සතියේ දින පහේම රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රසිකා හමුවීමට එන මාලන් හට රසිකාගේ අම්මා මාලන් හට දෙමාපියන් ගෙන්වන ලෙස පැවසුවද ඔහු එය නොකල බව පවසා බැන වදිනවා.නිතරම රසිකා මුණ ගැසීමට නිවසට පැමිණෙන විට ගමේ මිනිසුන් කතන්දර කියන බව පවසනවා.ඇය බනිමින්සිටින විට මාලන් හට ඇමතුමක් පැමිණ එතැනින් පිටව යනවා.කඩය අසලට යන සරා හා යහළුවන් හට නැවත රණ්ඩු වලට පැටලෙන්නට එපා කියා මුදලාලි හා සිරිසේන පවසනවා.මන්ත්‍රිතුමා හා කැකුළා කඩයටපැමිණෙනවා.ඉන්පසු කෝපයෙන් මන්ත්‍රිතුමා කෑ ගසනවා.ඔහු කෑ ගසන්නේ ඇයි දැයි විමසුවද මුදලාලි හට ඔහු කිසිවක්නො පවසනවා.පසුදින පාඨලි හා මාස්ටර් පුහුණු වීම් වලට පිටත්ව යාමට සුදානම් වනවා.ඔවුන් වෙත පැමිණෙන පාඨලීගේ මව පුහුණු වීම් වලදී සාරාගේ ඇගේ ඕනාවට වඩා දැවටෙන්නට එපා කියා පවසනවා.එය අසා සිටින අංජලි එයට එකට එක කියාගෙන යනවා.ඉන්පසු කෝප වන පාඨලි අංජලි හට බැන වදිනවා.සරා හා කවඩියා ද කලායතනයට වෙත යනවා.

මේ අතර කලායතනයට පැමිණ ඇඳුම් ඇඳගනිමින් පුහුණුවීම් වලට සුදානම් වනවා.සරාද පුහුණුවීම් වලට පැමිණෙනවා.ඉන්පසු ඔහු හා පාඨලී නර්තනයේ යෙදෙනවා.නැවතත් මන්ත්‍රිතුමා කඩයට පැමිණෙනවා.තමා හට මාලන් සමඟ කේන්ති බවත් මාලන් තමාට දුන් පොරොන්දු කඩ කල බව පවසනවා.එතැන සිටින සිරිසේන ඔහු කෝපයෙන් සිටින්නේ ඇයිදැයි විමසනවා.ඉන්පසු මන්ත්‍රිතුමා එතැනින් පැමිණෙන විට මාලන්ගේ කාර් එක හමු වනවා.ඔහුවේගයෙන් මාලන් පසු පසු ගොස් ඔහුව නතර ගන්නවා.කෝපයෙන් මන්ත්‍රිවෙත පැමිණෙන මාලන් ඔහුට බැන වදිනවා.ඔවුන් දෙදෙනා පටන්ගත් වැඩේ කරන්නේ කවදාද කියා මන්ත්‍රි පවසනවා.ඉක්මනින් එය පටන්ගත යුතු බව පවසා එතැනින් පිටව යනවා.සරා කවඩියා කලායතනයට ගොස් නැවත මඩුවට පැමිණෙනවා.කලායතනයට මෙන්ම මඩුවේ වැඩ වලටද අවධානය දෙන ලෙස කිරි පුතා පවසනවා.කලායතනය නිසා ඔවුන් අද මෙතැන සිටින බව සරා පවසනවා.මාලන් පසුදිනද රසිකා බැලීමට පැමිණෙනවා.ඉන්පසු ඔහු රසිකාට කියා බත් ඉල්ලාගෙන කනවා.මේ අතර සරාගේ වාඩියට අළුතින් පත් වෙමින් ආව සංවර්ධන නිළධාරිවරයා පැමිණෙනවා.මේ අතර පසුදින පාඨලි ගීතිකා අංජලි ඇඳුම් තෝරමින් සිටිනවා.කඩයට පැමිනෙන මාලන් මුදලාලිගෙන් මෙම ගමේ රැකියා තිබෙනවාද කියා විමසනවා.ගමේ ඇත්තේ පොල් කැඩීම, කුඹුරු කෙටීම වගේ රැකියා බව මුදලාලි බවසනවා.ඉන්පසු තමා සිතා සිටින්නේ ගමේ නර්තන පංති පටන් ගැනීමට බව මාලන්පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *