පවසා ඉක්මනින් යන ලෙස පවසනවා.

ශිවා පැමිණෙන විට ඇය තමා ශිවා සමඟ නිවසට යාමට සිටි බව පවසා දෙදෙනාම එකට යමු කියා පවසනවා.මේ අතර නිවසට පැමිණෙමින් සිටින බාබුව වීරවර්ණගේ පිරිස විසින් අල්ලා ගන්නවා.ශිවා එනතුරු සත්‍යා බලා සිටිනවා.නිවසට පැමිණෙන ශිවා පසු පසින් නංගි පැමිණෙන බව සත්‍යා දකිනවා.සත්‍යා කෝපයෙන් මෙන් ඇයදෙස බලා සිටිනවා.තමා වෙත පැමිණෙන ශිවා හට නංගි නපුරු බවත් රාත්‍රියේදි ඇය ශිවා ළඟ නිදාගන්නා බව පවසනවා.යෙනුකි බාබු හට ඇමතුමක් ගන්නවා.ඇය කාව්‍යා සමඟබාබු තවම ඇමතුමක් දුන් නැතිබවත් වීරවර්ණගේ හැටි ඇය දන්නා බවත් පවසනවා.බාබු යනු හොඳ කෙනෙක් බව යෙනුකි කාව්‍යා සමඟ පවසනවා.බාබු හට පහර දෙමින් වීරවර්ණගේ පිරිස සත්‍යා හා ශිවා සිටින තැන ගැන විමසනවා.නමුත් බාබු කිසිවක් නොකියනවා.ඔවුන් සිටින තැනට වීරවර්ණ පැමිණෙනවා.පොල්ලක් අතේ තියෙන වීරවර්ණ බාබු හට පහර දී සත්‍යා ගැන විමසනවා.තමා ඔවුන් දෙදෙනා ගැන නොදන්නා බවත් ඔවුන්ව පුත්තලමින් බැස්සු බවත් එතැනින් එහාට කිසිවක් නොදන්නා බව පවසනවා.කෙසේ හෝ බාබුගෙන් විස්තර දැනගන්නා ලෙස ජේරාජ් හට වීරවර්ණ පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *