සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.ඊෂා අසපුවට යන අතරේ ඇයට උදුල්ව මඟදී හමුවෙනවා. ඒ වේලාවෙ අසපුවට සිදු වු දේ පිළිබඳවත් කෙසේ හෝ එ ප්‍රශ්නය මෙලෙස විසඳගෙන අසපුව අරින්නට ලැබිම ඉතාම හොඳ දෙයක් බවත් ඊෂා පවසද්දී එය එසෙ වුවත් යළිත් කොයි වෙලේ කොයි විදියේ ප්‍රශ්නයක් එයි ද කියා කියන්නට බැරි බවත් පවසමින් රයිසින් ස්ටාර්ස් තරඟයේ ඇගේ වැඩකටයුතු කෙසේද කියා උඳුල් විමසනවා. ඉන්පසු එය කරගෙන යන බවත් ප්‍රශ්නයක් නැති බවත් ඊෂා පවසමින් තරුපති ඇයට අසපුවේ සිටින ළමයින්ගෙන් දෙදෙනෙක්ව ඉන්දියාවේ යවන බව කී බවත් ඒ ගමනට අනිවාරයෙන්ම උඳුල්ව තෙරෙයි කියාත් නමුත් අනිත් කෙනා කවුරුන් වෙයිද කියා හිතාගන්නට බැරි බවත් ඊෂා පවසනවා. ඔය අතරේ උඳුල් විශාල් ගැන විස්තර අසමින් සිටිද්දී උඳුල් කතා කරන විදිය සමහර අවස්ථාවලදී ඔහු වගේම බවත් ඔවුන් දෙදෙනා සහෝදරයින්ද කියා වේලාවකට සිතෙන බවත් ඊෂා විහිළුවෙන් සිනාසෙමින් පවසද්දී එය අසා උඳුල් බය වෙනවා. ඉතිං තවමත් ඊෂා , විශාල් සහ උඳුල් කියනනේ සහෝදරයින් බව නොදැනයි ඉන්නේ.

මේ වේලාවේ අගස්තිගේ යහළුවකු වන වසන්ත ගැන විස්තර වින්ඩි අසමින් ඔහුව අගස්තිට හමුවුයේ පංතියේදීද කියා විමසද්දී ටික දිනක් ඔහු පංතියට ආ බව පවසද්දී ටික වේලාවක් ගොත ගසමින් සිටින වින්ඩි ඕනෑ වෙනවා ඔහු තරුපතිවත් හඳුනනවාද කියා දැනගන්නට. ඉන්පසු ඇය එය අසද්දී ඔහු තරුපතිවත් දන්නා බව වැඩිය ගානකට නොගෙන පවසද්දී එසේ නම් අගස්තිගේ මුළු චරිතය ගැන ඔහු දන්නවා ඇති කියා වින්ඩි විහිළුවෙන් වාගේ අසමින් වේලාවක තරුපිතව හමුවී ඔහු ගැන දැනගන්නට ඕනේ කියා පවසනවා. මේ වේලාවේ වින්ඩිට ඕනෑ වුනේ අගස්ති ඔහු ගැන කියද්දී වගේම නුවරඑළි ජිවිතේ ගැන කතා කරද්දී එ හැම අවස්ථාවකදීම ඔහු එය මඟහරින නිසා ඒ වේලාවේදීත් අගස්ති මොනවාද කියන්නේ කියා දැනගන්නටයි. ඉතිං ඔය අතරේ වින්ඩි සමඟින් අගස්ති කතා කරමින් සිටින අතරේ ඔහු හෙට අනිද්දාට වසන්තලා සහ ඔහුගේ යහළුවන් කිහිපදෙනෙකු සමඟින් ගමනක් යන්නට සුදානම් වෙන බවත් එලෙස ගියාම දින දෙක තුනක් යයි කියාත් අගස්ති පවසද්දී ඒ කොහේද යන්නේ කියා වින්ඩි අසනවා. ඒ වේලාවේ ඔවුන් යන්නේ නුවරඑළි බව කියනවාත් සමඟම ඒ ගැන ටික වේලාවක් කල්පනා කරන වින්ඩි ඇයත් එසේ නම් ඔවුන් සමඟින් නුවරඑළියේ යාමට එන්නම් කියා පවසා සිටිනවා. ඉන්පසු ඇයට ඒ ගමනට එන්නට බැරි බව අගස්ති පවසද්දී ඒ ගැන සැකයක් ඇති වුන වින්ඩි , නුවරඑළිය ගැන කතා කරන්නටවත් අකමැතිව සිටි ඔහුට එකපාරටම නුවරඑළීයේ යාමට සිතුනේ ඇයිද කියා අගස්තිගෙන් අමුතුවට අසා සිටිනවා.

පැත්තකට වී කල්පනා කරමින් සිටින සමාධි ළඟට පැමිණෙන ඊෂා, ඇය තවම නිදි නැත්තේ ඇයිද අසමින් ඇය මෙතරම් කල්පනා කරන්නේ මොනවා ගැනද කියා අසනවා. ඒ වේලාවේ ඇයට නිදිමත නැති බවත් යළිත් ඇයට කොළඹ යාමට තියෙන්නේ කවදාටද කියාත් සමාධි විමසනවා. ඒ අවස්ථාවේ එස්එම්එම් වටය ආරම්භ වන්නට ළඟ හෙයින් හෙට අනිද්දා වෙද්දී කොළඹට යළිත් යාමට සිදුවන බව ඊෂා පවසද්දී දුණුසිංහටත් කොළඹ යාමට ඕනේ කියු බව සමාධි පවසද්දී එය අසා සතුටු වන ඊෂා, සීයාටත් තරඟය බලන්නට ආස ඇති බව පවසනවාත් සමඟම ඔහු එලෙස පැමිණෙන්නේ ඒවා බලන්නට නොවන බවත් ඔහු ඊෂා ගැන බයෙන් සිටින නිසාක් ඇය අගස්ති සමඟින් කතා කරයි කියා බය නිසාත් ඔහු මෙලෙස ඔවුන් සමඟින් එන්නට තීරණය කර තිබෙන බව සමාධි පවසනවා. ඉන්පසු ටික වේලාවක් කල්පනා කරන ඊෂා සීයා ගැන ඇයට දුක බවත් මේ සියළු ප්‍රශ්න අගස්ති නිසා බවත් ඇය ඔහුට ලෙසියෙන් ඔවුන්ට ඇති කල ප්‍රශ්න වලින් ගැලවී යාමට ඉඩ දෙන්නට බැරි බව පවසා සිටිනවා. ඉන්පසු සමාධි ඊෂාට අගස්තිට ඔහුගේ පාඩුවේ වින්ඩි සමඟින් ඉන්නට ඉඩ දෙන්න කියාත් ඔහුගේ දේවල් ඔවුන්ට වැඩක් නැති බවත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *