සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..මේ වේලාවේ කොත්මලේ සිට පැමිණි ඉස්කෝල මහත්තයාත්, මැණිකෙත් කුරුළුගේ නිවසින් ආහාර ගෙන සුභද්‍රාටත් , රේෂ්මාටත් ඔවුන්ට සැලකුවාට ස්තුතිවන්ත වෙමින් යළිත් කොත්මලේ බලා යාමට සූදානම් වෙමින් සිටිනවා. ඒ වේලාවේ සුභද්‍රා ළඟට යන මැණිකේ ඔවුන් යළි වතාවක් කුරුළුව බලනන්ට ආවට කමක් නැතිද කියා විමසද්දී සුභද්‍රාගේ මුහුණ වෙනස් වු බව දුටු රේෂ්මා , ඔවුන් කුරුළුව හොඳින් ආදරයෙන් බලා ගත් හෙයින් ඇයට කතා කර ඕනෑම වේලාවක ඇවිත් යන්න එන්න කියා පවසනවා. මේ වේලාවේ කුරුළුත් ඔවුන් බලන්නට ඉක්මනින්ම පැමිණෙන බව පවසමින් ඉස්කෝල මහතත්යාට සහ මැණිකේට වඳිනවාත් සමඟම කුමක් හෝ ප්‍රශ්නයක් වුව හොත් ඔවුන්ට කතා කරන්නට අමතක කරන්නට එපා කියාත් , ඔවුන්ගේ ජිවිත පුදදී හෝ කුරුළුට ප්‍රශ්නයක් වනවා නම් ඇයව බේර ගන්නා බව කියමින් කුරුළුගේ හිස අත ගා ඔවුන් නිවසින් යාමට පිටත් වෙනවා.

ඉතිං ඔවුන් ගිය පසු ඔවුන් කුරුළුව සොයා පැමිණිම ගැන කේන්තියෙන් සිටින සුභද්‍රා ළඟට පැමිණෙන රේෂ්මා, ඇය කුමක් හෝ ප්‍රශ්නයකද කියා විමසද්දී ඔවුන් මෙලෙස එන එක ඉදිරියේදී මීට වඩා ප්‍රශ්නයක් වන බව සුභද්‍රා පවසද්දී කොත්මලේ අය ආවට ඇයගේ හිතේ වැඩි කැමත්තක් නැ නේද කියා රේෂ්මා අසනවා. ඒ අවස්ථාවේ කැමති වුවත් අකමැති වුවත් ඔවුන් තවදුරටත් කුරුළු සොයා මෙලස පැමිණෙන්නේ ඇයිද අසමින් කුරුළුව සඟවාගෙන සිටියා පමණක් නොව ඔවුන් දෙදෙනාට අම්මා, අපච්චි කියා කතා කරන්නත් පුරුදු කර ඇති බව සුභද්‍රා වේදනාවෙන් යුතුව පවසනවා. එත් එක්කම කුරුළු එලෙස ඇය ඉදිරියේ පිට කෙනෙකුට අම්මා, අප්පච්චි කියා කතා කරනවා කෙසේ අම්මා කෙනෙකු දරා ගන්නද කියා රේෂ්මාගෙන් විමසනවා. ඒ වේලාවේ ඔවුන් ගුරුවරු වුවත් කර ඇත්තේ ලොකු වරදක් බව සුභද්‍රා පවසනවා. මේ වේලාවේ රේෂ්මා සුභද්‍රට ඔවුන්ගේ දරුවා නැති වුන හෙයින් මෙලෙස ඔවුන් කුරුළුට ආදරය කරන්නට ඇති බව පැහැදිලි කර දෙන්නට උත්සහා කලත් එය පිළිගන්නට සුභද්‍රා කැමති වන්නේ නැහැ. ඉතිං සුභද්‍රා කියු දේ අසා කුරුළුට එම වරද පහදා දෙන්නට පැමිණෙන රේෂ්මා, කොත්මලේ සිදු වු සියළු දේ අමතක කරන්න කියාත් ඉස්සර මෙන් ගෙදර ජිවත් වෙන්න පුරුදු වෙන්න කියාත් ඉල්ලා සිටිනවා.එත් එක්කම ඇය මෙලෙස පිට කෙනෙකුට අම්මා, තාත්තා කියා කතා කරනවා සුභද්‍රාට දරාගන්නට බැරි බවත් ඇය අසනිපෙන් සිටින හෙයින් මෙලෙස කොත්මලේ ගැන කතා කරන්නට ගොස් ඇය යළි වතාවක් අසනීප වෙන්නට පුළුවන් කියාත් රේෂ්මා කුරුළුට පැහැදිලි කර දෙනවා.

මේ වේලාවේ රේෂ්මාත් ,කුරුළුත් නිවසට බඩු ගෙන ඒම සඳහා එළියට යමින් සිටියදී කුරුළු ලොරියක් අසළ සිටිනවා අහම්බයෙන් වාගේ දකින රයන් , ඇය ළඟට එකපාරට පැමිණ කුරුළුට විවිධ දේ කියමින් ඇගේ අතින් තද කොට ඇය ජිවත් වන නමුත් ඔහුගේ අම්මා ජිවතුන් අතර නැති බව පවසමින් ඇය නිසා ඔහුගේ අම්මා නැති වු බව පවසමින් ඇයට කරදර කරන්නට උත්සහා කරනවා. ඒ අවස්ථාවේ ඔහුගේ අම්මා මැරණාට ඇය පළි නැති බව කියද්දී ඇයගේ තාත්තා වන මලින්ද නායෙක් වී පැමිණ ඔහුගේ අම්මාව මරා දැමු බව පවසමින් බැන වදිද්දී මලින්දට බනිනවා ඉවසා ගත නොහැකි වුන කුරුළු ඔහුගේ තාත්තාට එලෙස අපහාස කරන්නට එපා කියා කෑගසද්දී රයන් ඇයට කම්මුල් පහරක් ගසා ඇයව ඇඳ දමා එතැනින් යනවාත් සමඟම පූජා සහ ඩිලාන් විසින් මැණියන් ලවා සිර කර තැබු නාගයා එම කුඩුව කඩාගෙන පැමිණවිත් මෑණියන් අසළට ගොස් ඇයට දෂ්ඨ කර ඇයව මරා දමා එයින් නිදහස් වී යළිත් යනවා. ඉන්පසු රේෂ්මා සමඟින් නිවසට යළිත් පැමිණෙමින් සිටින කුරුළු , රයන් ඇයට පහරදුන්නාට වඩා ඇයගේ සිත රිදුනේ මලින්ද ගැන කියු කතාවට බවත් එම කතාවම පෙරදිනක ඩිලාන් පැවසුව බවත් කුරුළු හඬමින් පවසනවා.ඉතිං ඉන්පසු එලෙස නායෙක් වී සිටින්නේ ඇගේ තාත්තා වන මලින්දද කියා කුරුළු දිගින් දිගටම රේෂ්මාගෙන් විමසුවත් රේෂ්මා එයට හරි පිළිතුරු නොදී ඇයව මඟ හරිමින් ඒ සුදු වු දේවල් අමතක කරන්න කියා පවසනවා. ඔය අතරේ ඩිලාන් කවුරුන් හෝ කෙනෙකු සමඟින් දුරකථනයෙන් කතා කරමින් සිටින තැනට සතුටින් පැමිණෙන රයන් දෙස බලන ඩිලාන් එලෙස සතුටින් සිටින්නේ ඇයිද කියා අසද්දී සල්ලි වලට වඩා සතුටු සිතෙන කාරණාවක් ගැන ඔහුට කියන්නට තිබෙන බව රයන් පවසනවා. ඒ අවස්ථාවේ එදින ඔහුට මඟදී කුරුළු හමුවුන බවත් ඔහු ඇගේ බෙල්ලෙන්ම අල්ලා ගත් බවත් රේෂ්මා එතැනට පැමිණියේ නැතිනම් ඔහු කුරුළුව එතැනම බෙල්ල මිරි කා මරා දමන බවත් රයන් පවසනවා. ඒ වේලාවේ එය එසේ වු එක හොඳ බවත් ඔවුන්ව එකපාර මරා නොදමා ටික ටික ඔවුන්ව රිද්දවමින් මරා දැමිය යුතු බව ඩිලාන් පවසනවා. ඉන්පසු ඔහු පළමුව කුරුළුගෙන් පළි ගෙන දෙවනුව අභිමන් ගැන බලා ගන්නා බව රයන් පවසද්දී ඔහුගේ සැලසුම ඉතාමත් හොඳ බවත් එය කරන්නට ඔහු උපරිම උදව් කරනා බවත් ඩිලාන් පවසා සිටිනවා.

මේ වේලාවේ අභිමන් සහ විශාකා කතා කරමින් සිටින තැනට එකසැරේට පැමිණෙන පූජා , විශාකා කොයි වෙලේද ඇවේ කියා අසමින් ඇය එන බව අභිමන් කියුවේ නැති බව පවසද්දී , ඇය එන නොයන එක ගැන පූජා දැනගැනීමට අවශ්‍ය නැති බව අමුතුවට පවසනවා. ඒ අවස්ථාවේ ඇය පැමිණ ඇත්තේ පූජා කල දෙකට උදව්වක් කරන්නට බව කියමින් අභිමන් චෙක්පතක් පූජාට ලබා දෙමින් එය සුභද්‍රාට ගොස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉන්පසු එය සතුටින් අතට ගන්නා පූජා එය තීරුවලට ඉරා දනවා. ඉන්පසු ඇය ඒ කල දේ ගැන කෝප වුන අභිමන් ඇයට කෑසමින් ඇය ඒ කලේ කුමක්ද කියා අසද්දී ඔහුගෙ අම්මා වන විශාකා මෝඩ වැඩ කරනා බව පවසමින් ඇයට ඕනැ කරන්නේ ඇය සහ ඔහු අතර තිබෙන හිතවත්කම නැති කරන්නට බව කියමින් ඇය එලෙස කර බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා විශාකාගෙන් අසනවාත් සමඟම එය ඉවසා ගත නොහැකි වුන අභිමන් පූජාට කම්මුල් පහරක් එල්ල කරමින් එලෙස ඔහුගේ අම්මාට කතා කරන්න කිසිදු අයිතියක් නැති බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *