සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය පසුගිය දින වලදි මේ ආකාරයෙන් ගලා යනවා.සරනි ගැන හිතේ සැකයක් තියා ගනිමින් රෙහාන්ගේ අම්මා නිවස පරික්ෂා කරමින් සිටිනවා.වත්සලා සිකුරා හමුවී නිවසට පැමිණෙනවා.නිවසේ සිටින රුක්ෂාණා සිදු වූ දේ විමසනවා.කෙසේ හෝ සිකුරාව රවට්ටා විස්තර දැනගත යුතු බව පවසනවා.මේ අතර ආණ්‍යා බානුකව එක්කගෙන ගොස් ඔවුන්ගේ සිංදුවේ වීඩියෝව කිරීමට මුදල් දෙනවා.ඇය කරන උදව් අමතක නොවන බව ආණ්‍යා හට බානුක පවසනවා.උදව් අමතක කරන ලෙසත් ඇයව අමතක නොකරන ලෙසත් පවසනවා.මේ අතර රුක්ෂානාගේ කීමට වත්සලා රුවිනි හට ඇමතුමක්ගෙන රෙහාන්ගේ නිවසේ සරනි සිටි බවත් පවසනවා.කෝප වන රුවිනි වත්සලා හට බැන වදිනවා.බන්ඩා හට ඇමතුමක් ගන්නා මාටින් වත්සලා රුවිනි හට ඇමතුමක් ගෙන සියලු දේ පැවසු බව පවසනවා.මාටින්ගෙන් රෙහාන්ගේ අම්මා හා නංගි වත්සලා කියු දේ ගැන විමසනවා.

 

ඉන්පසු එතැනට පැමිණෙන රෙහාන්ගෙන් ද ඔවුන් එය අසා සිටිනවා.කණ්ණාඩියකින් මුණ බලමින් සිකුරා තමාගේ රැවුල කපමින් සිටිනවා.ඔහු අසලට එන ඩාලිං හට ඔහුගේ හැසිරීම ගැන සැක හිතෙනවා.ඔහු යන්නේ කෙහේද කියා විමසනවා.තමා යන්නේ රැකියාවක් කිරීමට බව සිකුරා පවසනවා.රෙහාන් හට ඇමතුමක් ගන්නා ආණ්‍යා තමාගේ ඇදුම් තමාට උවමනා බව පවසනවා.තමා එය ගෙනැවිත් දෙන බව පවසා නන්දසිරි ලවා තම කාමරයේ ඇති ආණ්‍යාගේ ඇඳුම් ටික ඔහු වාහනයට දමා ගන්නවා.මේ අතර බන්ඩා පොලිසියට ඇමතුමක් ගෙන ඔහු හෝමාගම සිටින බවත් අසල නිවසේ හොරකමක් වී ඇති බවත් එහි සිටින්නේ දුවෙක් හා අම්මා කෙනෙක් බවත් පවසනවා.වත්සලා හට ඇමතුමක් ගන්නා බන්ඩා කෙසේ හෝ සිකුරාව කැමති කරවාගන්නා ලෙස පවසනවා.ඉන්පසු ඉක්මනින්ම බන්ඩා ත්‍රිවිල් එකක නැග වත්සලා සිකුරා හමුව තැනට යනවා.මේ අතර සිකුරා වත්සලා හමුවීමට පැමිණෙනවා.වත්සලාද සිකුරා ළඟට පැමිණෙනවා.දෙදෙනාම ඉන්පසු කෝපි එකක් බීමට එතැනින් පිටව යනවා.ඔවුන්ගේ වාහනය පිටුපසින් බන්ඩා පැමිණෙනවා.

 

මේ අතර රෙහාන්ගේ නිවසට ඇමතුමක් ගන්නා පොලිසිය ඔවුන්ගේ නිවසට හොරු පැන ඇති බව රෙහාන්ගේ මවට පවසනවා.කලබල වන ඇය රුවිනිද කැටුව නිවසට යාමට සුදානම් වනවා.වත්සලා හා සිකුරා කතා කරමින් සිටින අයුරු බන්ඩා වීඩියෝ කරනවා.බන්ටි හමුවීමට එන ඩාලිං සියලු ඇත්ත නිවසට ගොස් පවසන ලෙස පවසනවා.තමා බය නැති බවත් කරන දෙයක් කරන ලෙස පවසා දෙදෙනා අතර ගැටුමක් පවසනවා.එය බානු හා අභියා මැදිහත් වී නවත්වනවා.බන්ටි දිවගෙන නිවසට යනවා.නිවසේ ඇති මෝල් ගහක් ගෙන එතැනින් පිටව යනවා.ඉන්පසු එයින් ඩාලිං හට පහර දෙනවා.එතැනින් දිව යන ඩාලිං සිකුරා සමඟ ද ඇයට බන්ටි ගැසු බව පවසනවා.රාත්‍රියේදි බන්ටි ඩාලිං නැවත නිවසට ඒවියැයි බියෙන් මගබලා සිටිනවා.පසුදින සිකුරා හා ඩාලිං උදෑසනම බන්ටි හමුවීමට පිටත් වීමට යනවා.එතැනට පැමිණෙන බන්ඩා සිකුරා හට ඔහු වත්සලා සමඟ සිටි පින්තූර පෙන්වා බිය ගන්වනවා.ඉන්පසු ඩාලිං හට බන්ටිගේ නිවසට යාමට සිකුරා අකමැති වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *