සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ නාගයාව අත්හැරිය තැනට අදිත්‍යව රැගෙන යන කුරුළු එතැන පෙන්වමින් ඇය එතැන ආරක්ෂිතව එම නාගයාව තබා ගිය බව පවසද්දී එය අදහාගත නොහැකි වුණ අදිත්‍ය ඇය කර තිබෙන්නේ පුදුම සහගත සැලසුමක් බවත් බැරිවෙලාවත් ඇය මේ කල දේ ගැන පොලිසියට ආරංචි වුවා නම් ඇයට නඩුවේදී ලොකු ප්‍රශ්නයක් වන බව පවසද්දී ඇය එය හොඳින්ම දන්නා බවත් නමුත් ඇයව තේරම් ගන්නට පුළුවන් එකම කෙනා ඔහු වන නිසා ඇය මෙලෙස ඔහුව එතැනට රැගෙන ආ බවත් කුරුළු පවසා සිටිනවා. එත් සමඟම ඇගේ හිතේ තවමත් ඒ නාගයා ඔහුගේ තාත්තා කියා විශ්වාසයක් තිබෙන බවත් ඇය හැම දිනයකම නාගයාව බලන්නට පැමිණියද අවසන් දවසේ ඇය පැමි‍ණෙද්දී එතැන නාගයා සිටියේ නැති බවත් නමුත් ඒ වෙනුවට තාත්තා එදින ඇත්තම රූපයෙන් ඇය ඉදිරිය පැමිණ සිටිය බවත් කුරුළු පවසද්දී ඇය කියනා සියළු දේ අදහා ගත නොහැකිව අදිත්‍ය පුදුමයෙන් මෙන් අසාගෙන සිටිනවා. ඒ වේලාවේ ඇය ඒ කියනා දේවල් කිසිවකුත් විශ්වාස කරන්නේ නැති බවත් එ හේතව නිසා ඇය ඒ දේවල් කවුරුන් සමඟින්වත් නොකියා සිටින්නේ කියාත් කුරුළු පවසනවා. මේ ගැන මඳ වේලාවක් කල්පනා කරමින් සිටින අදිත්‍ය ඇය සිදු වු දේවල් කිසිවක් කටවත් කියන්නට එපා කියාත් එවගේම ඒ ගැන පොලිසියට පැමිණිලි කරන්නටද එපා කියාත් අදිත්‍ය ඉල්ලා සිටිමින් ඇය එසේ කලහොත් යටගිය ප්‍රශ්නය යළිත් මතු වෙන්නට පුළුවන් බවත් කුරුළුට පැහැදිලි කර දෙනවා.

පූජාට දුරකථන ඇමතුමක් ලබා ගන්නා බනුර, එදින සැලසුම කුමක්ද අසමින් ඔහු කාමරයට වී ඔහේ ඉන්නා බව පවසනවාත ඒ වේලාවේ පූජා ඔහුට එදින කොහේවත්ම යන්නට එපා කියා පවසද්දී ඔහු ඔහුගේ වැඩකට එළියට ගොස් එන්නම් කියා පූජාට පවසද්දී එය අසා තරහා ගිය පූජා ඔහුට යන්නට එපා කියා කෑගසමින් ඔහුට බැන වදිද්දීම එ අසළින් යන අනුලාට ඇගේ කැගැසිල්ල ඇසී නැවතී සිට ඔහු කාත් සමඟින්ද කතා කරන්නේ කියා කන්දීගෙන සිටිනවා.ඒ වේලාවේ ඇගේ සැලසුම හරියටම හරියනවාද නැද්ද යන්න තීරණය වන්නේ ඔහුගේ හැසීරිම මත බවත් ඇයටත් ඔහුව පාලනය කරන්න පුළුවන් සීමාවක් තිබෙන බවත් පවසද්දී ඇයට බය වෙන්නට එපා කියාත් ඔහු වැඩේ වරද්ද ගන්නේ නැති බවත් බනුර කියා සිටිනවා. ඒ වේලාවේ ඔහු එළියට යනවා නම් යන්නට ඕනේ මලින්ද විදියට පමණක් බවත් එසේ නැතුව එළියට බහින්නට සිතන්නට එපා කියාත් පූජා කියමින් ඔහු ඇය කියනා දේ නොඅසා ගියහොත් එකේ ලොකු අවදානමක් තිබෙන බවත් පවසද්දී ඒ ඇයිද අසමින් ඇය එසේ කියන්නේ මිනිමරුවන් නිදැල්ලේ සිටින නිසාද කියා බනුර අසනවා.එයත් එක් හේතුවක් බවත් ඊට තවත් හේතු ගොඩක් තිබෙන බවත් පූජා පවසනවා. ඉතිං ඒ වේලාවේ ඇය කතා කරමින් සිටිනවා අසාගෙන සිටි අනුලා කලබලයෙන් මෙන් එතැනින් දිව යනවා.

මේ වේලාවේ කම්පැනියට පැමිණ සැරෙන් සැරේ එහි වැඩකටයුතු අවුල් කරන්නට යන මෙත්මා ගැන කෙන්තියෙන් සිටින අභිමන් ජනනාදට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහු ඔවුන්ගේ කම්පැනිය දියුනු වනවාට අකමැතිද කියාත් ඔහුට ඕන කම්පැනිය හැමදාම ප්‍රශ්නත් සමඟින්ම යනවා දකින්නටද කියාත් ඔහුගෙන් අසද්දී ඔහුට අභිමන් කියනා දේ පැහැදිලි නැති බවත් කම්පැනියේ දැන් ඇති වී ඇති ප්‍රශ්නය කුමක්ද කියාත් ජනනාද විමසද්දී මාලන් ඔවුන්ගේ කම්පැනිය වට්ටවන්නට පුළුවන් බිංදුවටම වට්ටා රටින් පැන ගිය බවත් එම ප්‍රශ්න සියල්ල විසදෙන්නටත් කලින් මෙත්මා කම්පැනියට ආ බවත් එලෙස පැමිණත් ඔවුන්ගේ වැඩ සියල්ලම අවුල් කරනන්ට යන බවත් කියමින් ඊට කුමක් හෝ විසඳුමක් ලබා දෙන්න කියාත් ඔහුට තවත් මේවා බලා සිටිමට නොහැකි බවත් අභිමන් පවසා සිටිනවා. ඒ අවස්ථාවේ ඔහු මෙත්මාට මේ පිළිබඳ පැහැදිලි කර දෙන්නම් කියද්දී තේරුම් කර දී වැඩක් නැති බවත් ඇයව නවත්වා ගන්නා ලෙසත් යළිත් ඔෆිස්ට ඇයව එවන්නට එපා කියාත් අභිමන් ජනනාදගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *