සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. වින්ඩි සහ අගස්ති සමඟින් කතා කරමින් සිට ඉන්පසු අගස්ති සමඟින් තනිව කතා කරමින් එඵළියට පැමිණෙන වසන්ත, වින්ඩි අගස්ති ගැන බොහෝ සේ සොයනවාද කියා ඔහුගෙන් විමසනවා.ඉන්පසු ඒ කාලයේ නම් එහෙන් මෙහෙන් සෙවු බවත් දැන් නම් එතරම් සොයන්නේ නැති බවත් කුමක්ද ප්‍රශ්නය කියාත් වසන්ත අසනවා. ඒ අවස්ථාවේ ඔහු පැමිණෙන තුරු වින්ඩි පෙන්වමින් සිටියේ කුමක්ද කියා අගස්ති දන්නවාද කියාත් ඇය නිලුගෙ පින්තුරයක් ඔහුට පෙන්වමින් නිලු ගැන ඔහුගෙන් විස්තර ඇසු බවත්, ඔහු එක්කෝ වින්ඩිට සම්පුර්ණ ඇත්ත කියන්න කියාත් නැතිනම් හොරෙන් කරන දෙයක් පරිස්සමින් කරන්න කියාත් නැතහොත් අගස්ති කවදා හෝ ලොකු අමාරුවක වැටෙන බවත් කියමින් එක්කෝ ඊෂා කියන්නේ කවුරුන්ද කියන ඇත්ත වින්ඩිට කියන්න කියාත් ඔහු කියද්දී එය ගනන් නොගන්නා අගස්ති වින්ඩි කියන්නේ ඔහුගේ කවුද කියා යළිත් අනිත් පැත්තට වසන්තගෙන් අසමින් ඊෂා ඔහුගේ කවුරුත් නොවන බව පවසනවා.

අපර්ට්පම්න් එකට යන ගමන් සිටින ඩිල්ෂාන් අගස්ති දැක කතා කරමින් ඔහුව හඳුන්වා දෙමින් ඔහු අගස්තිගේ හොඳ රසිකයෙක් බව පවසනවා. ඉන්පසු ඩිල්ෂාන් අගස්තිගෙන් ඔහු විශාල්ව දන්නවා නේද කියා අසමින් විශාල් තමයි ඔහුගේ දුව බඳින්නට ඉන්න කෙනා බව පවසනවා. එය අසා විස්මයට පත්වෙන අගස්ති විශාල් ළඟදීම විවාහ වෙන්නටද යන්නේ කියා ඩිල්ෂාන්ගෙන් විමසනවා.ඒ අවස්ථාවේ ලඟදී සිදුවෙයිද කියා කියන්නට බැරි බවත් නමුත් ඔවුන් දෙදෙනා තමයි විවාහ වෙන්නට ඉන්නේ කියා ඩිල්ෂාන් පවසමින් විවාහයට දින නියම වුන ගමන් ඔහු ඒ ගැන කියන්නේ අගස්තිට බව ඩිල්ෂාන් පවසනවා. ඉන්පසු ඔහු අගස්තිගෙන් විශාල් රයිසින් ස්ටාර්ස් වෙයිද කියා සිනාසී අසද්දී එය තීරණය කරන්න ඔහු බැරි බවත් එය තියෙන්නේ මිනිස්සු ඇතේ බවත් අගස්ති පවසනවා. ඉන්පසු ඊෂා ගනැ විස්තර කියමින් ඩිල්ෂාන්ට වුවමනා වන්නේ ඊෂාව අගස්ති ලවා තරඟයෙන් ඉවත් කර ගැනීමට උදව් ලබා ගැනීමට වුවත් අගස්ති ඊට රැවටෙන්නේ නැහැ.

ඔය අතරේ වින්ඩි සමගින් නිදහසේ කතා කරමින් සිටින අගස්තිගෙන් ඔහු වසන්ත සමඟින් නුවරඑළියේ යනවා නේද කියා වින්ඩි අසනවා. ඒ වේලාවේ ඔවුන් යන්න සිටියද වසන්තට වැඩ වගයක් වැටී ඇති හෙයින් එම ගමන යන්නට වෙන්නේ නැති බව අගස්ති පවසනවා. ඉන්පසු එය අසා වින්ඩි , එයද ඇත්තම හේතුව නැතිනම් ඔහු යන්නට කැමති නැතිද කියාත් වින්ඩි අමුතුවට අසමින් ඔහුගෙ පංතිවල සිටි ගැහැණු ළමයි දැන් හමුවෙන්නේ එහෙම නැතිද කියා විමසනවා. ඒ අවස්ථාවේ එසේ ඔහුට හමුනොවන බව අගස්ති පැවසුවද වින්ඩිට අවශ්‍ය වුයේ අගස්තිගෙන් නිලු ගැන විස්තර දැන ගැනිමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *