සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ යළිත් දොරුක්ගේ උත්සවය අවසන් වී නිවස බලා යන්න සුදානමින් සාප් බහාර්ගේ සහ දරුවන්ගේ බඩු ආදිය ලෑස්ති කරමින් සිටියදී එ අලින් යන අරිෆ්ව දකින සාප් ඔහු කල උදව් වලට ස්තුතියි කරද්දී එලෙස ස්තුතිවන්ත විය යුත්තේ උත්සවයට බව අරිෆ් අමුතුවට පවසද්දී ඔහු එ කියු දේ ගැන කේන්ති ගිය සාප් ඔහු වැදගත් ආකාරයෙන් කතා හෙයින් අරිෆ්ටත් වැදගත් ලෙස කතා කරන්න කියා පවසනවා. ඒ අවස්ථාවේ වැදගත් අයට කතා කරන්න ඔහු දන්නා බවත් බිරිඳ වන බහාර්ගේ නංගී සමඟින් සම්බන්ධතා පැවැත්වු අය වැදගත් වන්නේ නැති බවත් පවසනවාත් සමඟම එය ඉවසාගත නොහැකි වුන සාප් ඔහුගේ බෙල්ල අල්ලා ගනිමින් ඔහු එසේ කිසිකෙනකු සමඟින් මඟුල් නැටුවේ නැති බව පවසද්දී බහාර්ගේ ජිවිතය ඔහු විනාශ කල බව කියමින් දැන්වත් ඔහුට ඇයගෙන් අයින් වෙන්න කියා අරිෆ් සාප්ගෙන් ඉල්ලා සිටිනවා.ඔවුන්ගේ මේ රණ්ඩුව දැක එතැන දිව එන එන්වර් සහ ආනිස් ඔවුන්ගේ එම රණ්ඩුව නවත්වමින් ඔවුන්ට රණ්ඩු වෙන්නට අවශ්‍ය නම් වෙන තැනකට ගොස් රණ්ඩු වෙන්න කියා පවසමින් ඔවුන්ට ලැජ්ජ කරන්නට එපා කියා පවසනවා. ඉතිං ඉන්පසු අරිෆ් එතැනින් ගිය පසු අරිෆ් දොරුක්ට තෑගි කල අශ්වයා වාහනයෙන් ගෙන එය බිම දමා පාගමින් පහරදී එය කඩා දමා සාප් කේන්තියෙන් එතැනින් පිට වෙනවා.

පසුදා උදෑසන ආනිස් සමඟින් බහාර් ගැන කතා කරමින් සිටින එනවර්, බහාර්ගේ මුළු ජිවිතයම සිරින් විසින් විනාස කර දැමු බවත් සිරින්ට ඔවුන්ගේ නිවසේ තවදුරටත් සිටීමට නොහැකි බවත් ඇයව එම ගෙදරින් යැවිය යුතු බවත් එන්වර් පවසනවා.මේ වේලාවේ ඔවුන්ගේ කාමරය අසළට පැමිණෙන සිරින් ඔවුන් දෙදෙනාගේ කතාව අසාගෙන සිටිනවා.ඔය වේලාවේ ඇය අනිත් මිනිසුන්ගේ ජිවිත මෙවැනි අකාරයට විනාශ කර දමනවා බලා සිටිය නොහැකි බව පවසද්දී සියළු ප්‍රශ්නවලට හේතුව සිරින් නොවන බවත් බහාර්ට තවත් ප්‍රශ්න තිබු බවත් ආනිස් පවසමින් පළමුව සිරින්ට බෙහෙත් කල යුතු බවත් එයත් හරි නොගියහොත් ඇයව නිවසින් යවමු කියාත් අනිස් පවසනවාත් සමඟම සියළු දේ අසාගෙන සිටි සිරින් ඔවුන්ගේ කාමරයට පැමිණ ඔවුන් හැම අවස්ථාවකම ඇයට චෝදනා කරනා බව කියමින් කේන්තියෙන් කාමරයට යනවා. ඉන්පසු ඇය පසුපස දිව එන ආනිස් ඇයට ඇග් වැරදි ගැන තේරුම් කතර දෙන්නට උත්සහා කලත් ඒ කිසිවක් සිරින් තේරුම් නොගෙන අනිත් කිසිවකුගේ වැරදි ඔවුන්ට නොපෙනෙන බවත් ඇයගේ වැරදි ගැන පමණක් ඔවුන් කතා කරනා බවත් කියමින් කෑගසන්නට පටන් ගන්නවා. ඉන්පසු ඇය තවදුරටත් ඔවුන් සමඟින් නිවසේ ඉන්නේ නැති බව කියමින් බෑගයට ඇගේ ඇඳුම් දමද්දී එතැනට පැමිණෙන එන්වර් ඇයට යනන්ට ඕනේ නම් ඇයට යන්න ඉඩ දෙන්න කියා පවසනවා.

ඉතිං මෙලස නිවසින් සිරින් යන අතරේ ඇය සව්ඩ්ස්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඇයට ලොකු කරදරයක් වු බව පෙන්වමින් රඟපාමින්,ඇයගේ නිවසේ ලොකු ප්‍රශ්නයක් සිදු වු බවත් ඇය තාත්තා සමඟින් රණ්ඩු කල බවත් ඉන්පසු ඔවුන් ඇයට නිවසින් එළියට ඇඳ දැමු බවත් කියමින් බොරුවට ඔහුගේ උදව් ඉල්ලමින් හඬන්නට පටන් ගන්නවා. ඉතිං එත් එකක්ම ඇයට මේ අවස්ථාවේ උදව් ඉලන්නට කවුරුත් නැති බව සිරින් පවසද්දී ඇයගේ ප්‍රශ්න වලට ඔහුව ගාවගනන්ට එපා කියාත් ඔහුට යළිත් කතා කරන්නට එපා කියාත් පවසමින් දුරකථනය විසන්ධි කරනවා. ඉතිං මේ විදියට ස්වඩ්ස් ඇයට කතා කලේ ඔහුගේ දුව වන පිරල්ට වු පොරෙන්දුව නිසයි. ඉතිං ඉන්පසු කිසිවක් සිතාගත නොහැකිව සිරින් වාහනයේ නැග ඇයට යනන්ට තැනක් ගැන කල්පනා කරමින් යනවා.ඔය අතරේ දොරුක් සාප් සහ බහාර් සමඟින් කෑම කමින් සිටින අතරේ අරිෆ් විසින් ඔහුට තෑගි කල අශ්වයා පසුදිනයෙදී පාසලට රැගෙන යන බව කියමින් දොරුක් අශ්වයාව සොයද්දී එය නිවසේ හමුවුයේ නැති හෙයින් එය කොහේද කියා සාප්ගෙනුත් විමසනවා.

ඉන්පසු ඔහු එය දැක්කේ නැති බව කියමින් ඔහුගේ නිවසේත් තිබෙනවාද කියා බලන්නම් කියා දොරුක්ට සාප් බොරු කියනවා. ඉන්පසු එතැනත් එය නොතිබුණු හෙයින්අම්මාට කතා කර ඔවුන්ගේ නිවසේ අරිෆ් තෑගි දුන් අශ්වයා නිවසේ ඉන්නවා අසද්දී ගොතගහමින් ආනිස් එසේ අශ්වයෙක් ඔවුන්ගේ නිවසේ නැති බව පවසනවා.ඇය එලෙස අමුතුවට එය පවසද්දී බහාර්ට තේරුණා එම අශ්වයාට කුමක් හෝ දෙයක් සාප් විසින් කරන්නට ඇති බව.ඉතිං ඉන්පසු බහාර් දොරුක් සමඟින් අරිෆ්ගෙන් එම අශ්වයා ගැන අහන්නට යන්න සූදානම් වෙද්දී සාප් කලබල වී ඔහු එය බලන්නම් කියද්දී ඔහු කරදර විය යුතු නැති බවත් එය ඔවුන්ට සොයා ගත හැකි බවත් කියමින් බහාර් දොරුක් සමඟින් අරිෆ්ගේ නිවසට යනවා.ඉන්පසු අරිෆ්ගෙනුත් එය ඔහු ළඟ තිබනෙවාද කියා බහාර් විමසද්දී ඔහු එය ගත්තේ නැති බවත් එය නිවසේ කොහේ හෝ තැනක ඇති බවත් කියමින් දුකින් සිටින දොරුක්ගේ හිත හදන්නට උත්සහා කරනවා. ඉතිං ඉන්පසු දොරුක් එතැනින් ගිය පසු බහාර් ළඟට පැමිණෙන සාප්, ඔහු එය කඩා අරිෆ් සමඟින් තිබු කේන්තියට කඩා දැමු බවත් එහෙයින් ඔහු අලුත් එකක් ගෙනත් දෙන්නම් කියාත් සාප් පවසනවා.

ඉන්පසු සාප්ව සොයා පැමිණෙන අරිෆ් දොරුක්ට ඔහු විසින් ලබා දුන් තෑග්ගට කුමක්ද කලේ කියා කේන්තියෙන් අසද්දී ඔහු එය කඩා දැමු බවත් අශ්වයාගෙ මෙන් ඔහුගේ ඔළුවත් කුඩු කරන්නද කියාත් සාප් කේන්තියෙන් අසද්දී ඔහුත් සමඟින් තිබෙන තරහට දොරුක්ගෙන් පළි ගන්නේ ඇයිද අසමින් දොරුක් කියන්නේ ඔහුගේම දරුවා නේද කියා කෑගසා අසනවා. ඉන්පසු ඔවුන් දෙදෙනා එයට රණ්ඩු වෙමින් කෑසමින් ගහගනන්ට උත්සහා කරද්දී එය ඇසෙන බහාරුත් සෙයිඩාත් කලබල වී සාප්ගේ නිවසට පැමිණ ඔවුන්ගේ රණ්ඩුව නතර කරමින් ඔවුන් නිසා ඇයගේ දරුවන් බය වන බවත් ඔවුන් දෙදෙනා නිසා දරුවන්ගේ ඔළුව අවුල් වන බවත් කියමින් බහාර් ඔවුන් දෙදෙනාටම බැන වදිනවා. ඉන්පසු ඇයට ඔවුන් දෙදෙනාම එපා වෙලා බවත් ඔවුන් සමඟින් ඇයට සම්බන්ධයක් නැති බවත් කියමින් ඔවුන් දෙදෙනාටම ඇයගේ ජිවිතේ ඉඩක් නැති බව පවසනවා.ඉතිං ඉන්පසු බහාරුත් සෙයිඩාත් නිවසේ ඉන්න අතරේ ඔවුන් සොයා පැමිණෙන සිරින් , තාත්තාත් සමඟින් රණ්ඩුවකත් සිදු වුන බවත් ඔවුන් ඇයව නිවසින් පන්නා දැමු බවත් පවසමින් එහෙයින් ඇය බහාර් සමඟින් ටික දිනක් එම නිවසේ ඉන්නට තීරණය කල බව පවසනවා. ඉන්පසු බහාර් ඇයට ඇයත් සමඟින් නිවසේ ඉන්නට ඉඩනොදීම හේතුවෙන් ඇයට බැන වැද ඇය එම්රේගේ නිවසට යන බව කියමින් සිරින් එතැනින් යනවා.

ඉන්පසු යළිත් පසුදින එම්රේ සමගින් අර්ඩාව රැගෙන යන්නට සෙයිඩාගේ නිවසට පැමිණෙන සිරින්ව දකින බහාරු සහ සෙයිඩා ඇය දෙස පුදු වී බලා සිට ඉන්පසු කේන්තියෙන් සිරින් වාහනයේ සිටින්නේ ඇයිද කියා එම්රේගෙන් විමසනවා.ඒ වේලාවේ ඔහුගේ වාහනයේ කවුරු සිටියත් ඇයට වැඩක් නැති බව එම්රේ පවසනවාත් සමඟම ඇයට එය වැඩක් නැති බව ඇත්ත බවත් නමුත් ඇගේ දරුවා වාහනයේ යන හෙයින් ඇයගේ දරුවාව එලෙස තනිව සිරින් සමගින් යවන්නට බැරි බව පවසනවා. ඉන්පසු දරුවාව ඔහුට රැගෙන යන්නට ඉඩදෙන්න කියා එම්රේ ඉල්ලි සිටිද්දී ඔහු තවම සිරින්ගේ ඇත්ත නොදන්න බවත් පවසද්දී ඔහු සියළු දේ දන්නා බවත් සිරින් ඇගේ මස්සිනා වන සාප් අතින් අනාත වී ඇති බවත් එයව කවුරුත් නොදන්නා බවත් පවසද්දී බහාරුත් ඔහු ඒ කියනා දේ අදහගත නොැහැකිව අසා සිටිනවා. ඉතිං ඉන්පසු අර්ඩාවත් රැගෙන එම්රේ සිරින් සමඟින් සෙයිඩාගේ ගමට යමින් සිටියදී වාහනය මඟ නතර කරන්න කියන සිරින් ඇය මුහුණ සොදාගෙන එන්නම් කියා එතැනින් යනවාත් සමඟම එම්රේගේ දුරකථනයට කෙටි පණිවිඩ කිහිපයක් පැමිණෙනවා.

ඉන්පසු එය දැක පුදුම වී කලබල වෙන එම්රේ ඇය එනතෙක් වාහනයෙන් බැස බලා සිටින අවස්ථාවේ ඔහු එළියට වී බලා සිටින්නේ කවුරු එනතෙක් ද කියා විමසද්දී වාහනයක් එන තෙක බලා සිටින බවත් ඔවුන් යන්න ආ ගමන යන්නේ ඔහු සහ ආර්ඩා පමණක් බව කියමින් වාහනයක් ආ පසු ඇයට යළිත් ගෙදර යන්න කියා පවසනවා. ඉන්පසු ඔහුට කවුරුන් හෝ කෙනකු විසින් පින්තුර කිහිපයක් එවු බවත් ඒවායේ ඇය අනාත කලා කියු මස්සිනා සමඟ ඇය ඉතා සතුටින් සිටිනවා දැකපු බවත් එම්රේ පවසනවාත් සමඟම සිරින්ට කරකියා ගන්නට දෙයක් නොමැතිව ඇය ඒ කිසිවක් නොදන්නා බවත් ඒවා බොරුවට ගත් ඒවා බවත් කියා සිරින් පවසද්දී ඇගේ මේ බොරු රඟපෑමට අහුනොවී එම්රේ ඇයට වාහනයේ නැග යළිත් නිවසට යන්න කියා පවසනවා.මේ වේලාවේ ඇති වු ප්‍රශ්න නිසා අසනීපයෙන් සිටින බහාර් ළඟට බෙහෙත් රැගෙන පැමිණෙන සෙයිඩා ,ඇයට ප්‍රශ්න ගැක කල්පනා කරන්නට එපා කියා පවසමින් සිටින අතරතුරේ බහාර්ට එන්වර් දුරකථන ඇමතුමක් ලබා දී ඇයට දැන සනීපද කියා අසනවා. ඒ අවස්ථාවේ ඇයට අසනීපයක් නැති බවත් ඇය ගැන කල්පනා කර ඔහුට අසනීප වෙන්නට එපා කියාත් බහාර් ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

ඔය අතරේ දිගින් දිගටම බහාර්ගේ අසනීප තත්ත්වයේ වෙනස් නොතිබුණු හෙයින් ඇයව බලන්නට පැමිණෙන ආනිස්, ඇගේ මුහුණත් සුදුමැළි වී ඇති හෙයින් වෛද්‍යවරයෙක් හමුවන්නට ගොස් බෙහෙත් ලබා ගනිමු කියා දිගින් දිගටම ඉල්ලා සිටිය හෙයින් ඇයත් සමඟින් වෛද්‍යවරයෙක් හමුවන්නට යන්න කැමති වනවා. ඉතිං ඉන්පසු බහාර් ආනිස් සමඟින් පාරේ ඇවිදමින් කතා කරමින් යන අතරේ ආනිස්ට බය වෙන්නට එපා කියාත් ඇයට අමාරුවක් නැති බවත් බහාර් පවසනවා. ඉතිං ඒ වේලාවේ ඇය යන දෙස අරිෆුත් කඩය අසළයට වී බලා සිටිනවා. එත් එකක්ම සාප් සමඟින් දොරුක් සහ මිසන් ඈත සිට එනවා දුටු බහාර් ඔවුන් දෙදෙනාට අත වනමින් සිනාසෙනවාත් සමඟම ඇගේ අම්මාගේ අත අත් හරිමින් ඇය එකපාරටම බිම ඇඳ වැටෙනවා. ඒ වේලාවේ ඇය එලෙස අඳ වැටෙනවා දුටු සාපුත්, අරිෆුත් කෑගසාගන ඇය ළඟට පැමිණ ඇයට කතා කරන්න කියා දිගින් දිගටම පැවසුවත් ඇය ඇස් ඇරියේ නැහැ.ඉන්පසු ඇයව ඔසවා ගන්නා සාප් වාහනයට නැග අරිෆ් සමඟින් රෝහල කරා යනවා. ඉතිං මේ වේලාවේ වාහනයේ යන අතරතුත් සාප් බහාර්ට කතා කරමින් ඇයට සිහිය ගන්නට උත්සහා කලත් ඇයට සිහිය ආවේ නැහැ. මේ වේලාවේ වහානය පදවමින් සිටි අරිෆ් පිටුපසම හැරි බහාර් දෙස බලනවාත් සමඟම තවත් වාහනයක ගැටී ඔවුන් සිටි වාහනය ගිනි ගනිමින් කිසිවක් නෙපෙන්වාම ඉතාම වේදනාත්මක ලෙස කිසා නාට්‍ය අවසානය සිදුවනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *