සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.දින දෙකක් ලිහිණිගේ නිවසේ නැවතී සිටි රදිෂ්ගේ අම්මා, අක්කා සහ ඩිලාන් කොළඹ බලා පිටත් වෙන්නට සූදානම් වෙනවා. ඒ අවස්ථාවේ රදීෂ්ගේ අම්මා වන රමණිට පැත්තකට අඬගසන ඩිලාන්, ඔවුන් යන වේලාවේදීවත් ලිහිණිට හොඳින් කතා කර පැමිණෙන්න කියද්දී ඇය ලිහිණි සමඟින් මොනවා කතා කරන්නද කියා අසද්දී ලිහිණිගෙ පවුලේ අය ඔවුන්ට හොඳින් සැලකු බවත් එයටවත් ලිහිණිට ස්තුතියි කරන්න කියා ඩිලාන් ඉල්ලා සිටිද්දී ඇය එය නිවසේදී ඇයට කියු බවත් යළිවතාවක් එය කියන්නට බැරි බවත් කියමින් ඉක්මනින් ගෙදර යමු කියා රමණි පවසමින් ඔවුන් සිටින තැනට යනවා. මේ වේලාවේ ඩිලාන්ටත්, රමණිටත් ලිහිණි වැඳ ඉන්පසු රදීෂ්ගේ අක්කා ළඟට පැමිණ ඇයට වදින්නට යනවාත් සමගම එතැනින් ඉවත්වෙන රදීෂ්ගේ අක්කා ඇයට වඳින්නට අවශ්‍ය නැති බව පවසනවා.ඉන්පසු ඔවුන් ඇයට කරන වෙනස්කම් ගැන වේදනාවට පත් වුන ලිහිණි ඔවුන්ට ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඉංග්‍රිසියෙන් පැහැදිලි කර දෙනවා. මේ වේලාවේ ඇගේ කතාව අසා සිටි ඔවුන් ඉන්පසු කිසිවක් නොකියාම යන්නට පිට වෙනවා.

ඉන්පසු පසුදින අමීෂා සමඟින් කතා කරන්නට පැමිණෙන ඩිලාන්, ඔහුට ඇගෙන් යමක් අහන්නට තිබෙන බව පවසමින් ඇය අවන්ත ගැන දන්නවාට වඩා ඔහු අවන්ත ගැන දන්නා බවත් කියමින් ඇය අවන්ත සහ දෙව්මි ගැන මොනවාද හිතන්නේ කියා ඇගෙන් විමසනවා. එ අවස්ථාවේ ඇය එය අවන්තටවත් තවම කියා නැති බව කියමින් ඇයට අසනීපව සිටි කාලයේදී හැම ප්‍රශ්නයක්ම , කරදරයක්ම විඳගෙන ඔවුන් සිටි හෙයින් ඇය ඔවුන් දෙදෙනාට අශිර්වාද කල බවත් එසේ අශිර්වාද කල කැමැත්ත දුන් පසු ඇය කිසිදින ඔවුන්ගේ සම්බන්ධය කඩන්නට උත්සහා කලේ නැති බවත් අමීෂා පවසනවා. එසේ තිබියදීත් සියළුදේ හොදින් සිදු වෙද්දීත් ආනන්ද පැමිණ ඒ සියළු දේ අවුල් කල බව කියද්දී එය ඇත්තක් බවත් ආනන්ද කාගේ හෝ උඟුලකට මෝඩයෙක් සේ අහුවී ඇති බවත් මේ සියළු දේ අවුල් වෙන්නට හේතුව එය බවත් ඩිලාන් පවසනවා. ඒ කෙසේ වෙතත් වැරද්ද ඔහු පිටම පටවන්නට බැරි බවත් එලෙස දෙයක් දුටු විට අවන්තව සැක කරන එක සාධාරණ බවත් ඒ අවස්ථාවෙ එය දුටු පමණින් ඇයටත් සිතාගන්නට බැරි වුන බවත් ඇයටත් අවන්ත ගැන තිබු විශ්වාසය නැති වෙන්නට ගිය බවත් අමීෂා පවසනවා. ඔය අතරේ ඔවුන්ගේ කාතව අතර පැමිණෙන අමීෂාගේ තාත්තා, එම ප්‍රශ්නයම මේ වෙද්දී රමණිට තිබෙන බවත් ඇය කියන්නේම ඇය ලිහිණිට කැමති නැති බව බවත් ඔහු පවසමින් ආදරය කරන දෙදෙනාගේ කැමැත්ත හැරෙන්නට අනිත් අයගේ කැමැත්ත අවශ්‍ය වන්නේ නැති බව පවසනවා.

ආනන්දව මුණගැසෙන්නට පැමිණෙන උදේනිට, අවන්තගේ නිවසට පැමිණි ගැහැණු කෙනාව සොයාගත් බව අනුහස් සහ අවන්ත කියු බවත් , ඉන්පසු සොයාගෙන රැගෙන එන බව කිවා නමුත් දැන් කෝ කියාත් කේන්තියෙන් උදේනිගෙන් විමසද්දී ඒම ගැහැණු කෙනා සල්ලි දෙනවා නම් ඇය සියළු ඇත්ත ගැන කියන්නට කැමති වී ඇති බවත් ඉන්පසු එයට කැමති ඇයට යන්නට දී තිබෙන බවත් ඇය පවසනවා.ඒ අවස්ථාවේ ඔෆිස් එකට ඔවුන්වම සොයා ආවා නම් අවන්ත එම ගැහැණු කෙනාගෙ බෙල්ලෙන් අල්ලා පොලිසියට බාරදී නැත්තේ ඇයිද කියා විමසනවා.ඒ වේලාවේ එතැන කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙන නිසාවෙන් ඔවුන් එසේ කරන්නේ නැති බව ඇයට තේරෙන්නේ නැත්තේ ඇයිද කියා විමසනවා.මේ වේලාවේ ඔහු කියනා සියළු දේ ගැන අසා සිටින උදේනි අවන්ත සහ අනුහස් බොරුවක් කරන්නේ නැති බවත් ඔවුන්ට එසේ කරනන්ට අවශ්‍යතාවයක් නැති බවත් උදේනි පවසමින් එම ගැහැණු කෙනා ඉන්පසුදා ඔෆිස් එකට එන බව කියා ගියත් ඇය එදින පැමිණ නැති බවත් පවසනවා..එත් එක්කම ආනන්ද දිගින් දිගටම ඇයට බනින එක ඉවසා ගන්නට නොහැකි වුන උදේනි ඇය කෙසේ හෝ අනුහස්ට එම ගැහැණු කෙනාව සොයා එක්කගෙන එන්න කියා කියන්නම් කියා උදේනි පවසනවා.

රදීෂ් සමඟින් කතා කරන්නට පැමිණෙන ඩිලාන්ගෙන් ඔහු ලිහිණි ගැන රමණි මොනවාද කියන්නේ කියා අසමින් තවමත් ඇය ලිහිණිට අකමැත්තෙන්ද සිටින්නේ කියා විමසමින් ලිහිණි ගැන රමිණි කිවේ මොනවාද කියා අසනවා.මේ වේලාවේ කණගාටුවෙන් කතා කරන ඩිලාන් ඔහුටත් ඔවුන්ව තේරුම් ගන්න බැරි බවත් ඔවුන් තවමත් සිටින්නේ එදා එනකොට ආ මතයේම බවත් පවසද්දී ඔහුට ඔවුන්ගේ සම්බන්ධයට කවදාවත් ඔවුන් කැමති වෙන එකක් නැහැ කියා සිතේ බයක් තිබෙන බව රදීෂ් කියද්දී එතරම් දෙයක් වෙයි කියා කලබල වෙන්නට එපා කියාත් තව ටික දිනක් ඔවුන් කරන්නේ කුමක්ද යන්න ගැන ඉවසීමෙන් බලා සිටිමු කියාත් ඔවුන් තව ටික දවසකින් පසු ආපසු රට යන හෙයින් ඉන්පසු සිටින්නේ රදීෂ් සහ ඔහු පමණක් බැවින් බය නැතුවබ ඉන්න කියා ඩිලාන් පවසද්දී , ඔහු කියන්නේ ඇගේ අම්මා සහ අක්කා ගිය පසු ඔහුට ලිහිණි සමඟින් ඔවුන් හොරෙන් විවාහ වෙන්නද කියා රදීෂ් අසද්දී එය අසා සිනාසෙන ඩිලාන් එවැනි දේවල් නම් ඔහුගෙන් බලාපොරොත්තු වන්නට එපා කියා ඩිලාන් විහිළුවෙන් රදීෂ් සමඟින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *