සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ ඉවසුමක් නැතිව මලින්ද එනතෙක් සුභද්‍රාත් ,රෙෂ්මාත්, කුරුළුත් බලා සිටිනවා.ඒලෙස බලා සිටින අවස්ථාවෙත් ඔහු ගැන කතා කරමින් සිටිද්දී කුරුළු ඇගෙන් යළිත් ඇයට වතවමත් ඒ සිටින්නේ මලින්ද කියා විශ්වාස නැතිද කියා අසද්දී එලෙස විශ්වාසයක් නැතිකම නොවන බවත් ඇයට එ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නට හැකියාවක් නැති බවත් ඇයට දැනෙන විදියට මෙතැන මොකක්ම හෝ දෙයක් තිබෙන බව සුභද්‍රා පවසද්දී ඇය කෙතරම් නැ කිවත් ඇගේ හිතත් ඒ ඉන්නේ මලින්ද කියා පිළිගන්නා බව කුරුළු පවසනවා.ඉතිං එත් සමඟම මලින්ද පොලිසිය සමඟින් එනවා දකින රෙෂ්මාත් කුරුළුත් ඔහු ළඟ දිව යමින් ඔහුව වැළඳගෙන් හඩාවැයෙද්දී ඔවුන්ට හඬන්නට එපා කියාත් ඔහු දැන් ඔවුන් ළඟට ආ බවත් මලින්ද පවසා සිටිනවා.ඔය අවසථාවේ ඔවුන් දෙස ආදරෙයෙන් බලා සිටින සුභද්‍රාත් ඔහු ළඟට පැමිණ හඬමින් ඔහුව ඇය අවිශ්වාස කරාට සමාව ඉල්ලා සිටිනවා. ඉන්පසු මලිනද් ඇය මෙසේ ඔහුගෙන් සමාව ඉල්ලිය යුතු නැති බවත් ඔහුයි ඔවුන්ට වරදක් කලේ ඔවුන්ව මෙසේ තනිකර දමා ගොස් බව මලින්ද පවසා සිටිනවා.

අභිමන්ගේ ඔෆිස් කාමරයට පැමිණෙන පූජා, ඔහු එදින ජිම් එකට යන්නේ නැතිද කියා අමුතුවට විමසද්දී අභිමන් එය වැඩිය ගානකට නොගෙන වේලාව බලමින් ඔහු යන්න තමයි ඉන්නේ කියා පවසමින් ඇයටත් නිකන් ඉන්න එකේ ජිම් එකට එන්න කියා අභිමන් පවසද්දී ඇයට කවුරුන් සමඟවත් ජෝඩු දාගෙන ජිම් යනන්ට අවශ්‍ය නැති බව පවසනවා.එත් සමඟම ඔහු වෙනදාට ගියේ ඒ ජිම් එකට නොවන බවත් නමුත් ළඟකදී සිට ඔහුට අමායා යන ජිම් එකටම යන්නට අවශ්‍ය වුයේ ඇයිද කියා පුජා ප්‍රශ්න කරද්දී එය අසා සිනාසෙන අභමින් ඔහු කුමකටද ඇය එසේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියා විමසමින් ඇයට උත්තර දෙන්න ඔහු බැඳිලා නැති බව පවසමින් ඔහුට ඔහුගේ පාඩුවේ ඉන්නට දී එතැනින් යන්න කියා අභිමන් පවසනවා. ඔහු කියනා සියළු දේ ඉවසා සිටි පුජා , ඇය ඔහුට කිසිදින කරදරයක් වුයේ නැති බවත් නමුත් අවුරුදු දෙකක් තිස්සේ ඔහුගේ ඔළුව කුරුළු විසින් අවුල් කල බවත් කියමින් මාසයක් දෙකක ගත වෙන්න කලින් ඔහු මෙසේ තවත් එකක පැටලෙනන්ට යන්නේ ඇයිද කියා අභිමන්ගෙන් අසනවා.ඒ වේලාවේ ඇය ඔහුට කරදර නොකර යන්නම් කියාත් නමුත් ඔහු තවමත් ඇගේ ආදරය තේරුම් ගත්තේ නැති එක ගැන ඇයට දුක බවත් පුජා වේදනාවෙන් පවසමින් එතැනින් පිට වෙනවා.

මලින්දගේ කාමරයට පැමිණෙන සුභද්‍රා කාමරය දෙස බලමින් කල්පනා කරමින් සිටියදී එතැනට පැමිණෙන මලින්ද ඔහු නැති කාලයදී ඔවුන් ගොඩක් වෙනස් වෙලා නේද කියා විමසද්දී ඔවුන් වෙනස් වී නැති බවත් ඇය කාලයක් මානසිකව වැටී සිටිය බවත් කියමින් ඔහු ඔවුන්ව මෙසේ තනිකර ඇයිද කියාත් සුභද්‍රා හඬමින් අසද්දී ඔහු ඔවුන්ව අත්හැරියේ නැති බවත් සිදු වු සියළු දේ ගැන හිමින් සැරේ ඇයට කියන්නම් කියාත් මලින්ද පවසද්දී රෙෂ්මා සහ කුරුළු ඔහු ආ එක ගැන ගොඩක් සතුටෙන් ඉන්නේ කියාත් කියද්දී ඔහු ආ එක ගැන ඇයට සතුටක් නැති ද කියා මලින්ද අසද්දී ඇයට ඔහු ආ එක ගැන හිතට දැනෙන සතුට කියාගන්නට බැරි බවත් කියමින් යළි කිසි දින මොන ප්‍රශ්න ආවත් ඔවුන්ව තනිකර යන්නේ නැහැ කියා පොරොන්දු වෙන්න කියා සුභද්‍රා ඔහුගේන් ඉල්ලා සිටිද්දී ඔහු එය මඟහරිමින් ඔහුට එම පොරොන්දුව දීමට නොහැකි නිසා ඔහු වොෂ් එකක් දාගෙන එන්නම් කියා එම ප්‍රශ්නය මඟහරිනවා. ඉන්පසු සුභද්‍රා ඔහුට වොෂ් එකක් දාගෙන නිදාගන්න කියා කියද්දී ඇය නිදාගන්නට එන්නේ නැතිද කියා මලින්ද අසද්දී සුභද්‍රාට ඔහු එසේ කිව එක ගැන සැකයක් ඇති වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *