සතියේ දින වල රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සෙහෙර් වෙත පැමිණෙන මෙහෙමට් තමා විවාහ වීමට අකමැති බව පවසනවා.එය අසා සිටින සෙහෙර් මෙම තීරණය ගත්තේ පවුලේ අයගේ උවමනාවටද කියා විමසනවා.තමා මෙය ගත් බවත් එය වෙනස් නොකරන බවත් පවසා මෙහෙමට් එතැනින් පිටව යනවා.රාත්‍රියේදි මෙහෙමට් බීමතින් නිවසට පැමිණෙනවා.ඉන්පසු එතැන තිබෙන විරාත්ගේ කාර් එකේ අත වැදි එහි නලාව වදින්ට ගන්නවා.ඉන්පසු එහි සද්දය ඇසි විරාත් එතැනට පැමිණෙනවා.මෙහෙමට් ඉන්පසු විරාත් හට බැන වදිනවා.එතැනට පැමිණෙන රුමා හා පවුලේ අය මෙහෙමට් විරාත් සමඟ රණ්ඩු වීමට සුදානම් වීම නවත්වනවා.මේ අතර සේරා හමුවීමට සොෆි පැමිණෙනවා.තමාගේ තාත්තා හට සේරා සමඟ කතා කිරීමට උවමනා බව පවසනවා.තමා හා තාත්තා ඇයට බොරුවක් නොකල බවත් උවමනාකලේ සේරා සමඟ තාත්තා හට කතා කිරීමට බවත් සොෆි පවසනවා.කෝප වන සේරා සොෆි හට බැන වදිනවා.නිවසට පැමිණෙන සේරා තමාගේඅතීතය සිහිගන්වමින් දුක් වනවා.

මේ අතර ලෙවෙට් හමුවීමට සෙනාම් යනවා.තමා නැවත ඔහු හමුවීමට නොපැමිණෙන බව පවසා ඇය එතැනින් පිටව යනවා.රාත්‍රියේදි මෙහෙමට් වෙත යන රුමා තමා විවාහ නැවැත්වුයේ ඇයි දැයි රුමා විමසනවා.විරාත් ඔවුන් හට ණය ගෙවීමට කියු පවත් විවාහයක් සිදු කරගනිමින් තවත් ඔහුට ප්‍රශ්ණ දාගත නොහැකි නිසා තමා විවාහය නැවැත්වු බව මෙහෙමට් පවසනවා.මේ අතර සෙහෙර්ගේ නැන්දා මෙහෙමට් විවාහ නැවැත්වු දේ පවසමින් සෙහෙර් හට බැන වදිනවා.මේ අතර ඔවුන්ගේ නිවසට සේරාපැමිණෙනවා.සෙහෙර් හට මෙහෙමට් දුන් මුද්ද නැවත ගැනීමට ඇය ආ බවත් එය පවුලේ උරුමයකින් ආ බවත්එය නැවත ඔවුන්ට දෙන ලෙස සේරා පවසනවා.නමුත් මෙය දැම්මේ මෙහෙමට් බවත් එය ගැනවීමට පුළුවන් මෙහමට්ට බවත් සෙහෙර් පවසනවා.කෝප වන සේරා එතැනින් පිටව යනවා.පසුදින මෙහෙමට් හමුවීමට යන සෙහෙර් තමා හට දරුවෙක් ලැබීමට සිටින බව පවසනවා.මේ අතර හල්දුල් හට ලෙවෙට් හා සෙනාම්ගේ ඡායාරූප යැවුවේ විරාත් ලෙස සිතා සෙනාම් විරාත් හට බැන වදිනවා.නමුත් තමා එවැනි දෙයක් නොකල බව පවසා විරාත් එතැනින් පිටව යනවා.

රාත්‍රියේදි සෙනාම් බීමතින් ලෙවෙට් හමුවීමට යනවා.සෙනාම් ද නිවසේ නැති බව දැනගත් හල්දුල්ද සෙනාම් සොයා ලෙවෙට්ගේ බොට්ටුවට යනවා.බොට්ටුවේ සිටි සෙනාම් හා ලෙවෙට් දකින හල්දුල් හට පපුවේ කැක්කුමක් ගන්නවා.එතැනට පැමිණෙන සෙනාම් හල්දුල් හට ඔහුගේ බෙහෙත් නොදි බලා සිටිනවා.හල්දුල් ඉතා අමාරුවෙන් එතැන වැටී කෑ ගසනවා.එතැනට පැමිණෙන ලෙවෙට් ඔහුව ඉක්මනින් රෝහල්ගත කිරීමට සුදානම් වනවා.තමා හල්දුල් හට බෙහෙත් නොදුන් නිසා ඔහුට අමාරු වු බව සිතමින් සෙනාම් දුක් වනවා.මෙහෙමට් නිවසට පැමිණෙනවා.තමා නැවත විවාහ වන බව සේරා හට පවසනවා.නැවත සෙහෙර්ගෙන් මුද්ද ගැන නොඅසන ලෙස මෙහෙමට් අම්මා හට සැර කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *