සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂක හදවත් සොරාගනිමින් මේ අයුරින් ගලා යනවා.රුක්ෂානා රෙහාන්ගේ නංගි වන රුවිනි හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු තමා රුක්ෂානා බවත් රෙහාන් නැවත විවාහ වෙන්න සුදානම් වන බවත් සරනිව ඇයද හඳුනනවාද කියා රුවිනිගෙන් විමසා සිටිනවා.මේ අතර ආණ්‍යා බානුකව හමුවීමට පැමිණෙනවා.ඔවුන් කතා කරමින් සිටින බව දකින ජෙරාඩ් ආණ්‍යාගේ අම්මා හට ඇමතුමක් ගෙන ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින පින්තූර ඇය වෙත යවනවා.ඉන්පසු කෝප වන ආණ්‍යාගේ මව ආණ්‍යා හට වහාම නිවසට පැමිණෙන ලෙස පවසා බැන වදිනවා.ටුටු නැවත නිවසට පැමිණෙනවා.ඇයට නිවසේ ඉඩ නැති බවත් ඇයට මේ නිවසේ ඉඩ නැති බව ඩාලිං ඇයට පවසනවා.රාත්‍රියේදි නිවසට පැමිණෙන ආණ්‍යා හට අම්මා හා තාත්තා බානුක ගැන පවසමින් බැන වදිනවා.රෙහාන්ගේ අම්මා හා නංගි රෙහාන් නිවසට පැමිණි විට ඔහු විවාහ වෙන්න යන්නේ සරණිව ද කියා විමසනවා.එය ඇත්තක් බව රෙහාන් පවසනවා.නානායක්කාර කාර් එකේ පැමිණෙන විට ත්‍රීවිල් එකේ එන මාටියා තමාගේ වාහනය හැප්පු බව පවසා ඇතුලේ සිටින කාත්තාවට තුවලා බව පවසනවා.

ඉන්පසු ඇය දමාගනිමින් රෝහලට යාමට සුදානම් වනවා.මේ අතර ජුඩ් හා යහළුවන් හට සිංදු කීමට විවාහ උත්සවයක් මුණගැසෙනවා.මේ අතර පාරේදි හමුවූ මිෂෙල් සමඟ නානායක්කාර බීම බීමට ආපනශාලාවකට යනවා.ඩාලිං හා සිකුරා නිවසේ කතා කරමින් සිටින විට බණ්ඩා හට ඔවුන් දෙදෙනා කතා කරනවා.ඉන්පසු අළුවිහාරේ අළුත් ගේ සොයාගත් බව පවසනවා.රාත්‍රියේදි සරනි හට ඇමතුමක් ගන්නා රෙහාන් හට තමාගේ දෙමාපියන් දික්කසාද වන ලෙස පැවසු බව පවසනවා.තමාව අමතක කරන ලෙස පවසා බන්ටි දුරකථනය විසන්ධි කර හඩාවැටෙනවා.බන්ඩා හට ඇමතුමක් ගන්නා රෙක්සි සරනි කසාදයට අකමැති බව පවසා ඇමතුමක් ගන්නවා.හෝටලය පැමිණෙන බානුක හා යහළුවන් වෙඩින් එක සෙයා පැමිණෙනවා.ඉන්පසු ඔවුන් කවුරුන් හෝ රවටා ඇති බව දැනෙනවා.මේ අතර හෝටලයේ ඇවිදින බානුක හා යහළුවන් හට ඔවුන් ව මෙලෙස රවටා ඇත්තේ ජේරාජ් බව දැනගන්නවා.ඔහු සිටින තැටන පැමිණෙන ජුඩ් හා අභි ජේරාජ් හට පහර දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *