සතියේ දින පහේම රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සරා හා කවඩියා ඔවුන්ගේ අළුත් පොල්ලෙලි කපන මැෂින් එකද රැගෙන ගමට පැමිණෙනවා.ඒ එන අතරතුර සිරිසේන හමුවී ඔහුටද විස්තර පවසනවා.ඉන්පසු ඔහුද ඔවුන්ගේ ලොරියට නැග මඩුවට යන බව පවසනවා.ඉන්පසු ඔවුන් පැමිණෙන අයුරු දැක කිරිපුතා හා සුද්දාද ඔවුන් සමඟ එකතු වනවා.මේ අතර කෑගසමින් රත්නේ නිවසට පැමිණෙනවා.ඉන්පසු හාමිනේ වෙත පැමිණෙන රත්නේ බිංදුසිරි පොලිසියට හසු වූ බව පවසනවා.මැෂිම ගෙනා පසු සංවර්ධන මිස් ද එතැනට පැමිණෙනවා.ඉන්පසු එතැන සිටින සිරිසේන මහතා සරා හා යහළුවන් හට උදව් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වනවා.සරා කවඩියා හා සුද්දා පන්සලේ ලොකු හාමුදුරුවන් මුණගැසීමට යනවා.ඔවුන් වෙත පැමිණෙන ලොකු හාමුදරුවන් හට ඔවුන් මැෂිමක් ගෙනා බව පවසනවා.

 

හෙට සිට වැඩ පටන් ගන්නා බවත් උන්වහන්සේ හට උදෑසන ආරධනා කර ඔවුන් එතැනින් පිටව යනවා.ඉන්පසු රාත්‍රියේදි මුදලාලි වෙත යන සරා හා යහළුවන් මුදලාලි හටද මැෂිම විවෘත කරන උත්සවයට පැමිණෙන ලෙස පවසනවා.රාත්‍රියේ සියලු දෙනා එකතු වී සිංදු කියනවා.පසුදින උදෑසන විවෘත කිරීමට සුදානමින් සිටිනවා.එතැනට මාලන්ද පැමිණෙ ඔවුන් හට උදව් කිරීමට සුදානම් වනවා.මේ අතර පාඨලිද විවෘත කිරීමට යාමට අම්මාගෙන් අවසර ඉල්ලනවා.නමුත් ඇයට යාමට නොදෙන බව පවසනවා.උදෑසනත් එයට යාමට සුදානම් වන අවස්ථාවේද පාඨලි ඔවුන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා.නමුත් ඔවුන් දෙදෙනාම එයට අකමැති වී ඇයට එයට සහභාගි නොවන ලෙස පවසා පංති යන ලෙස පවසනවා.මේ අතර කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙන මන්ත්‍රි ජානු හට ඡන්දය ඉල්ලන ලෙස පවසනවා.කෝප වන හාමිනේ මන්ත්‍රිතුමා හට බැන ඔහුව එතැනින් එලවා ගන්නවා.මේ අතර කැකුළාද මන්ත්‍රි සමඟ කඩය අසල සිටිනවා.එතැනට පැමිණෙන මුදලාලි මන්ත්‍රිතුමා හට සරාගේ උත්සවය ගැන විමසනවා.මේ අතර ජානු තමා ඡන්දය ඉල්ලීමට කැමති බවත් ඇයට ඡන්දය ඉල්ලීමට කැමති බව පවසනවා.මේ අතර සරා හා කවඩියා කපාගත් පොල්ලෙලි කැබලි පාරේ අතුරමින් වේලනවා.ඔවුන් එතැන සිටින විට පාඨලි හා ගීතිකා එතැනට පැමිණෙනවා.ඉන්පසු ඔවුන්ගේ කටයුතු ගැන කතා කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *