සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.තමා හට පහරදුන් නිසා ඩාලිං කෝපයෙන් කෑ ගසමින් සිටිනවා.එතැනට පැමිණෙන සිකුරා බන්ටි හට පහරදීමට යාම නවත්වනවා.බන්ටි උදැල්ලක්ද රැගෙන බන්ඩා හමුවීමට යනවා.එතැනට පැමිණෙන බන්ඩා ඩාලිංගේ කට වැසු බව පවසනවා.ආණ්‍යාගේ අම්මා හා තාත්තා පිටරට සිට පැමිණෙනවා.ඉන්පසු ආණ්‍යා තමා හට සිදු වූ දේ ගැන අම්මා සමඟ පවසනවා.බන්ටි බන්ඩා හමුවීමට එනවා.ඉන්පසු බන්ඩා සිදු වූ දේ බන්ටි හට පවසනවා.මේ අතර බානු හා යහළුවන් ඔවුන්ගේ සිංදුව පුහුණු වෙමින් සිටිනවා. බන්ටි හට ඇමතුමක් ගන්නා රෙහාන් ඇයට රාත්‍රි ආහාර ගැනීමට එන ලෙස පවසනවා.ඉන්පසු බන්ටි යහළුවන්ගේ උදව්වෙන් ලෑස්ති වනවා.රෙහාන් රේල් පාර අසලට විත් බන්ටි එනතුරු බලා සිටිනවා.තමා සිටින තැනට එන රෙහාන් ලෑලි නිවස දකිනවා.ඉන්පසු එහි සිටින්නෙ කෙසේදැයි රෙහාන් විස්තර අසනවා.

 

ඉන්පසු දෙදෙනාම එතැනින් පිටව යනවා.මේ අතර සිකුරා ඔවුන්ගේ නිවස අසලට පැමිණෙන අයුරු බානු හා අභියා දැක ඔහු අසලට පැමිණ ඔහු නිවස දෙසට ඒම වලක්වනවා.ඉන්පසු ඔවුන්ට බැන වදිමින් සිකුරා එතැනින් පිටව යනවා.රාත්‍රි කෑම ගනිමින් සිටින විට බන්ටි රෙහාන්ගෙන් වත්සලා කියන්නේ කවුරුන්දැයි විමසනවා.වත්සලා ගැන ඔහු කතා කිරීමට අකමැති බවත් ඔවුන්ට උවමනා රෙහාන්ගෙන් පලි ගැනීමට බවත පවසනවා.රාත්‍රියේදි රෙහාන් සරනි නිවසට ගෙනැවිත් දමනවා.පසුදින බන්ටි රෙහන් හට ඇමතුමක් ගෙන බානුකගේ සිංදුව රෙකෝඩ් කරන බවත් එයට ඇයද යාමට උවමනා බවත් පවසා ඇය රෙහාන්ගෙන් යාමට අවසර ඉල්ලනවා.තමාගෙන් අවසර නොඉල්ලන ලෙසත් පවසා එයට යන ලෙස පවසනවා.ආණ්‍යා හා ජෙරාඩ් අතර සිදු ව ඇතිදේ අරවින්දි ආණ්‍යාගේ පියා සමඟ පවසනවා.රුක්ෂානා හා වත්සලා පසුදින සිකුරා හමුවීමට පැමිණෙනවා.ඔවුන් බලා සිටින විට එතැනට සිකුරා පැමිණෙනවා.කෝපයෙන් කාර් එක අසලට පැමිණෙන සිකුරා වත්සලා හට බැන වදිනවා.තමා ඔවුන් ගැන දන්නා බවත් ඔවුන්ගේ පවුල කැඩීමට සුදානම් වන බව පවසා බැන වදිනවා.

 

බිය වන රුක්ෂානා හා වත්සලා කාර් එකෙන් වේගෙන් එතැනින් පිටව යනවා.නිවසට පැමිණෙන රුක්ෂානා හා වත්සලා බන්ඩා ගැන සැක සහිත බව කතා කරමින් සිටිනවා.බන්ඩා යනු නිලන්ත පවත් ඔහු රෙහාන්ගේ මිනිහෙක් බවත් රුක්ෂාණා පවසනවා.මේ අතර රුක්ෂානා රෙහාන් හට ඇමතුමක් ගෙන ඔවුන්ට සිදුව ඇතිදේ පවසනවා.කෝප වන රෙහාන් රුක්ෂානා හට බැන දුරකථනය විසන්ධි කරනවා.පසුදින නානායක්කාරගේ ලොකු දුව නැවත නිවසට පැමිණෙනවා.මේ අතර ආණ්‍යා බානුකව නිවසට යාමට පිටත් වනවා.ඉන්පසු තමාව නිවසට ඇරලවීමට බිය වන බානුක කාර් එකෙන් බැස තමා නිවසට යන බවත් ඇයට නිවසට යන ලෙසත් පවසනවා.කෝප වන ආණ්‍යා බානුක හට බැන එතැනින් පිටව යනවා.රාත්‍රියේදි බන්ටි හට ඇමතුමක් ගන්නා රෙහාන් සිකුරා කියා අයෙක් අදුරනවාද කියා විමසනවා.ඇය ඔහු ගැන නොදන්නා බවත් අයියාට පවසා සොයා බලන්නම් කියා පවසනවා.පසුදින නානායක්කාර මානවිගෙන් පොලිසියේ එස් අයි නිවසේ දේවල් දැනගන්නේ කෙසේදැයි පවසනවා.ඔවුන් දෙදෙනා අතර කුමක් හෝ ඇති බව පවසනවා.තමා කිසිම අයුරකින් පොලිසියේ අයෙක්ට අකමැති බව පවසනවා.මේ අතර වත්සලා රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *