සතියේ දින වල රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රසිකා තනිව කල්පනා කරමින් සිටිනවා.මාලන් ගැන සිතන එක නවත්වන ලෙස රසිකාගේ අම්මා පවසනවා.මේ අතර සරා හා යහළුවන් පන්සලේ පැවැත්වෙන උත්සවයට සහභාගි වනවා.මේ අතර මන්ත්‍රි හා කැකුළාද කට්ටඩියෙක් සමඟ කැලයට පැමිණෙනවා.මේ අතර පන්සලේ පැවැත්වෙන සල්පිලෙන් රුපියල් 3000ක් දී ගීතිකාගේ කොට්ට උරය මිලදී ගන්නවා.මේ අතර නිධානය ගැනීමට මන්ත්‍රි හා කැකුළා කට්ටඩියා සමඟ තොවිලයක් පැවැත්වීමට සුදානම් වනවා.පසුදින උදෑසන රසිකා පාරේ යන විට මාලන් ගේ කාර් එක පාරේ නවතා තිබෙන අයුරු දකිනවා.ඉන්පසු එය දෙස බලන රසිකා මාලන් එහි සිටින අයුරු දකිනවා.එසේ සිටින්නේ ඇයි දැයි රසිකා මාලන්ගෙන් විමසනවා.මේ අතර කුකුළා මුදලාලි හමුවීමට දියෝගබදු හා ගෝලයන් පැමිණෙනවා.ඔවුන් ඉදිරියට පැමිණෙන හාමිනේගෙන් දියෝගබදු මුදලාලි ගැන විමසනවා.

මුදලාලි හමුවීමට උවමනා බව පැවසුවත් හාමිනේ එයට අකමැති බව පෙන්වා එතැනින් පිටව යනවා.මාලන් කාර් එකේ නිදාගෙන සිටියේ ඇයි දැයි විමසු පසු තමාගේ බෝඩිම නැති වු බව රසිකාට පවසනවා.තමා මාලන් හට කැමති වුයේ ඇයදැයි ඇයට හිතාගත නොහැකි බව රසිකා පවසනවා.පාඨලි සිංදු කියමින් ගේ අතුගානවා.ඉන්පසු එතැනට පැමිණෙන පොඩ්ඩි තමා සල්පිලේ සරා හා පාඨලි සිටි අයුරු දැක ඇති බව පවසනවා.සරා හා කවඩියා අසල ඇති ඉඩම අවුරුදු කීපයකට බදු ගැනීමට ඉඩමේ අයිතිකාරයා සමඟ කතා කරගන්නවා.ඉන්පසු එතැනින් පැමිණෙන සරා හා කවඩියා පාරේ පැමිණෙන විට කුකුළා මුදලාලි හා ගෝලයන් පැමිණෙනවා.ඉන්පසු කුකුළා මුදලාලි හිරෙන් නිදහස් වූ බව නොදැන සිටි බව පවසනවා.කුකුළා මුදලාලි හමුවීමට මන්ත්‍රි පැමිණෙනවා.ඔහු අසලට එන රත්නේ හට තමා හට කුකුළා මුදලාලි හිරෙන් නිදහස් වු බව ආරංචි වු බවත් තමාට ඔහුට මුණ ගැසීමට උවමනා බවත් පවසනවා.

ඔහු අසලට පැමිණෙන හාමිනේ මන්ත්‍රි හට බැන වදිනවා.සරා හා යහළුවන් වැඩ කරමින් සිටින විට කුකුළා නැවත ඔවුන් හට කුමක් හෝ දෙයක් කිරීමට හදන ලෙසත් එයට සුදානමින් සිටි යුතු බව පවසනවා.කුකුළා මුදලාලි පන්සලේ ලොකු හාමුදුරුවන් මුණගැසීමට යනවා.තමා වෙත එන මුදලාලි හට නැවත වැරදි වැඩ නොකර තමන්ගේ පාඩුවෙන් වැඩ කරගෙන සිටින ලෙස පවසනවා.මන්ත්‍රි කුකුළා මුදලාලි එනතුරු නිවසට වී සිටිනවා.ඔහු සිටින තැනටපැමිණෙන ජානු තමාට කේන්ති ගිහින් සිටින බවත් තමා මාලන් එනතුරු බලා සිටින බවත් පවසනවා.කඩයට යන මාලන් නිධානය ගැනීමට ආ බව ගමේ අය සැකකරන බව පවසනවා.ඉන්පසු එතැනින් නොනවතින මාලන් කැලයේ නිධානයක් ඇතිද කියාත් විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *