සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.මිෂෙල් හට මානවි ඇමතුමක් ගන්නවා.ඇය ඇමතුමක් ගන්නා බව මිෂෙල් මාටින් හට පවසනවා.මිෂෙල්ගේ දුරකථනය මාටියා රැගෙන ඇයට උත්තර දෙනවා.මිෂෙල් එතැන නැති බවත් පණිවිඩියක් ඇත්තම් පවසන ලෙසත් මානවි හට කියනවා.ඉන්පසු තමා මිෂෙල්ගේ යහළුවෙක් බවත් ඇයට තමා හට කතා කිරීමට උවමනා බවත් පවසනවා.තමා මන්ත්‍රිතුමා බවත් මිෂෙල් යනු තමාගේ බිරිඳ බවත් මාටියා පවසනවා.මානවි දුරකථනය විසන්ධි කරනවා.මෙතෙක් කල් තාත්තා යාළු වී සිටින්නේ මන්ත්‍රි කෙනෙකුගේ බිරිඳක් සමඟ බව මානවි හා ඇගේ නංගි කතා කරමින් සිටිනවා.නානායක්කාර නිවසින් පිටව යාමට සුදානම් වන විට පොඩ්ඩි එතැනට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනාම සිදුව ඇති දේ පවසනවා.ඉන්පසු තමා එවැනි දෙයක් කර නැති බව පවසනවා.මේ අතර සිකුරා තම නිවසට යාමට යනවා.ඔහු අසලට පැමිණෙන බන්ඩා ඔහුට නොයන ලෙස පවසනවා.ඉන්පසු බන්ඩා කියනදේත් නොඅසා සිකුරා ඩාලිං හමුවීමට යනවා.බානු , අභි හා ජුඩ් බන්ටිගේ විවාහය ගැන කතා වනවා.

කවදා හෝ දිනක ඇය කරන බොරුව අහු වන බව පවසනවා.මිෂෙල් හට ඇමතුමක් ගන්නා නානායක්කාර තමාව හමු වන ලෙස පවසනවා.ඩාලිං හමුවීමට සිකුරා පැමිණෙනවා.ඉන්පසුඑතැනට පැමිණෙන ඩාලිං සිකුරා හට ඉදුල් වතුර ගසනවා.ඉන්පසු කෝප වන සිකුරා එතැනින් පිටව යනවා.ඉන්පසු එයට මැදිහත් වන ටුටු සිකුරාව එතැනින් පටත් කර යවනවා.සරිනි හට ඇමතුමක් ගන්නා අළුවිහාරේ රෙක්සි දික්කසාදය සඳහා අවශ්‍ය ලිපි රැගෙන එන බවත් එයට අත්සන් කරන ලෙසත් පවසනවා.තමා එයට අත්සන් නොකරන බව සරනි පවසනවා.ඉන්පසු එසේ කිරීමට නොහැකි බවත් එය එකඟතාවක් බවත් රෙහාන් පවසනවා.ඉන්පසු සරනි හඩමින් තමා කෙසේ හෝ තාත්තා හා අම්මා කැමති කරවාගන්නා බවත් පවසනවා.රෙහාන්ගෙන් පසු නැවත කිසිවෙකු සමඟ විවාහ නොවන බව සරනි පවසනවා.සරනි හඩමින් රෙහාන් හට කතා කරනවා.ඉඳුල් වතුර ගසාගෙන ආ සිකුරා බන්ඩා වෙත ගොස් සිදු ව ඇතිදේ පවසනවා.ඉන්පසු ඔවුන් සියලු දෙනා ඔහුට ගොස් නාගෙන එන ලෙස පවසනවා.බන්ටි බන්ඩා හමුවට පැමිණෙනවිට රෙක්සි සිටින අයුරු දකිනවා.ඉන්පසු ඉක්මනින් බන්ටි බන්ඩා සොයා දිව යනවා.

රෙක්සි එන බව සරනි බන්ඩා වෙත පැමිණෙනවා.බන්ඩා වෙත පැමිනෙන රෙක්සි සියලු විස්තර පවසනවා.සරනි නිවසේ නැති බව බන්ඩා පවසනවා.ඉන්පසු රෙක්සි හට කතා කරන නානායක්කාර තමා දික්කසාද නොවි සිටීමට තීරණය කර බවත් කතා කරගත්ත විදිහට විවාහය ගන්නා බවත් පවසනවා.රෙක්සි පිටව ගිය විට යහළුවන් සිදු වු දේ ගැන කතා කරමින් සිටිනවා.ඉන්පසු සරනි හට රෙහාන්ගෙන් ඇමතුමක් එනවා.සියලු දේ අමතක කර දමන ලෙසත් කතා කරගත් ලෙස විවාහය සිදු වන බව පවසනවා.රාත්‍රියේ නිවසට යන රෙහාන් තමා විවාහ වීමට යන බවත් ඇඹිලිපිටියට යාමට සුදානම්ව සිටින ලෙසත් පවසනවා.මිෂෙල් හමුවීමට එන නානායක්කාර ඇයට කිසිවෙකු හෝ සමඟ සම්බන්ධයක් පවත් වනවාද කියා විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *