සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා. කුරුළු සහ සුභද්‍රා නැති අතරේ අදිත්‍ය ඔවුන්ව සොයා නිවසට පැමි‍‍ණෙද්දී නිවසේ සිටි රෙෂ්මා සමගින් ඔහු පුජාගේ කෙස් එක පත්තරයෙන් දුටු බවත් ඒ ගැන අහන්නට ඔහු උදේ ඉඳන් කුරුළුට කොල් කල බවත් නමුත් ඇයගේ දුරකථනය වැඩ නැති බවත් අදිත්‍ය පවසද්දී ඔවුන් දෙදෙනා එදින උසාවියට ගිය බව කියද්දී ඇත්තටම සිදු වුයේ කුමක් ද කියා අදිත්‍ය රෙෂ්මාගෙන් විමසනවා. ඒ අවස්ථාවේ පුජාට පිස්සු හැදී තිබෙන බවත් එදිනව උසාවි තීන්දුවෙන් පසුව ඇයව අයිඩීඑච් එකට දායි කියාත් රෙෂ්මා පවසද්දී ඔහුට එය හිතාගන්නට බැරි බව අදිත්‍ය පවසද්දී එය පුදුම වෙන්නට දෙයක් නොවන බවත් ඒ සිදු වී ඇත්තේ පුජා කරපු වැරදි වල ඇයට ලැබුණු විපාක බවත් ඇය පවසද්දී එය ඇත්ත බවත් සුභද්‍රා පුජා ගැන මොනවාද කියන්නේ කියාත් ඔහු අසනවා.ඉන්පසු සුභද්‍රා මේ දිනවල සිටින්නේ අවුලෙන් බවත් මන්ද පුජාට මෙසේ සිදුවන්නට ඇයත් හේතුවක් වන බවත් ඇය සිතන බවත් රෙෂ්මා පවසනවා.

අභිමන් මහ රැ එළියට වී පුජාට සිදු වු දේ ගැන කලකිරීමෙන් ඊට ඔහුත් වගකිව යුතු බව කල්පනා කරමින් සිටිද්දී ඔහුව දැක එතැනට පැමිණෙන වාසනා, ඔහුට රැ කෑම සඳහා පැමිණෙන ලෙස ඉල්ලා සිටියද ඔහුට මේ තිබෙන ප්‍රශ්න නිසා කෑමක් කන්නටවත් හිතක් නැති බව පවසද්දී ඔහු කුමකටද මේ ගැන කල්පනා කරන්නේ කියාත් ඔහුටත් අවශ්‍ය වී තිබුණේ වැරදිකාරයා දැනගෙන ඒ කෙනාට දඬුවම් ලබා දෙන්න නේද කියා අසද්දී එය ඇත්ත වුවත් දැන් වෙන්නේ වෙනමම දෙයක් බවත් කියද්දී පුජා මේ ගෙවන්නේ ඇගේ කර්මය බවත් ඒ කර්මය ඔහු ගෙවන්නට ඕනේ නැනේ බවත් කියමින් ඕනම කෙනෙක් වරදක් කරනවා නම් ඒ කෙනාට දඬවම් විඳින්නට සිදු වන බවත් අභිමන්ට පැහැදිලි කර දෙන්නට උත්සහා ගන්නවා.ඒ වේලාවේ බඇය කියන දේවල් ඇත්ත වුවත් මේ වේලාවේ පුජා සිටින්නේ අසනීපයෙන් බවත් ඒ නිසා ඔහුට ඒ පිළිබඳ වේදනවාක් තිබෙන බවත් අභිමන් වාසනා සමගින් පවසා සිටිනවා.

පුජාට ලැබුණු නඩු තීන්දුව සහ ඇය සිටිනා තත්ත්වය ගැන කම්පාවෙන් සිටින සුභද්‍රා ළඟට යන කුරුළු , ඇය මෙලෙස කල්පනා කරමින් සිටින්නේ පුජා ගැනද කියා විමසද්දී ඇය ඒ ගැන සිතමින් සිටි බවත් ඇය තවමත් සිතන්නේ එදින ඇය පුජාව තනිකර දමා ආවේ ඇයිද කියා බවත් පුජා කියන්නේ මෙසේ ඉන්න ඕන දරුවකු නොවන බවත් කියද්දී ඇයට සුභද්‍රා කියන දේ තෙරේන බවත් නමුත් ඇය කියනා දේත් තේරුම් ගන්න කියමින් පුජාට එසේ වුයේ සුභද්‍රාම නිසා නොවන බවත් ඒ පුජාගේම වැරදි නිසා බවත් කුරුළු කියමින් පුජාට වැරදි කරන්නට කලින් මුලින්ම ඇයට අවසානයෙදී වෙන්නේ කුමක්ද කියා සිතන්නට තිබුණු බවත් ඇය එසේ සිතුවා නම් අදටත් මලින්ද ජිවතුන් අතර සිටිනා බවත් කුරුළු වේදනාවෙන් යුතුව පවසා සිටිනවා.ඉන්පසු ඔවුන්ට දැන් නැති වුන දෙවල් ගැන සිත සිත සිටියහොත් ඔවුන්ට ඉතුරු වෙන්නෙත් දුක පමණක් බවත් එ නිසා දැන් ඒ දේවල් ගැන නොසිතා ඉමු කියාත් කුරුළු ඇගෙන් ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ ජනනාද පුජාගෙ සෞඛ්‍ය තත්ත්වය මේ වෙද්දී කෙසේද කියා දැනගන්නට ඩෝක්ටර්ව හමුවන්නට පැමිණි අවස්ථාවේ ඇයව සම්පුර්ණයෙන්ම සුව කර ගන්නට තව ටික කාලයක් යන බව පවසද්දී පුජාට ඔහුවවත් මතක නැත්තේ ඇයිද කියා ජනනාද විමසද්දී එය එම රෝගයේ ලක්ෂණයක් බවත් ඇයට සියළුදෙනා ගැනම තිබෙන්නේ තරහක් පමණක් බවත් ඇය මානසිකව ජිවත් වන්නෙත් එකම එක කෙනෙක් සමඟ බවත් ඒ අභිමන් සමඟ බවත් ඩොක්ටර් පවසද්දී ඇතත්ටම අභිමන් කියන්නේ කවුද කියා ජනනාදගෙන් විමසද්දී අභිමන් කියන්නේ ඔහුගේ හොඳම යහළුවාගේ පුතා බවත් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් තිබුණු බවත් නමුත් කාලයක් ඉහතදී ඔවුන් දෙදෙනා අතර යම් යම් ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත් බවත් ඉන්පසු එම සම්බන්ධය නැති වුණ බවත් ජනනාද ඩොක්ටර් සමඟින් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *