සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..මේ වේලාවේ ඊෂාගේ හිතුවක්කාරකම් නිසා තාත්තාගෙන් බැනුම් අහන්නට සිදු වුණ සමාධි ඔහු කියු දේවල් ගැන සිතමින් හඬමින් සිටිද්දී එතැනට කිසිවක් නොදැන පැමිණෙන ඊෂා ඇගෙන් ඇය මෙලෙස හඬන්නේ ඇයිද කියා විමසද්දී ඊෂා දෙස කෙන්තියෙන් මෙන් බලමින් මින් පසු කිසිදේකට මේ ගෙදරින් එළියට යන්නට අහන්න එපා යැයි කියමින් හැමොම බනින්නේ හැමදේටම ඇයට බවත් ඇය දුක් වින්දා මදිද කියාත් සමාධි කෑගසමින් අසද්දී මොකද්ද වුනේ කියා ඇයට කියන්න කියා ඊෂා දිගින් දිගටම අසා සිටියද සමාධි එයට හේතුව නොකියාම මොක වුනත් කමක් නැති බවත් මින් පසු ඇයට ගෙදරින් එළියට යන්නට බැරි බවත් කියමින් කෑගසනවා. ඉන්පසු ඊෂා ඇය දෙස මඳ වේලාවක් බලා සිටිමින් කිසිවක් නොකියා දුකින් මෙන් යන්නට යනවා.

මේ වේලාවේ අගස්ති අපර්ට්මන්ට් එකේ සිට එළියට පැමිණෙන තුරු බලා සිටිනා දිල්ෂාන්, ඔහුට කතා කරද්දී ඔහුව දැක අගස්ති නැවතී ඔහුගේ සැප සනීප විමසද්දී ඔහු ඉතාමත් හොඳින් ඉන්නා බවත් මන්ද විශාල් තරඟයෙන් උඩින්ම දිනපු බවත් පවසද්දී ඔහු එය දන්නා බවත් විශාල්ට ඊට ඔහු සුභ පැතුව බවත් අගස්ති පවසමින් නමුත් උඩ යනවා කියන්නෙස් දිනන එකම නොවන බවත් උඩ ගිහින් වැටුනහොත් වෙන ඩැමෙජ් එක වැඩි බවත් අගස්ති පවසද්දී ඔහු කියු කතාවන් ඇල්ලුවේ නැති දිල්ෂාන් ඔවුන් විශාල්ව උඩට ගෙන යන්නේ යළි වැටෙන්නට නොවන බව කියද්දී ඔවුන් විසින් ප්ලැන් කල වැඩෙ හිරි ගියේ නැ නේද කියා අගස්ති ඔහුගෙන් විමසද්දී ඒ කුමක්ද කියා දිල්ෂාන් අසනවා. ඉන්පසු ඊෂාව තරඟයෙන් ඉවත් කරන එක බව අගස්ති පවසද්දී මිනිස්සු ප්ලෑන් කරලා ඊෂා සමඟින් සිංදු කියලා ඇයව ගොඩ දාපු බවත් නමුත් එය හැමදාමත් කරන්නට බැ නේද කියාත් දිල්ෂාන් අගස්තිට කියද්දී අගස්ති එය වැඩිය ගනන් නොගනිමින් බලමු කියා ඔහුට පවසනවා. ඉන්පසු ඔවුන් ඔහුට ඔවුන් සමඟින් එකතු වෙන්න කියා සුහදව ආරාධනා කල බවත් නමුත් ඔහු එය ප්‍රතික්ෂෙප කල බවත් එය ප්‍රශ්නයක් නැති බවත් නමුත් ඔහු පැත්තකට වෙලා හිටියොත් හොඳ බවත් ඩිලාන් පවසනවා.

මේ වේලාවේ විශාල්ව අහම්බයෙන් මෙන් දැක ඔහු සමඟින් කතා කරනන්ට පැමිණෙන අගස්ති, ඔහුගේ සැපදුක් ගැන අසමින් ගෙදර පාටියක් තිබුනා නේද කියා විශාල්ගෙන් විමසද්දී ගෙදර කට්ටිය එකතු වී පාටියක් පැවැත්වුණු බවත් අගස්තිටත් ආරධනා කරන්නට හිටිය බවත් විශාල් පවසද්දී ඔවුන්ට එසේ තරඟයේ ඇති නීති අනුව එන්නට බැරි බව අගස්ති පවසමින් එම පාටිය ඔගනයිස් කලේ ඔහුගේ කැම්පෙන් මැනේජර්ද කියා අමුතුවට මෙන් විශාල්ගෙන් විමසද්දී විශාල් බය වෙමින් අචිනි එම පාටිය ඔගනයිස් කලේ නැති බව විශාල් පවසනවා. ඉන්පසු ඇය දිගටම ඔහුත් සමඟින්ද වැඩ කරන්නේ කියා අගස්ති අසද්දී තරඟය ඉ වර වෙනතුරු එසේ වෙයි කියාත් ඔහු එසේ ඇසුවේ ඇයිද කියාත් විශාල් විමසද්දී එය ඔහුට අදාලා දෙයක් නොවන බවත් නමුත් කැම්පෙන් කරද්දී අනිත් අයට මඩ ගහලා කරන්නට එපා කියාන්න කියා විශාල්ට අගස්ති පවසනවා. ඉන්පසු අචිනිගේ කැම්පෙන් එකෙන් ඊෂාව අයින් කරගන්න කියාත් විශාල් වුනත් ඊෂාගෙන් අයින් වෙලා ඉන්නවාට ඔහු කැමති බවත් අගස්ති පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *