සතියේ සෑම දිනකම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල් වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.පුංචිගේ නිවසට පැමිණෙන ශිවා හා සත්‍යා රාත්‍රියේදි කතා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන බාබුද ඔවුන්ගේකතාවට එකතු වනවා.පසුදින බාබු නිවසය යන බව ඔවුන් සමඟ පවසනවා.සත්‍යා එවිට අනිවාර්යෙන් වීරවර්ණ බාබුව සොයා එන බව පවසනවා.ශිවා ද බාබු හට පරිස්සම් වන ලෙස පවසනවා.තමා කාටවත් බිය නැත බව සත්‍යා හට බාබු පැවසු විට සත්‍යා ඔහුට බැන වදිනවා.මේ අතර එතැනට පැමිණෙන පුංචිද ඔවුන්ගේ කතාවට එකතු වනවා.රාත්‍රියේදි නිදා ගැනීමට සත්‍යාව පුංචි රැගෙන යනවා.මේනකා හා මේරි රාත්‍රියේ සුදු මැණිකේ ගැන කතා කරමින් සිටිනවා.නින්දට යන බාබු හා ශිවා සිදු වූ දේ ගැන කතා කරමින් සිටිනවා.එහිදි බාබු ශිවාගෙන් ඔහු කල්පනා කරන්නේ කුමක්ද කියා විමසනවා.කිසිදවසක සත්‍යා හට දුකක් නොදෙන බව ශිවා පවසනවා.සියලු දේ අතහැර පැමිණි සත්‍යාව බලාගන්නා ලෙස බාබුද ශිවා හට පවසනවා.ගමට ගොස් සිටිය හැකි බවත් තමාට ශිවා නැති අඩුව දැනෙන බව බාබු පවසනවා.ඔවුන්ගේ කතාව සත්‍යා කාමරයට වී අසා සිටිනවා.

ඉන්පසු ඇය හඩා වැටෙනවා.කාමරයේ සිටින පුංචිගේ දුව සත්‍යා හට ලයිට් නිවන ලෙස පවසා බැන වදිනවා.මේ අතර මෙරිල් ඇමති හා පිරිස කෙසේ හෝ වීරවර්ණගෙන් පලි ගැනීමට යුතු බව පවසනවා.පසුදින උදෑසන ගමට යාමට බාබු පිටත් වනවා.ඉන්පසු ඔහු සමඟ කඩේ වැඩට යාමට ශිවා ද යනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා පිටත්ව යනවා.ඔවුන් ගිය පසු සත්‍යා වෙතයන පුංචිගේ දුව ශිවා දුක් විදින්නේ ඇය නිසා පව පවසනවා.එය අසා සිටින පුංචි ඇයට බැන එතැනින් පිටත් කර යවනවා.බාබුගේ මවට කැතරින්ගේ මව මුණගැසෙනවා.බාබු හා ශිවා සිටින්නේ කොහේදැයි විමසනවා.නමුත් ඇග්නස් කිසිවක් ඇයට නොපවසනවා.බාබු හා ශිවා කඩය වෙත පැමිණෙනවා.එහි වැඩ කිරීමට ශිවාට පුළුවන්ද කියා බාබු විමසනවා.සත්‍යා වෙනුවෙන් පිඟන් හෝ හෝදන බව ශිවා පවසනවා.තමාද ශිවා වෙනුවෙන් ඕනම දෙයක් කරන බව බාබු පවසා ඔහුද සංවේදි වනවා.ඉන්පසු ශිවා කඩය වෙත යනවා.මේ අතර තෝමස් වැලේලේ සිටින පව ඇග්නස් හා කැතරින්ගේ මව දැක ඔහු අසලට පැමිණෙනවා.බාබුගේ මව තෝමස් වෙත පැමිණ කොල්ලො දෙදෙනාට සිදු වු දේ කුමක්ද කියා විමසනවා.

තොමස් හැමදේම දන්නා බවත් තමාගේ පුතා ගියේ කොහේද කියා තෝමස්ගෙන් විමසනවා.තමා කිසිවක් නොදන්නා බවත් ඔහු දන්නේ ඔවුන් දන්නා දේවල්ම කියා පවසා එතැනින් පිටව යනවා.ටික දුරක් පැමිණෙන බාබු යෙනුකි හට ඇමතුමක් ගන්නවා.තමා දැන් පැමිණෙන බවත් පැමිණ ඔහු අළුතින් ජීවිතය පටන්ගන්නා බව බාබු යෙනුකි හට පවසනවා.තොමස් වැල්ල දමා යන බව ඇග්නස් හා කැතරින්ගේ මව වෙත පවසනවා.ශිවා කඩයේ පිඟන් සෝදමින් සිටිනවා.එතැනට පැමිණෙන කඩයේ සිටින තවත් අයෙක් ශිවා ගැන විස්තර විමසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *