සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..මේ වේලාවේ දිල්ෂාන්ව මුණැගසෙන්නට පැමිණෙන වින්ඩි ඇය පරක්කුද කියා විමසමින් විශාල්ගේ විස්තර සහ ආ ගිය තොරුතුරු ගැන ඔහු සමඟින් කතා කරමින් සිටිනවා. ඒ අවස්ථාවේ විශාල් ගොඩක් හොඳින් ඉන්නා බවත් ඔහු තරඟයෙන් දිනයි නේද කියාත් දිල්ෂාන් අසද්දී වින්ඩි ටිකක් කල්පනා කර ඔවුන්ගේ අතේ තමයි වැඩේ තිබෙන්නේ කියා වින්ඩි පවසද්දී ඔවුන්ගේ අතේ තිබෙන බව කියුවත් අගස්ති සහ වින්ඩිගේ අතෙත් කරන්න දේවල් ගොඩක් තිබෙනවා නේද කියා දිල්ෂාන් කපටිකමෙන් මෙන් ඇගෙන් අසමින් අගස්තිගේ සැප සනීප ඔහු විමසනවා.. වින්ඩි ඉන්පසු ඔහු හොඳින් ඉන්නා බව කියද්දී අගස්ති පසුගිය දින ඊෂා සමගින් ස්ටෙජ් එකේ සින්දුවක් ගායනා කර ඔහු ලකුණු ටිකක් දාගත් බව පවසද්දී එය වින්ඩි වැඩි ගානකට නොගෙන සිනාසෙමින් ඕව් කියා පිළිතුරු ලබා දෙනවා.

මේ වේලාවේ විශාල්ගේ වාහනයේ උඳුල් අමතක වී දමා ගිය ඔහුගේ සියළු තොරුතුරු ඇතුළත් ෆයිල් එක දකින විශාල් එහි තිබෙනා දේවල් කියවන අවස්ථාවේ ඔහුගේ හැඳුනුම්පතේ තිබු උදුල්ගේ සම්පුර්ණ නම දිකින විශාල් ඉන්පසු ඔහුගේ උත්පැන්නේ පියාගේ නමට තිබෙන්නේ කුමක්ද කියා සොයද්දී එහි විපුලගේ නම තිබෙනවා දැක කලබල වෙමින් කිසිවක් සිතා ගත නොහැකිව ඔහුට උඳුගේ මතකන් සිහිවන්නට ගන්නවා. ඉන්පසු ඔහු යළිත් එම ලියකිවිලිද රැගෙන වාහනයට නැග උඳුල් සිටින තැතට යන ගමන් සිටින අතරේ ඔහුට ඔහුගේ අයියාව හමුවන්නට අවශ්‍ය බව විපුලට කියු අවස්ථාවේ විපුල එය මඟ හැරි හැටි සිහියට නැගෙනවා.ඔය අතරේ උඳුල්ගේ ෆයිල් එක ඔහු විසින් දමා ගොස් ඇති බව දැනගන්නා උඳුල් විශාල්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් විමසද්දී ෆයිල් එකක් තිබෙන බවත් ඔහු එය රැගෙන එන්නම් කියාත් විශාල් පවසනවා.ඉන්පසු එය රැගෙන එන විශාල්, ඔහුට එය ලබාදෙද්දී උඳුල් ඊට ස්තුතියි කරද්දී උඳුල්ට කියන්නට තිබෙන්නේ එය විතරද කියාත් ස්තුතියි මල්ලි කියා නොවේද කියාත් විශාල් අසනවාත් සමඟම උදුල් පුදුමයට පත්ව කිසිවක් කර කියා ගන්නට නොහැකිව ඔහු දෙස බලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *