සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.රමණි ළඟට පැමිණෙන රදීෂ්, කවදා වන තුරු ඔවුන් මෙසේ තරහ වී ඉන්නද කියා අසමින් මෙසේ ඉන්න එකෙ තේරුම කුමක්ද කියා රමණිගෙන් අසනවා. ඒ වෙලාවේදී ඇගේ කිසිම ප්‍රශ්නයක් නැති බවත් ඇය කියන දේ ගැන ඔහුට තේරුම් ගන්නනට බැරි වෙන එකයි තියන එකම ප්‍රශ්නය බවත් රමණි පවසනවා. ඉන්පසු පසුදික සිදු වු දේට ඔහුට සමාව දෙන ලෙසත් අක්කා ඔහුට කියු දේවල් වලට ඔහුට හොඳටම කේන්ති ගිය බවත් එලෙස කාට වුනත් කතා කරන එක වැරදි බවත් රදීෂ් ඇයට තේරුම් කර දෙද්දී ඒවා හිතන්නට එපා කියාත් ගෙවල් වල එවැනි රණ්ඩු ඇති වෙන බවත් ඉන්පසු ඒවා එතැනින් පසුවට තියාගන්නට එපා කියාත් අමතක කර දමන්න කියාත් රමණි ඉල්ලා සිටිමින් එත් සමඟම අම්මා කෙනෙකු පුතෙකු කරන වැරදි හිතෙ තියාගෙන ඉන්නේ නැති බවත් ඔහුට තේරුම් කර දෙනවා.ඉන්පසු එසේ නම් දැන් තිබෙන ප්‍රශ්නය කුමක්ද කියාත් විමසද්දී ඇයට ඔහු අමාරුවේ වැටෙනවා බලා ඉන්නට බැරි බවත් අම්මා කෙනෙකුට එය දරාගන්නට බැරි බවත් රමණි පවසද්දී ඔහුගේ ජිවිතේ කෙසෙවත් අවුල් වන්නේ නැත බවත් ලිහිණි කියනනේ හොඳ ගැහැනු ළමයෙකු බවත් එය තේරුම් ගන්න කියාත් රමණිගෙන් ඉල්ලා සිටිනවා.

මේ වෙලාවේ ලිහිණිගේ වෙනස්වීම දරාගන්නට නොහැකි වුන රදීෂ් ඩිලාන්ද සමඟින් ලිහිණිට කතා කරන්නට ඇගේ බෝඩිමට පැමිණෙනවා. ඉන්පසු ඩිලාන් ලිහිණි සමඟින් ඔවුන්ගේ ප්‍රශ්නය ගැන කතා කරමින් ඇය වෙනදා වගේ නැති බව කියමින් රදීෂ් අවුලෙන් නිවසේ සිටින බවත් ඇය ඇත්තටම එසෙ වෙනස් වෙලාද කියාත් ඩිලාන් විමසද්දී රදීෂ් හිතනවා වැඩි කියාත් ඔහුම තනිව ඒවා හිතින් හදාගත් ඒවා බවත් පවසද්දී රදීෂ් ඇගේ කතාව අසා හිතාගන්නට බැරිව ඇය ඩිලාන් සමඟින් එසේ කිව්වද ඇය වෙනදා වගේ ඔහු සමගින් කතා කරන්නේ නැති බව රදීෂ් පවසනවා. ඉන්පසු ඩිලාන් මිනිස්සුන්ට හැමදාම එකම විදියිට ඉන්නට බැරි බවත් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන බවත් පවසද්දී ඇය පහුගිය කාලයේ විභාගය නිසා කාර්යබහුල වු බවත් ඒ නිසා වෙනදා මෙන් ඇයට ඔහු සමඟින් කතා කරන්නට බැරි වුන බවත් ලිහිණි කියද්දී එය අසා ඩිලාන් රදීෂ් බොරුවට කලබල වී ඇති බවත් මෙවැනි ප්‍රශ්න විසඳන්නට ඔහු එන්නට අවශ්‍ය නැති බවත් ඒවා ඔවුන් තනිව කතා කර විසඳා ගත යුතු ප්‍රශ්න බවත් ඩිලාන් පවසා සිටිනවා.ඒ වෙලාවේ ලිහිණි මෙසේ බොරුවට කතා කරන්නේ ඩිලාන් එතැන ඉන්නා නිසා බවත් ඔහුගේ අම්මා වන රමණි කරන වැරදි වලට ලිහිණි ඔහුගෙන් පලි ගන්නා බවත් රදීෂ් පවසා සිටිනවා.

අසනීපයෙන් සිටින අක්ෂාව බලන්නට පැමිණෙ උදේනි ඇගේ සැප දුක ගැන විමසමින් කතබහා කරමින් සිටින අතරතුරේ අක්ෂා උදෙනිගෙන් ඇයට අහන්නට දෙයක් තිබෙන බව කියමින් අනුහස් මොනවා හෝ දෙයක් ඇය ගැන කිවේ නැතිද කියා විමසනවා. ඒ වෙලාවේ ඒ මොනවාද කියා උදේනි අසද්දි ඇගේ අසනීපය සම්බන්ධයෙන් මොනවා හෝ දෙයක් අනුහස් කිවේ නැති ද කියා අක්ෂා අසනවා. මේ වෙලාවේ ඒ ගැන කිසිවකත් නොදන්න උදේනි මඳ වේලාවෙක් කල්පනා කරමින එසේ විශේෂ දෙයක් ඔහු කිවේ නැති බව පවසද්දී අනුහස් මොනවා හො දෙයක් ඇගෙ අසනීපය සම්බන්ධයෙන් සඟවන බවත් ඔවුන් හිතනවාට වඩා ලොකු අසනීපයත් ඇයට තිබෙනවා කියා දැනෙන බව අක්ෂා අවුලෙන් පවසනවා.ඇගෙ කතාව අසා සිටින උදේනි ඇයට පිස්සු කියාත් ඇය හිතනවා වැඩියවි කියාත් උදේනි සිනාසෙමින් පවසද්දී මඳ වෙලාවක් කල්පනා කරමින් සිටින අක්ෂා ඇය කවදා හෝ දවසක මැරුනොත් අනුහස්ට හොඳ කෙනෙකු සොයා දෙනවාද කියා අසනවා.ඉන්පසු උදේනි ඇය එවැනි කතා කියන්නේ ඇයිද කියාත් එසේ සිතන්නට එපා කියාත් පවසද්දී ඇයට ඇය මැරෙයි කියා සිතෙන බව අක්ෂා හඬමින් පවසද්දී උදේනි ඇගේ හිස සනසවමින් ඔවුන් හැමොම දවසක මැරෙන බවත් නමුත් හැම වෙලේම ඇය ඒ ගැන කතා කරන්නට එපා කියාත් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *